Seo Services

දේශපාලනඥයකුට නොව මානව හිතවාදියකුට වෙඩි තැබූ එදවස


wi3 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09 රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිව් දෙනකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියටි‍්‍රස් වූ අතර පියා ගම් මුලාදෑනියෙකු වූ බෙන්ජමින්ය. සිඞ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ. කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඕ සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.

wi1
සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969 දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ප‍්‍රියංගා චිත‍්‍රපටයෙන් ප‍්‍රධාන චරිතය 1971 දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත‍්‍රපට හතරක් තිරගත විය. ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාරා චිත‍්‍රපටය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප‍්‍රියත්වය කෙතරම්ද යත් 1976 දී තිරගත වූ චිත‍්‍රපට හතකම ප‍්‍රධාන නළුවා වූයේද ඔහුය.

wi2

ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත‍්‍රපට සංඛ්‍යාව 114 කි. එයා දැන් ලොකු ළමයෙක් (1975*, බඹරු ඇවිත් (1977*, ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980* ඒ අතරින් ප‍්‍රධාන වේ. ජනප‍්‍රිය නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කළ ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය.

wi4
සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977 දී තරගකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡුන්ද 4,218 කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකගේ සහ

අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කනිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය. ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20 පැවති ජනාධිපතිවරණයේදී ක‍්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මගින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19 අත්අඩංගුවට ගන්නා ලදී.

මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ‍්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත‍්‍රීවරයා වූයේ වැඩි ඡුන්ද 45 කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25 ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡුන්ද 10,568ක් ලබා ගත්තේය. ශ‍්‍රීලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප‍්‍රිය සේනානායකට හිමිවූයේ ඡුන්ද 6,250 ක් පමණි. ජයග‍්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත් වූ එස්. බී විජේකෝන්ට ඡුන්ද 19,744ක් හිමිවිය.

ශ‍්‍රී ලංකා මහජන පක්ෂය ටී. බී. ඉලංගරත්න ඇතුළු ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සමඟ 1984 ජනවාරි 22 පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී. බී. ඉලංගරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැුසක් මහජන පක්ෂයෙන් ඉවත්වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ‍්‍රී ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28 පැවති පක්ෂයේ සිව්වන සංවත්සර රැුස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11 පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප‍්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමිවිය. එම පෙරමුණේ මංගල රැුලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ජවිපෙ සන්නද්ධ අංශය වන දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊළමට පක්ෂ වාමාංශිකයන් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශපේ‍්‍රමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25 නිකුත් කළ නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මගින් 1987 නොවැම්බර් 29 ඝාතනය කළ අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11 ඝාතනය වූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදරගේ අවමඟුල් උත්සවයන්ටද විජය සහභාගි වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය.

ඉන්දු ලංකා ගිවිසුමට සිය ප‍්‍රශංසාව පළකර සිටි විජය ඉන්දිය හමුදාව ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසඳාගැනීමට හැකිවනු ඇතැයි සිය සතුට පළකර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත් කළ අතර මහජන පක්ෂය සහ විජයද දේශද්‍රෝහීන් ලෙස නම් කෙරෙණි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.

උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16 පස්වරු 12.20 ටය. විජයගේ මුහුණටද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14 ක් හමුවිය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30 ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කළ හැකිය.

විජයගේ ආදාහනය 1988 පෙබරවාරි 21 කොළඹ 07 නිදහස් චතුරශ‍්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමඟුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කළ අතර එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට අවමඟුලක් සජීව ලෙස විකාශය කළ අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩිවැදී තුවාල සිදුවූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත‍්‍ර ශිල්පී සරත් උපාලිද බරපතළ ලෙස රෝගාතුරව සිට 1988 අපේ‍්‍රල් 25 කොළඹ මහ රෝහලේදී මිය ගියේය.

කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි. එමෙන්ම මව්බිමේ සියලූ සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21 ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත‍්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද ද්‍රෝ්හීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු.’

විජය කුමාරතුංග ඝාතන තීරණය සැලසුම් කළේ කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න හෙවත් ජයන්තය. තොරතුරු සෙවීම කොලොන්නාවේ පියසිරි ගෙනි. සාකච්ඡුා පැවැත්වූවේ පිළියන්දල සෙන්ට් මිචල් හෝටලයේදීය. ලයනල් රණසිංහට කොන්ත‍්‍රාත්තුව ලැබී තිබුණේ ටාසන් වීරසිංහගේ මාර්ගයෙනි. විජය ඝාතනය සඳහා යොදවාගත් තුවක්කුව එවකට එජාප ආණ්ඩුවේ ඇමැතිවරයෙකු වූ ගාමිණී ලොකුගේ ගේ ආරක්ෂක භටයෙකු ගෙන් ජවිපෙ පැහැරගත් ගිනි අවියකි.

විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනකු වූ අතර ඉන් සිව් දෙනකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක් වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8 වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13 දාය. කලක් කළුතර ඇසෝසියේටඞ් මෝටර්වේස් සමාගමේ සේවය කළ ඔහු පසුව ලංගම රියැදුරෙකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස්රථයේ කලක් කටයුතු කළ අතර පසුව

රැුකියාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්විය.

සිය පවුලේ සාමාජිකයන් ගේ විරෝධය මැද ටාසන් වීරසිංහ අවාහ වූයේ පද්මිණී සමඟය. පද්මිණී කියා සිටියේ 1989 දෙසැම්බර් 23 තමා සමඟ ටාසන් අඟුලාන දුම්රිය පළෙන් බැස

ගමට පැමිණි බවත් ගෙදර යෑමට නොහැකි බව පවසා නතර වූ බවත්ය. ටාසන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ 1990 දෙසැම්බර් 25 මොරටුව අඟුලානේ පිහිටි ඔහුගේ හිතවතෙකු වූ නිමල් ගුණසිංහගේ නිවසට ගියෝය. එහි ඔහු නොසිටි අතර පසුව අඟුලාන නිවස ආසන්නයේදී එහි පැමිණි ටාසන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට ටාසන් ඉදිරිපත් කරන තුරු 1990 දෙසැම්බර් 23 පස්වරු 2 ට අත්අඩංගුවට ගත් නිමල් ගුණසිංහගේ පුතා වන 15 හැවිරිදි සරත් කුමාර අත්අඩංගුවේ රඳවාගෙන තිබිණි. සරත් කුමාරගේ මව රම්‍යලතාද ප‍්‍රකාශ කළේද සිය නිවස ඉදිරියේදී ටාසන්ව පොලිස් අත්අඩංගුවට ගත් බවය. පසුව ටාසන් හතරවන තට්ටුවේ රඳවන ලදී. අනතුරුව මාස 3 කට පසු ඝාතනයට ලක්වී තිබේ.

විජය කුමාරතුංග ඝාතනය කළ පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික

ගමන්මඟ අනුව ක‍්‍රියාවට නැගූ ජවිපෙ 2 වැනි කැරැුල්ලේදී ඝාතන 41ක් සිදුකළ ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලට ගිය ලේඛකයා ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව

ප‍්‍රායෝගිකත්වය ක‍්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාව සහ සමාජ පීඩනය නිසා රැුඩිකල් දේශපාලනයට එක්වූ තරුණයෙකුගේද කථාවකි.

රත්නපුර කුරුවිටදී ලයනල් උපන්නේ 1962 දීය. හොරණ රත්නපුර පාරේ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැඳින්විණි. ලයනල්ගේ පියා 1930 අපේ‍්‍රල් 19 කෑගල්ල පාලමුරේදී උපන් පාලම්මුල්ලලාගේ තේගිරිස්ය. ඔහු කුරුවිට පොලිසිය ඉදිරිපිට හුණු කඩයක් පවත්වාගෙන ගියේය. දෙල්ගමුවේ උපන් ලයනල්ගේ මව වූ වැලිකලගේ සිසිලින් නෝනාට දරුවන් පහකි. ලයනල් සහ ඔහුගේ කනිටු සොහොයුරා වූ සුනිල් මවගේ ප‍්‍රථම විවාහයේ දරුවන්ය. ලයනල් පවුලේ වැඩිමලාය.

ලයනල්ගේ මල්ලී වන 1963 අපේ‍්‍රල් 13 උපන් සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2 ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන්ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනකු සහ පුතෙකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවසට ගෙන ගිය අතර ඔහුට වෙනස්කරන බවට චෝදනා කළ මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඞීමටද ලයනල් යොමුකර තිබූ අතර පාසල්ද යවා තිබුණේ නැත.

n12 5ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප‍්‍රනාන්දු සමඟ විවාහවී හොරණ මූණගමට සංක‍්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කළ අතර උග‍්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති පේ‍්‍රමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක්ද ඔහුට 1979 දී හිමිවිය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසල්

ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයන් 7 ක් සම්මාන සාමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවෙකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑම කන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනකුම ඔහු ළඟට පැමිණීම සුලඹ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැුල්ලේ පැවැත්විණි.

මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනකු බිහිකළ අතර ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත්වීමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවසට කැඳවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළු වූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැුසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අලෙවි සලක් අසල කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලූවක් දෙමිනි. ඉඳහිට කුලීවැඩටද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මවද පොළේදී එළවළු අලෙවි කිරීමට සහ කඩල විකිණීමටද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය.

හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගි වූ අතර ඒ වන විට ඔහුට අවුරුදු 16 කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයා වූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවෙකු වූ අතර 1982 දී උපාධිධාරියෙකු වශයෙන් පිටවිය. ජවිපෙ ජනාධිපතිවරණයට තරගකර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි.

ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල් වූ අය අතර තවත් ප‍්‍රමුඛයන් දෙදෙනකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය. වෛද්‍ය නිහාල් අබේසිංහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයෙකු වශයෙන් විදේශයක සේවය කරනු ලබයි.

ජවිපෙට පූර්ණකාලීනයෙකු ලෙස ලයනල් සම්බන්ධවන්නේ 1981 දීය. අපේ‍්‍රල් 5 විරු සමරුවක් 1981 අපේ‍්‍රල් 2 කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයෙක් ලෙස රාජකාරි කළේද ලයනල් රණසිංහය. එහි පසක යෝධ පුවරුවක සටහන් වූයේ ”බැඳ දැම්මත් අප අත් යදම් වලින් නැගිටිනවා සිකුරුයි.... ගිගුම් දෙමින් මව්බිම සුරකින රතු බල සේනා මැදින් අපි එනවා...” යන්නය. විරු සමරුවේ තමා සිටින ඡුායාරූප නිවසට ගෙනවිත් පවුලේ අයටද බලන්නට දුන්නේය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු

ගොවියෙකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස පසුව සේවය කළේය.

යළිත් හොරණට පැමිණ 1984 දී බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළුද සෙසු දිනයන්හිදී රටකජුද විකුණූ ලයනල් ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට 1986 දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුද හමුදා ස්වෙච්ඡුා බළකායට බැඳීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරීක්ෂණයට

ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක්ද 1987 මැයි 6 ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැුස්කිරීම සඳහා කළ මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය.

ලයනල් රණසිංහ ඇතුළු 5 දෙනකු ජවිපෙට අරමුදල් සපයා ගැනීම සඳහා කළ මංකොල්ලයකදී 1987 අපේ‍්‍රල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා

බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙනයන විට බොල්ගොඩ පාලම අසලදී ජේලර්ලාට පහරදී පලාගියේ පිටතින් ලැබුණ ජවිපෙ සහායද සමඟිනි. පොලිසිය ලයනල් අත්අඩංගුවට

ගැනීමට නිවසට පැමිණි අතර ඒ වන විටද ඔහු නිවසින් පැන ගොස් තිබිණි. ඉන් පසු ලයනල් නිවසට මව බැලීමට ආවේ ඉඳහිටය. ලයනල් හමුවීමට නිවසට එන ජවිපෙ කළුතර දිස්ත‍්‍රික් සාමාජිකයෝද ඉන් පසු නිවසට පැමිණියේ නැත.

අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහුණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ප‍්‍රථමයෙන් 1986 දෙසැම්බර් 13 බදුල්ලේ බඹරකන්දේදී සතියක පුහුණුවක්ද, 1987 අපේ‍්‍රල් 12 ශ‍්‍රීපාද අඩවියේදී සතියක අවි පුහුණුවක්ද 1988 මාර්තු 17 රත්නපුර කුරුවිට ශ‍්‍රීපාද අඩවියේදී නැවත වරක් අවි පුහුණුවක්ද ලබා ගන්නා ලදී. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් තනා එයට පහරදී යටත් කරගෙන අවි පැහැර ගැනීමේදී පෙරහුරුවක්ද පවත්වන ලදී. මෙහිදී හමුදාවෙන් පලා ආ ජවිපෙ සාමාජිකයන් විසින් යුද පුහුණුව ලබාදුන් අතර ඔත්තු බලන ආකාරය, වෙඩිතැබීම ඇතුළු බොහෝ දෑ උගන්වනු ලැබීය.

ලබන සතියට
ධර්මන් වික‍්‍රමරත්න

උපුටා ගැනීම - ඉරිදා දිවයින වෙබ් පුවතින්
දේශපාලනඥයකුට නොව මානව හිතවාදියකුට වෙඩි තැබූ එදවස දේශපාලනඥයකුට නොව මානව හිතවාදියකුට වෙඩි තැබූ එදවස Reviewed by CHAA MEDIA on January 19, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.