Seo Services

රුලං මිශ්‍ර ‍පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය:-
සීනි ග්‍රැම් 125
බටර් ග්‍රෑම් 375
බිත්තර 15යි
රුලං ග්‍රෑම් 500
‍පොල් ගෙඩියකින් පමණ
සාදා ගත් පැණි ‍පොල් ග්‍රෑම් 150
කජු මද ග්‍රෑම් 150
එන්සාල් ඇට 2-3ක්
වැනිලා බිංදු 2-3ක්
 සාදන ආකාරය:-
බිත්තර කහමද සහ සුදු මද වෙන්කර ගන්න. සීනි සහ බටර් බඳුනකට දමා බිට් කර ගන්න. දැන් එයට බිත්තර කහමද ටික ටික එකතු කරන්න. පිරිසිදු වියළි බඳුනක් ගෙන එයට බිත්තර සුදුමද දමා හොඳින් ගසා ගන්න. එය හිම මෙන් බිට් වූ පසු සාදාගත් මිශ්‍රණය එයට එකතු කරන්න. ඉන්පසු එයට සාදාගත් පැණි‍පොල් මිශ්‍රණය, කුඩුකරගත් කජු, බැදගත් රුලං සහ වැනිලා, තලාගත් එන්සාල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් තෙල් කඩදාසි දමා සකසා ගත් තැටියක අතුරා  150C  උෂ්ණත්වයේ පැයක් පමණ පුළුස්සා ගන්න
රුලං මිශ්‍ර ‍පොල් කේක් රුලං මිශ්‍ර ‍පොල් කේක් Reviewed by CHAA MEDIA on January 03, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.