Seo Services

ස්‍පොන්ජ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය:-
සිහින් සීනි ග්‍රෑම් 100
පාන් පිටි ග්‍රෑම් 100
බේකිං පවුඩර් තේ හැඳි 1
බිත්තර 4යි
වැනිලා තේ හැඳි 1
දෙහි යුෂ තේ හැඳි 1
සාදන ආකාරය:-
පිටි වලට බේකිං පවුඩර් මිශ්‍ර කර හොඳින් හලා ගන්න. බිත්තර කහ මද සහ සුදු මද වෙන් කර ගන්න. වියළි බඳුනක් ගෙන එයට සුදුමද ටික දමා හිම මෙන් ගසා ගන්න. දැන් මෙයට බිත්තර කහමද එක එක දමා ගසන අතරේ දෙහි යුෂ සහ වැනිලා ද එකතු කරගන්න. දැන් පිටි මිශ්‍රණය ටික ටික දමා හැන්දකින් කලවම් කරගන්න. බටර් ගා ගත් තැටියක පිටි ස්වල්පයක් ඉස සකසා ගන්න. දැන් කේක් මිශ්‍රණය දමා 175ංජ උෂ්ණත්වයේ මිනිත්තු 20ක් බේක් කර ගන්න.
ස්‍පොන්ජ් කේක් ස්‍පොන්ජ් කේක් Reviewed by CHAA MEDIA on January 03, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.