Seo Services

ඇදුම රෝගය සමඟ බැඳී ඇති පීනස

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ලොකු, කුඩා, බාල, මහලූ කොයි කා අතරත් නිරන්තරයෙන් වැළඳෙන රෝගයක් ලෙස පීනස හැඳින්වුවහොත් එහි වරදක් නෑ. නාසය, උගුර, ස්වරාලය, ශ්වසන නාලය සහ නාලිකා, පෙණහලූ යන ඉන්ද්‍රියයන් ශ්වසන ව්‍යුහයට අයත් ය. නාසයෙන් නිරන්තරයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, හිසෙහි බර ගතිය වැනි ලක්‍ෂණ පෙරටු කරගත් මෙම රෝගය ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව, සෑම කෙනෙකුටම වැළඳිය හැකි රෝගයකි. විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවන් අතර මෙන්ම ළදරුවන් අතර ද බහුලව ව්‍යාප්තව පවතින රෝග තත්ත්වයක් වන ‘‘පීනස’’ පිළිබඳව තමයි මේ ලිපිය තුළින් දිගහැරෙන්නේ. ඒ සඳහා අප සම්බන්ධ කරගනු ලැබුවේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ උපදේශිකා ප‍්‍රධානී සහ උගුර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය වසන්තිකා එස්. තුඩුවගේ මහත්මියව.
වෛද්‍යතුමියනි, කුමක්ද මේ පීනස තත්ත්වය ලෙස හඳුන්වනු ලබන්නේ?
පීනස තත්ත්වය යනු අද සමාජයේ බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයකි. මෙම තත්ත්වය දිගුකාලීනව රෝගියාට බලපාන අතර, ඇදුම රෝගය සමඟ ඉතා තදබල ලෙස බැඳී පවතී. ලෝකයේ ජනගහණයෙන් 20%ක් පමණ මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳියි. මෙම තත්ත්වයේ පීඩා විඳින්නන්ගේ ප‍්‍රමාණය වැඩි වීමේ ප‍්‍රවණතාවක් දැකිය හැකි අතර, මෙය පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතයට, නින්දට හා රැකියාවේ ඵලදායීතාවයට බලපානු ලබයි.
පීනස සහ සෙම්ප‍්‍රතිශ්‍යාව වෙන් කර හඳුනාගත හැක්කේ කෙසේ ද?
සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳෙන්නේ කෙටි කාලීනවය. එය ක්‍ෂුද්‍ර ජීවීන් හෝ විෂබීජ හේතු කොට ඇතිවන්නා වූ ආසාදනයකි. නමුත් පීනස රෝගී තත්ත්වය ක්‍ෂුද්‍ර ජීවීන් හෝ විෂබීජ හේතුකොට ඇතිවන ආසාදන තත්ත්වයක් නොවේ.
පීනස රෝගයේ දී දැකිය හැකි රෝගී තත්ත්වයන් මොනවාද?
මෙහි දී බහුලව දැකිය හැකි රෝග ලක්‍ෂණ වන්නේ නාසය සිරවීම, නාසයෙන් සොටු දියර ගැලීම හා කිවිසුම් යාමය. මීට අමතරව ඇස් කැසීම, නාසය කැසීම හා කන් කැසීම ආදී රෝග ලක්‍ෂණ ද දැකිය හැක.
මෙම රෝගී තත්ත්වය ඇති වන්නේ කෙසේ ද?
රෝගියාගේ ශ්වසන පද්ධතියේ පවතින විවිධ වූ ද්‍රව්‍ය සඳහා වන අසාත්මිකතාවය මේ සඳහා බලපානු ලබයි. ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ අසාත්මිකතා නිසා පීනස තත්ත්වය ඇතිවන අතර, පහළ කොටසේ අසාත්මිකතා නිසා ඇදුම නම් රෝගී තත්ත්වය හටගනු ලැබේ. මේ නිසා මෙම රෝගී තත්ත්වයන් දෙකම එකිනෙකට බද්ධව පවතී. රෝගියෙකු මෙම අසාත්මික ද්‍රව්‍යයන් සමඟ ගැටීමේ දී ශරීරයේ විවිධ වූ ෙසෙල වර්ගවල ක‍්‍රියාකාරීත්වය නිසා නාසයේ සොටු දියර ගැලීම, නාසයේ පටක ඉදිමීම, නිතර කිවිසුම් යාම, නාසය, ඇස් සහ කන් කැසීම සිදුවේ.
මේ සඳහා බහුලවම බලපාන අසාත්මික ද්‍රව්‍යයන් වන්නේ වාතයේ පවතින දුවිලි අංශු, කැරපොත්තන්ගෙන් පිටවන අනවශ්‍ය ද්‍රව්‍ය, දිලීර වර්ග, බල්ලන් පූසන් වැනි සතුන්ගේ ලෝම, දුම් වර්ග, මල්වල පරාග සහ ඇඳ මකුණන්ගෙන් පිටවන ද්‍රව්‍ය වේ. මේවා නිතර දෙවේලේ හුස්ම ගැනීමට සිදුවීමෙන් පීනස රෝගය උග‍්‍ර වීමට ඉඩ ඇත. රාත‍්‍රී කාලයේ දී එළිමහනේ ගැවසීමෙන් පින්නට අසු වී හෝ වැසි දිනවල එළිමහනේ සිටීමෙන් වැස්සට තෙමීමෙන් ද පීනස රෝගයේ රෝගී තත්ත්වයන් වැඩි විය හැක. එයට හේතුව වන්නේ පරිසරයේ ඇති අධික ජල සංතෘප්තතාව හෝ අර්ධතාව සෙම් පීනස ගෙන දෙන්නා වූ රෝග කාරකයක් බැවිනි.
පීනස තත්ත්වය වසරේ සමහර ඍතුවල දී ඇතිවන Seasonal Allergic Rhnitis සහ වසර පුරා ඇතිවන Perennial Allergic Rhnitis ලෙස කොටස් දෙකකට බෙදිය හැක.
පීනස රෝගී තත්ත්වය තිබේ’දැයි හඳුනා ගන්නේ කෙසේ ද?
මෙම රෝගී තත්ත්වය පවතින රෝගීන් බොහෝ විට සාමාන්‍ය දෙයක් යැයි සිතා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු නොවීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබේ. මේ නිසා ඔවුන් පීනස තත්ත්වයෙන් පීඩා විඳිනු දැකගත හැකි වේ.
රෝගය සම්බන්ධව රෝගියාගෙන් ලබාගන්නා හරියාකාර දත්ත මත මෙම තත්ත්වය විනිශ්චය කරගැනීමේ හැකියාව ඇත. මෙයට අමතරව පරීක්‍ෂාව ම`ගින් වෙනත් රෝගී තත්ත්වයක් ඇති හෝ නැති බව පරීක්‍ෂා කරගැනීම ඉතා වැදගත් වේ. තව ද අසාත්මිකතාවය පිළිබඳ චර්ම පරීක්‍ෂණ ද, රුධිරය සම්බන්ධ පරීක්‍ෂණ කිරීම ම`ගින් රෝගියාගේ අසාත්මිකතාවය පිළිබඳව තහවුරු කරගත හැකිය. දැනට පවතින රුධිර පරීක්‍ෂණ ම`ගින් රෝගියාගේ අසාත්මිකතාවය පවතින්නේ කුමන ද්‍රව්‍යයට ද යන්න හරියාකාරව හඳුනා ගැනීමේ හැකියාව ඇත.
පීනස් තත්ත්වය නිසා ඇති විය හැකි අතුරු ආබාධ මොනවාද?
කල් ගිය පීනස් රෝගීන්ගේ බොහෝ විට නාසය අවහිර වේ. එයට හේතුව වන්නේ ඔවුන්ගේ නාස් කුහරය තුළ මස්දලූ වැඞීමයි. මේ මස්දලූ බුබුලාකාරව හට ගනී. බොහෝ විට නාසය අවහිර වීම රාත‍්‍රී කාලයේ දී සිදුවේ. වායු කුහරවල ඇති සිවිය ඉදිමීමකට පත් වී සෙම හෝ සැරව මේ කුහර තුළට එක් වේ. සෙම් පීනස් රෝගීන් මේ තත්ත්වයට ඉක්මණින් ගොදුරු වීමට පුළුවන. පීනස සම`ග ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ආසාදන තත්ත්වයන් ඇති වූ විට කහපාටට සොටු දියර ගැලීම, නාසය තදින් අවහිර වීම, උණ ගතිය, ශරීරයේ අප‍්‍රාණිකත්වය, හිසරදය ඇති වේ. මේ තත්ත්වය දිගුකාලීනව පවතින ීසබමිසඑසැි දක්වා වැඩි වීමේ හැකියාව ඇත. සමහර පීනස රෝ ගීන්ගේ නාසයෙන් රුධිරය ගැලීමේ අවස්ථා අපට දැකිය හැකියි. මේ තත්ත්වය පීනස රෝගයේ අසාත්මිකතාවය නිසා සිදුවිය හැකි අතර, නාසය හොඳින් පරීක්‍ෂා කර බලා වෙනත් අවදානම් තත්ත්වයන් නැති බව තහවුරු කිරීම අත්‍යවශ්‍යය.
මේ සඳහා ප‍්‍රතිකාර කරනු ලබන්නේ කෙසේ ද?
මෙහි දී රෝග ලක්‍ෂණය පාලනයට මූලික ස්ථානයක් දෙනු ලබයි. පළමුව අසාත්මික ද්‍රව්‍ය සම`ග නොගැටී සිටීමට රෝගියාට අවවාද කරනු ලබයි. ගෙදර පිරිසිදුව තබා ගැනීම, ඇඳ ඇතිරිලි නිතර අව්වට දැමීම, දුවිලි සහිත ස්ථාන වලට යාමෙන් හැකි පමණ වැළකී සිටීම ආදිය රෝ ගියාට කළ හැකි සරල ක‍්‍රියා මාර්ග වේ. සුරතල් සතුන්ගෙන් ඈත් වී සිටීම, දුම් පානයෙන් වැළකී සිටීම මේ සඳහා උපකාරී වේ.
මීට අමතරව වෛද්‍යමය ප‍්‍රතිකාර මගින් ද රෝගය පාලනය කළ හැක. නාසයට දමන Nasal Spray මෙහි දී මූලික ස්ථානයක් ගනු ලබයි. විවිධ වර්ගයේ බෙහෙත් පෙති ම`ගින් ද රෝගියාගේ රෝග ලක්‍ෂණ අවම කරගත හැක. නවීනතම ප‍්‍රතිකාර ක‍්‍රමය වන්නේ Allergen Immunotheraphy නම් ප‍්‍රතිකාර ක‍්‍රමයයි. මෙහි දී රෝගියා අසාත්මික ද්‍රව්‍ය සඳහා ක‍්‍රමානුකූලව යොමු කිරීම ම`ගින් රෝගියාගේ අසාත්මික ක‍්‍රියාකාරීත්වය අවම කරනු ලබයි. මෙවන් ප‍්‍රතිකර්ම පුහුණුව ලත් පළපුරුදු වෛද්‍යවරුන් යටතේ සිදුකිරීම යහපත් බව හොඳින් වටහාගත යුතුය. පීනස තත්ත්වයට නිසි ප‍්‍රතිකර්ම කිරීම ම`ගින් ඇදුම රෝගය පාලනය කිරීමේ හැකියාව ඇත. පීනස තත්ත්වය නිසියාකාරව හඳුනාගෙන අවශ්‍ය ප‍්‍රතිකර්ම කිරීම ම`ගින් රෝගීන්ගේ සාමාන්‍ය ජීවිතයේ ඇතිවන විවිධ වූ අපහසුතා අවම කර ඔවුන්ගේ පීඩාකාරී ජීවිත වලට සහනයක් ළගා කර දීමට හැකියාව ලැබේ.
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ උපදේශිකා ප‍්‍රධානී සහ උගුර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය  වසන්තිකා එස් තුඩුවගේ
නිරංජලා කෞශල්‍යා

උපුටා ගැනීම - ලක්බිම වෙබ් පුවතින්
http://www.lakbima.lk/index.php/familydoctor1-2/15901-nasal-spray
ඇදුම රෝගය සමඟ බැඳී ඇති පීනස ඇදුම රෝගය සමඟ බැඳී ඇති පීනස Reviewed by CHAA MEDIA on January 29, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.