Seo Services

බෙහෙත මාත්‍රාව වැරදුණොත් මරණය....!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
පදම වැරදුණොත් මරණයත් නියත විස්මිත බෙහෙත: warfarin
දුම් පානය, ව්‍යායාම අවම වීම, තෙල් මේදය අධික ආහාර වැනි අයහපත් ජිවන පුරුදු නිසා රුධිරය කැටි ගැසිම හේවෙන් ඇතිවන රෝග තත්ත්වයන් වැළඳීම අද ඉහළගොස් තිබෙනවා. ඔබත් දන්නා පරිදි ශරීරය තුළ අසාමාන්‍ය ලෙස රුධිරය කැටි ගැසීම අංශභාගය වැනි දරුණු රෝගවලට ප්‍රධාන හේතුවක්. හදිසි හෘදයාබාධ සඳහා ද ප්‍රධාන හේතුව මෙයයි.  ඔබට එවන් තත්ත්වයක් ඇත්නම් ඔබේ වෛද්‍යවරයා විසින් වෝෆරින් (warfarin) නම් ඖෂධය ඔබට නියම කරනවා.
වෝෆරින් යනු රුධිර ප්‍රතිකැටිකාරකයක් (anti-coagulant) හැටියටයි හැඳින්වෙන්නේ. සරලව කියනවා නම් එය රුධිරය කැටි ගැසීම අවම කරන ඖෂධයක්. මේ ඖෂධය භාවිතා කරන විටදී ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම ඉතාම වැදගත්. එම ඖෂධය නිවැරදි මාත්‍රාව හා උපදෙස් නොපිළිපැදීම මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන් නිසයි.
සාමාන්‍යයෙන් වෝෆරින් ඖෂධය ලබාදීමට පෙර ඔබව ඔබේ වෛද්‍යවරයා විසින් හොඳින් ඒ ගැන දැනුවත් කරනවා. ඒ වගේම වෝෆරින් ඖෂධය ගැන විස්තර ඇතුළත් පත්‍රිකාවක් ද ඔබට ලබාදෙනවා. ඒ උපදෙස් පිළිපැදීම ඉතාම වැදගත්. දැන් අපි මේ  ඹෟෂධය නිවැරදිව භාවිතය සිදු කරන අයුරු බලමු!
රුධිරය කැටි ගැසීම අවම කරන නිසා මෙය භාවිතා කරන අයගේ රුධිර වහනය ඉහළයි. මේ නිසා දන්ත වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා විට මෙන්ම ශරීරයේ තවාල සිදු වූ විට වෝෆරින් ලබාගන්නා ඔබට ලබාදි ඇති පත්‍රිකාව ඔහුට පෙන්විය යුතුයි. හැකි හැම විටම කැපීම්, සීරීම්, කැඩුම් බිදුම් වැනි අනතුරුවලින් ආරක්ෂා විය යුතුයි. තුවාල වීමේ අවදානම් ක්‍රියාවලින් හැකිතාක් වළකින්න. පිහි, මන්න භාවිත කරන විට සැලකිලිමත් වන්න.
පෙති සහ පත්‍රිකාව හැම වෙලාවකම ළඟ තබා ගන්න. නියමිත මාත්‍රාව මතකයේ තබාගන්න.
පුරුද්දක් ලෙස දවසේ එකම වේලාවකට මෙය ලබා ගැනීමෙන් අතපසුවීම් වළක්වා ගත හැකියි.
මෙම ඖෂධය ලබාගන්නා විට නියමිත දිනට සායනයට ගොස් අදාළ රුධිර පරීක්ෂණවලට (INR test) සහභාගිවීම ඉතා වැදගත්.
මෙය ලබා ගන්නා කාලයේදි රතු පැහැති හෝ කළු පැහැති මළ හෝ මුත්‍රා පිටවීමක් වූ විටදී, නාසයෙන් රුධිර වහනය වීමකදී, මාසික ශුද්ධ වීම පෙරට වඩා වැඩි දින ගණනක් සිදු වනවිට, වෙනත් අවස්ථාවල යෝනි මාර්ගයෙන් වන රුධිර වහනයකදී හෝ නොනවත්වා සිදුවන ඕනෑම රුධිර වහනයකදී ඉක්මනින් වෛද්‍යවරයා දැනුවත් කරන්න.
විටමින් K අඩංගු ආහාර ඖෂධයේ ක්‍රියාකාරීත්වයට බලපාන නිසා ආහාර පුරුදු ඒකාකාර ලෙස පවත්වා ගැනීම වැදගත්. විටමින් කේ සහිත ආහාරවලින් වැළකීම සුදුසුයි.
පලා වර්ග කැඳ වර්ග භාවිතයට වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගත යුතුයි.
වෝෆරින් (warfarin) ඖෂධය වෙනත් ඖෂධ හා ක්‍රියා කළ හැකි නිසා වෛද්‍ය අනුමැතිය රහිතව වෙනත් ඖෂධ ලබා නොගන්න.
එසේ කිරීම මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන්.
ගර්භනි ඔබගේ කළලයට මෙම ඖෂධ හානිදායක විය හැකි නිසා ගැබ්ගැනීම් හොඳින් සැලසුම් කළ යුතුයි.
බලපොරොත්තු නොවූ ගැබ් ගැනීමකදී හැකි ඉක්මනින් වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගත යුතුයි.
කකුල්වල අධික වේදනාවක්, අතපය හිරිවැටීමක්, පණ නැතිවීමක්, පෙනීම වෙනසක් ඇති වුවහොත් එය ටික වේලාවකින් නැවතුනත් නොපමාව වෛද්‍යවරයා හමුව උපදෙස් ගත යුතුයි.
- සුගත්
උපුටා ගැනීම - දේශය වෙබ් අඩවියෙන්
බෙහෙත මාත්‍රාව වැරදුණොත් මරණය....! බෙහෙත මාත්‍රාව වැරදුණොත් මරණය....! Reviewed by CHAA MEDIA on January 19, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.