Seo Services

එග්ලස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය:-
පාන්පිටි අඬු කෝප්ප 2
බටර් ග්‍රෑම් 175
‍පොඩි ටින් කිරි ටින් 1යි
වතුර අඬු කෝප්ප 1
සිහින්ව කපාගත් කජු අඬු කෝප්ප 1
ලුණු ස්වල්පයක්
බේකිං පවුඩර් හැඳි 3
වැනිලා තේ හැඳි 1
සාදන ආකාරය:-
බටර් බඳුනකට දමා දියවන තුරු බිට් කරගන්න. එයට ටින්කිරි සහ වතුර එකතු කර රත්කර ගන්න. හැඳි ගාමින් මිශ්‍ර කරන්න. දැන් එයට කජු එකතු කර විනාඩි කීපයක් රත්කර ළිිපෙන් බා ගන්න.
පිටි හා බේකිං පවුඩර් මිශ්‍ර කර හලා ගන්න. දැන් මෙම පිටි මිශ්‍රණය ඉහත සාදාගත් ද්‍රාවණයට ටික ටික දමමින් හොඳින් බිට් කර ගන්න. ලුණු වැනිලා එකතු කරමින් නැවත බිට් කරන්න. මෝල්ඩ් එකක් ගෙන එයට බටර් ආ‍ලේප කර, තෙල් කොළයක් දමා පිළියෙල කරගත් තැටියක දමා පුළුස්සා ගන්න. 150ංC පැය 1 1/2 පමණ පුළුස්සා ගෙන කැමති ලෙස සරසා ගන්න.
එග්ලස් කේක් එග්ලස් කේක් Reviewed by CHAA MEDIA on January 03, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.