Seo Services

ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාව නයෝමි ජපානයට රැගෙන යයි

 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
ඔස්ටේ‍්‍රලියානු ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කාන්තා ටෙනිස් ශූරතාවට හිමිකම් කීමට ජපානයේ නයෝමි ඔසාකා සමත් විය. ඒ අනුව අවසන් තරගයේදී චෙක් රාජ්‍යයේ පෙට්රා ක්විටෝවා පරාජයට පත් කරමින් අදාළ ශූරතාවයට හිමිකම් කීමට නයෝමි ඔසාකා සමත් වූවාය.

 දෙදෙනා අතර පැවැති පළමු වටයේ තරගයේදී ඉතාම තියුණු තරගයක් ජය ගැනීමට හැකිවූ අතර එහිදී පළමු තරගය 7-6ක් ලෙස නයෝමි ජය ගත් අතර 5-7ක් ලෙස දෙවැනි තරගයේ ජය හිමිකර ගැනීමට පෙට්රා සමත් වූවාය. තීරණාත්මක අවසන් වටයේදී ආකම‍්‍රණශීලී ලෙස තරගයට අවතීර්ණ වූ නයෝමි 6-4ක් ලෙසින් ජයග‍්‍රහණය වාර්තා කළාය. මෙම ජයග‍්‍රහණයත් සමග ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් තුළ දෙවැනි ස්ථානයේ පසුවූ නයෝමි එහි පළමු ස්ථානය දක්වා උසස්වීම් ලැබීමට සමත් වූ අතර අවසන් තරගය පරාජයට පත්වුවත් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ අටවැනි ස්ථානයේ පසුවූ පෙට්රා එහි 6වැනි ස්ථානය දක්වා උසස්වීම ලැබීමටද සමත් වූවාය.

 අදාළ ශුරතා ජයග‍්‍රණයත් සමග නයෝමි ඔසාකා පිට පිටම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවන් දෙකකටම හිමිකම් කියා ඇති අතර එය ඇමරිකාවේ සෙරීනා විලියම්ස්ගේ වාර්තාව සම කිරීමක්ද වේ.

ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාව නයෝමි ජපානයට රැගෙන යයි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාව නයෝමි ජපානයට රැගෙන යයි Reviewed by CHAA MEDIA on January 27, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.