ස්වාභාවික ඖෂධ මගින් සුව කළ හැකි රෝගයකි ‘‘අර්ශස්’’

Seo Services
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අප අතර ඉන්න සමහර අයට ‘හොස්ස ළගින් මැස්සෙක්වත්’ යන්න බැරි තරම් පුදුම විදිහට කේන්තියක් යන්නේ. හැබැයි, ඒ කිසියම් රෝගී තත්ත්වයක් නිසා ඇතිවුණු දෙයක් වෙන්නත් බැරිකමක් නැහැ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව මෙය අර්ශස් රෝගය කියා කියනු ලබනවා. සමහර අය ලැජ්ජාව නිසා මේ පිළිබඳව කාටවත් නොකීවත් සහනයක් අත්‍යවශ්‍ය නම් නොකියා බැරි මෙම රෝගය පිළිබඳ කරුණු දැක්වීමට අප හා එක්වූයේ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතායි.
අර්ශස් රෝගයෙහි ලක්‍ෂණ,
මෙහි ප‍්‍රධානතම ලක්‍ෂණය නම් තදබල ලෙස කේන්ති යාමයි. තව ද ඇවිදීමේ දී ඇතිවන අපහසුතා, මුනින් අතට නිදා ගැනීම හැර වෙනත් ඉරියව්වකට නිදා ගැනීමේ අපහසුතාව, නිසිපරිදි මළ පිට නොවීම, අර්ශස් ගෙඩි ඇති වීම, රුධිරය පිටවීම, වේදනාකාරී බව මෙහි මූලිකම ලක්‍ෂණ වේ.
මෙම රෝගය ඇති වීමට බලපාන හේතුව වන්නේ කුමක්ද?
මූලික වශයෙන් අර්ශස් ඇතිවීම සඳහා ජානමය වශයෙන් යම් බලපෑමක් ඇති විය හැකිය. මවට එසේත් නැතිනම් පියාට මෙම ලක්‍ෂණ පවතී නම් ළදරු කාලයේ සිට දරුවාට ද මෙම රෝග ලක්‍ෂණ වලට මුහුණ දීමට සිදුවේ. මීට අමතරව වර්තමාන කාර්යබහුල ජීවන රටාවේ බලපෑම නිසා දරුවෙකුගේ කුඩා කාලයේ සිටම රෝගයට ගොදුරු විය හැකිය. පෙර පාසල් යන වයසේ දරුවෙකු පිළිබඳ සලකා බැලූ විට ඉතා උදෑසනින් මවුපියන් විසින් ඔවුන් අවදි කරගන්නා අතර, දැඩි කලබලකාරී තත්ත්වයක් මැද ඔවුන් පාසල් යැවීම සඳහා සූදානම් කරනු ලැබේ. මෙවැනි තත්ත්වයක දී දරුවාට වැසිකිළි අවශ්‍යතා පවා නිසිපරිදි නිදහසේ ඉටු කරගැනීමට හැකියාවක් නොමැති විය හැකිය. බොහෝ දුරට රාත‍්‍රී කාලයේ දී දරුවන් වැඩිපුර වේලාවක් අවදි කරගෙන සිටීම නිසා උදේ කාලයේ දී විශේෂයෙන් මවුපියන්ට මේ ගැටලූවට මුහුණ දීමට සිදුවේ. කෙසේ වෙතත් උදේ කාලය තුළ දරුවාට වැසිකිළි යාමට අවශ්‍ය වුවත් මළපහ නොකරන ලෙසින් දරුවන්ට තරවටු ද කරනු ලැබේ. ඒ වගේම නිවසින් පිටත දී මෙන්ම පාසලේ දී පවා මළපහ නොකරන ලෙසින් ද අවවාද කරනු ලැබේ. මෙවැනි තරවටු කිරීම් නිසා දරුවෙකුට නිවසින් පිටත දී හෝ කුමන අවස්ථාවක දී හෝ මළ පිට කිරීමේ අවශ්‍යතාව පැමිණියත් එය ඉවසා දරා ගැනීමට පුරුදු වේ. පසුව කාලයත් සම`ග මෙම තත්ත්වය ඔවුන් පුරුද්දක් බවට පත් කරගනු ලැබේ.
කුඩා දරුවන්ට පමණක් නොව තරුණ වයස්වල පසුවන අයට ද අත්වන්නේ මීට සමාන ඉරණමකි. ඔවුන්ගේ කාර්යබහුල ජීවන රටාව තුළ වැසිකිළි යාම සඳහාවත් ඉඩක් ලබා දීමට ද ඔවුන්ට හැකියාවක් නොමැත.
තව ද ජලය ප‍්‍රමාණවත් පරිදි පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු (පිටි සහිත ආහාර, ක්‍ෂණික ආහාර වැඩිපුර ගැනීම), අම්ල අධික ආහාර ලබා ගැනීම (බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ලා), උෂ්ණ අධික ආහාර (ඉස්සෝ, දැල්ලෝ, බල මාළු) භාවිතයත් මීට බලපාන අනෙකුත් හේතු වේ.
ඉහත හේතූන්ට අමතරව ගැස්ට‍්‍රයිටීස් තත්ත්ව ආශ‍්‍රිතව ඇතිවන ආහාර ජීර්ණයේ යම් යම් දුර්වලතා ද මීට හේතු වේ. ඒ අනුව ආහාර මාර්ගයේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩුකම් නිසා එහි අවසන් කෙළවරට (ගුද මාර්ගයට) අර්ශස් වැනි රෝගී තත්ත්ව ඇති කරනු ලැබේ.
මෙම රෝගය සුව කිරීමට ක‍්‍රමයක් නැති ද?
මළපහ කිරීමේ යම් යම් අපහසුතා තිබෙනවා නම් හා නිසිකලට වේලාවට මළ පිට වන්නේ නැතිනම් එය ඉතාමත් බරපතළ ගැටලූවකි. නමුත් සාමාන්‍යයෙන් පුද්ගලයෙකු උදෑසන අවදි වූ විගස මළ පහ කළ යුතුය. සාමාන්‍යයෙන් දවසට දෙවරක්වත් අවම වශයෙන් මළ පිට කිරීම ගැටලූවක් නොවුණත් ඊට වඩා වැඩි වාර ගණනාවක් වැසිකිළි යාමේ අවශ්‍යතාවන් ඇති වීමත් ගැටලූකාරී විය හැකිය.
මේ සඳහා ආයුර්වේද ප‍්‍රතිකාර පවතී ද?
මෙහි දී මූලික වශයෙන් උදේ කාලයේ දී නියමිත පරිදි ඉතාමත් පහසුවෙන් මළ පිට කිරීමට අවශ්‍ය ඖෂධ ලබා දෙනු ලැබේ. මෙම ප‍්‍රතිකාර ක‍්‍රම ඉතාමත් සාර්ථක මට්ටමේ ක‍්‍රම නිසා ශල්‍යකර්ම වලට භාජනය වීමට සිටින රෝගීන්ට පවා ඉතා පහසුවෙන් ප‍්‍රතිකාර ආරම්භ කළ හැකිය.
ඉන් අනතුරුව ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම සමබර කිරීමේ ප‍්‍රතිකාර ආරම්භ කරනු ලැබේ. මේ සඳහා ද ඉතාමත් ස්වාභාවිකව නිෂ්පාදිත ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඖෂධ ලබා දෙනු ලැබේ. කාර්යබහුල ජීවන රටාවක් ගත කරන  ඕනෑම අයෙකුට උචිත වන පරිදි මෙම ඖෂධ වර්ග නිපදවීම අර්ශස් රෝගීන්ට තවත් පහසුවකි.
අර්ශස් රෝගී තත්ත්වය සමග ඇති වෙනත් අතුරු ආබාධ මොනවාද?
මෙවැනි රෝගීන්ට අර්ශස් වලට අමතරව මුහුණ දීමට සිදුවන වෙනත් රෝග ගණනාවක් තිබේ. ඒ අතරින් හිස කැක්කුම, තදබල ගැස්ට‍්‍රයිටිස් තත්ත්වය, වාත රක්ත තත්ත්වය, ඇදුම, දියවැඩියාව වැනි රෝගයන් මූලිකත්වයක් ගනු ලැබේ. නමුත් මෙම රෝගී තත්ත්ව හා අර්ශස් අතර යම් සම්බන්ධයක් පවතින නමුත් රෝ ගීන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති විය හැකිය. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර හරහා අර්ශස් වලට පමණක් නොව ඒ සමග ඇතිවන වෙනත් රෝගී අවස්ථාවන් ද ස්ථිරවම සුව කළ හැකි බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
අර්ශස් වැනි රෝග තත්ත්වයන් ආයුර්වේද ප‍්‍රතිකාර ම`ගින් ස්ථිරවම සුව කරගැනීමට හැකි බව බොහෝ දෙනෙකු දන්නා නමුත් ඒ සඳහා යොමු නොවන්නේ මෙම වෛද්‍ය ක‍්‍රමය තුළ ඖෂධ සෙවීම්, කසාය තැම්බීම් වැනි ක‍්‍රියාවන් සිදුකළ යුතු නිසායි. ඒ සඳහා කිසියම් විසඳුමක් තිබෙනවාද?
ඔව්. ඊට පිළියමක් ලෙස තමයි ඉතාම පහසුවෙන් භාවිතා කළ හැකි පූර්ණ වශයෙන් නිෂ්පාදිත ඖෂධ අප විසින් නිපදවා තිබෙන්නේ. මේවා  ඕනෑම කාර්යබහුල තත්ත්වයක් හමුවේ වුව ද පහසුවෙන් භාවිතා කළහොත් ඉක්මණින්ම රෝග තත්ත්වයන් දුරු කරගත හැකියි.
විස්තර සඳහා - 0713009088
නිරංජලා කෞශල්‍යා
උපුටා ගැනීම - ලක්බිම වෙබ් පුවතින්
ස්වාභාවික ඖෂධ මගින් සුව කළ හැකි රෝගයකි ‘‘අර්ශස්’’ ස්වාභාවික ඖෂධ මගින් සුව කළ හැකි රෝගයකි ‘‘අර්ශස්’’ Reviewed by CHAA MEDIA on January 29, 2019 Rating: 5

No comments:

Powered by Blogger.