Seo Services

සීනි සහ පිෂ්ඨය සහිත ආහාර ගැනීමත් පිළිකා අවදානමක්

සීනි පරිභෝජනයත් පිළිකා වර්ධනයත් අතර පැහැදිලි සම්බන්ධථාවයක් ඇතිබව සොයා ගන්නා ලද්දේ 1931 ක් තරම් ඈත අතීතයකදීය. ජර්මන් ජාතික ජීව විද්‍යාඥයෙකු වූ ඔටෝ හෙන්රිච් වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලබන්නේ එම අගනා සොයා ගැනීම සඳහායි.
ටියුමර් නැතිනම් උග්‍ර වර්ධකවල පරිවෘත්තීය බොහෝ දුරට රඳා පවතින්නේ ග්ලූකෝස් පරිභෝජනය මතය යන්න පළමු වරට සොයාගෙන මේ වන විට වසර අනූවකට ආසන්න කාලයක් ගතව තිබේ. පිළිකාවද එදාට වඩා කිහිප ගුණයකින් මිනිස් ජීවිත ආක්‍රමණය කරමින් සිටී. අවාසනාව නම් පිළිකා අවදානමෙන් යම් පමණකට හෝ අත්මිදෙන්නට තරම් අගනා සොයා ගැනීමක් සිදුව තිබියදී පවා සීනි පරිභෝජනය අවම කරන්නට මිනිසුන් උත්සුක නොවීමයි. නානා ප්‍රකාර ආහාරපාන තුළට මදි නොකියන්න රිංගාගෙන ඇති සීනි ඉවක් බවක් නැතිව පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලය අද වන විට පිළිකා හට ගැනීම කිහිප ගුණයකින් ඉහළ නැගීමය. එම සොයා ගැනීමට අනුව අධික සීනි පරිභෝජනය පිළිකා අවදානම ඉහළ නංවන්නේ කෙසේදැයි දැන් අපි විමසා බලමු.

පිළිකා රෝගීන්ට පිෂ්ඨය සහිත ආහාර වැඩිපුර ගැනීමට රුචියක් පවතින බව පර්යේෂණ මගින්ද තහවුරු වූවකි. ශරීරයේ කොතැනක හෝ පිළිකාවක් ඇතිදැයි හඳුනා ගන්නට භාවිත කරන පෙට් ස්කෑන් පරීක්ෂණයේදී ගණනය කරනු ලබන්නේ ශරීරයේ වැඩිපුරම ග්ලුකෝස් පරිභෝජනය සිදුවන ස්ථානයි. ශරීරයේ යම් තැනක ඇති ෙසෙල වැඩිපුරම ග්ලූකෝස් පරිභෝජනය කරයි නම් ඊට හේතුව පිළිකාමය තත්ත්වයක් වර්ධනය වීමක් වන්නට බොහෝවිට ඉඩ තිබේ.
සුදු සීනි අන්තර්ගත පැණි රස ආහාර පානත්, තිරිඟු පිටි ආශ්‍රිත ආහාර වර්ගත් වැඩිපුර ගන්නා විටදී රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉතා වේගයෙන් ඉහළ නැගීම සිදුවේ. එවිට එම රුධිරගත ග්ලුකෝස් යාමනය කිරීම සඳහා වැඩි වැඩියෙන් ඉන්සියුලින් ස්‍රාවය වන්නට පටන් ගනී. එම ඉන්සියුලින් සමග නිකුත් වන අයි.ජී.එස්. නම් වූ අනු විශේෂයේ කාර්යභාරය වන්නේ ෙසෙල වර්ධනය උත්තේජනය කිරීමයි. වැඩිපුර ස්‍රාවය වන ඉන්සියුලින්වලට සමගාමීව අයි.ජී.එස්. නිකුතුවන් ඉහළ නැංවීම සිදුවේ. එහි ප්‍රතිඵලය සීනි මගින් ෙසෙල ‍පෝෂණය වී ඒවා වේගයෙන් වර්ධනය වන්නට පටන් ගැනීමය. උග්‍ර වර්ධකවල වර්ධනය වේගවත් කරන්නටද මෙය ඉතා කදිම තෝතැන්නකි.
පිළිකා වර්ධනයට පමණක් නොව පිළිකා සඳහා දෙනු ලබන ප්‍රතිපිළිකා ඖෂධ වල ක්‍රියාකාරිත්වය දුර්වල කරන්නටද රුධිරගත සීනි ඉහළ මට්ටමක පැවතීම හේතු වන බව හඳුනාගෙන තිබේ. මීයන් ආශ්‍රයෙන් සිදුකරන ලද මෙම පර්යේෂණයේදී රුධිරගත ග්ලුකෝස් ප්‍රතිශතය ඉහළ අගයක පවතින විටදී ප්‍රතිපිළිකා ඖෂධ මගින් පිළිකා ෙසෙල විනාශ කිරීම ඉතා අසිරු වන බව තහවුරු විය.
අධික සීනි පරිභෝජනයත් පිළිකා වර්ධනයත් අතර පවතින සම්බන්ධතාවය තවත් තහවුරු කරන ප්‍රකාශයක් කරන මොන්ට්‍රියල් විශ්වවිද්‍යාලයේ ෙජෙව රසායන විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය රිචඩ් බේලිවෝ, 'පිළිකා වර්ධනයට උපරිම දායකත්වයක් සපයන ආහාර මොනවාදැයි කවුරුන් හෝ මගෙන් විමසුවහොත් මම එකහෙළා  කියා සිටින්නේ සුදු සීනි, සුදු තිරිඟු සහ රසායනික ආකලන සහිත බටහිර පන්නයේ ආහාරපාන බවයි යනුවෙන් කියා තිබේ.
ඔබේ ෙදෙනික පරිභෝජනයේ ඉහළින්ම ඇත්තේ මෙම ලැයිස්තුවේ ඇති ආහාර පානද? එසේ නම් රස තෘෂ්ණාවට ලොල් වී ඔබේ වටිනා ජීවිතයට මාරාන්තික රෝගයක් කැන්දා ගන්නවාද? යන තීරණය ඇත්තේද ඔබ සතුවමය. මතෛක් ඔබේ දිව හුරු වූ ආකාරයට ඔබෙන් ඉල්ලන්නේම පැනි රසය විය හැකියි. එහෙත් අමාරුවෙන් හෝ සීනි පරිභෝජනයෙන් දුරස් වූ විට දිවේ රසාංකුර ආහාරයේ ස්වභාවික රසය හඳුනා ගනි. එවිට ඔබේ දිවට නිරායාසයෙන්ම සීනි රසය අමතක වී යනු ඇත.

(වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරිනි)

උත්පලා සුභාෂිනී ජයසේකර 


උපුටා ගැනීම - ලක්බිම වෙබ් පුවතින්

සීනි සහ පිෂ්ඨය සහිත ආහාර ගැනීමත් පිළිකා අවදානමක් සීනි සහ පිෂ්ඨය සහිත ආහාර ගැනීමත් පිළිකා අවදානමක් Reviewed by CHAA MEDIA on January 02, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.