Seo Services

වකුගඩු රෝගය කල්ඇතිව නිර්ණය කර ප‍්‍රතිකාර ලබාගන්න

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
පසුගිය දශක කිහිපයේ දී වකුගඩු රෝග (Kidney Diseases) ඉතාමත් තැති ගැන්වෙන සුළු ආකාරයේ මෙරට තුළ ඉහළ ගොස් ඇති බව නොරහසක්. එය ගමටත්, නගරයටත් එක සේ බලපා ඇති පොදු රෝගයක් වී අවසන්. මේ නිසා කල් ඇතිව කරන රෝග නිර්ණය හා ප‍්‍රතිකාර පිළිබඳව දැනුවත් වීම ඔබට ඉතාම වැදගත්. ඒ සඳහා ඔබව දැනුවත් කිරීමට අප සමග සම්බන්ධ වුණා වෛද්‍ය චන්න ජයසුමන මහතා.
මොකක්ද මේ වකුගඩු රෝගය :
පළමු වර්ගය -
හදිසියේ ඇතිවන වකුගඩු ක‍්‍රියාකාරීත්වයේ අඩු වීම හෝ ඇණහිටීම හඳුන්වන්නේ තීව්ර වකුගඩු අකරණීය (Acute Kidney Injury) ලෙසයි. එය ක්‍ෂණිකව ඇතිවන තත්ත්වයක්.
දෙවන වර්ගය -
කාලයක් පුරා ශරීරයේ හට ගනිමින් වකුගඩුවල ක‍්‍රමයෙන් වර්ධනය වන ආපසු හැරවිය නොහැකි වකුගඩු රෝගය හඳුන්වන්නේ නිධන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) යනුවෙනි. එම තත්ත්වයේ දී වකුගඩු ක‍්‍රියාකාරීත්වය ක‍්‍රමයෙන් අඩුවන අතර, දිගු කලකට පසුව වකුගඩු සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක නොවන අදියරට පැමිණෙයි. මෙම භයානක අදියරට ප‍්‍රධානම හේතූන් වන්නේ දියවැඩියාව හා අධිරුධිර පීඩනයයි.
මීට අමතරව මුත‍්‍රා මාර්ගයේ ආසාදන නෙප්රොටික් සින්ඩ්‍රෝමය ආදී තත්ත්වයන් ද වකුගඩු රෝග වර්ගීකරණයට අයත් වේ.
පොදු රෝග ලක්‍ෂණ :
මුහුණේ, පාදවල හා උදරයේ ඉදිමුම.
ආහාර අරුචිය, ඔක්කාරය, වමනය.
රුධිරය අඩුකම හා ශරීරය දුර්වල වීම.
නම් කළ නොහැකි අපහසුතා.
මුත‍්‍රා සම්බන්ධ අපහසුතා.
සැලකිය යුතු රෝග ලක්‍ෂණ දෘශ්‍යමාන නොවුව ද වකුගඩු රෝග බොහෝ කලක සිට ශරීරයේ තිබිය හැක.
වකුගඩු රෝග අවදානම සහිත පිරිස :
දියවැඩියාව ඇත්නම්,
පාලනය කළ නොහැකි අධිරුධිර පීඩනය ඇත්නම්,
දුම්පානය කරන්නේ නම්,
තරබාරු හෝ අවුරුදු 60 ට වැඩි නම්,
දිගු කාලීනව වේදනා නාශක ප‍්‍රතිකාර ලබනවා නම්,
මුත‍්‍රා මාර්ගයේ උපතින්ම දෝෂ ඇත්නම්,
මෙම සියලූම ලෙඩ රෝග සම්බන්ධව පවුලේ රෝග ඉතිහාසයක් ඇත්නම්. අවදානම් වැඩි වකුගඩු රෝග ඇති පුද්ගලයන් ද නැත් ද යන්න තීරණය කිරීමට කල් ඇතිව ස්කෑන් සහ එක්ස්-රේ පරීක්‍ෂණ සිදුකළ යුතුයි. නියම පිළිවෙලට කළ යුතු පරීක්‍ෂණ වන්නේ මුත‍්‍රා පරීක්‍ෂණ, රුධිර පරීක්‍ෂණ හා විකිරණවේදී පරීක්‍ෂණයි.
ඩයලිසිස් හෙවත් කාන්දුකරණය :
ඩයලිසිස් යනු වකුගඩු අකර්මණ්‍ය වූ විට රුධිරයේ අපද්‍රව්‍ය හා ජලය ඉවත් කරන කෘත‍්‍රිම ක‍්‍රමයකි. මෙය රෝග සුව කරන ක‍්‍රමයක් නොවේ. නිධන්ගත වකුගඩු රෝගයේ උච්ච අවස්ථාවේ දී ජීවිත කාලය පුරාම නිතරම කාන්දුකරණය කිරීම අවශ්‍ය වේ. (වකුගඩුවක් සාර්ථකව බද්ධ කරන තාක්) හිමෝඩයලිසිස් හා පෙරිටෝනියල් ඩයලිසිස් ලෙසින් ප‍්‍රධාන ආකාර දෙකකට එය සිදුකරනු ලබයි. එම ප‍්‍රතිකාර ක‍්‍රම රෝහලට පැමිණ ලබා ගන්නවා වගේම තම තමන්ට ද පෞද්ගලිකව සිදුකරගැනීමට ද දැන් අවස්ථාව රෝගීන්ට තිබෙනවා.
වකුගඩු රෝග සුව කළ හැකියි :
මුල් අවධියේ දීම රෝගය නිර්ණය කිරීමෙන් සහ ප‍්‍රතිකාර වලින් බොහෝ වකුගඩු රෝග සුව කළ හැක. බොහොමයක් අවස්ථාවල දී රෝග වර්ධනය පාලනය කිරීම හා නැවතීම සිදුකළ හැකියි.
තිනෙති නානායක්කාර
උපුටා ගැනීම - ලක්බිම වෙබ් පුවතින්
http://www.lakbima.lk/index.php/familydoctor1-2/15900-kidney
වකුගඩු රෝගය කල්ඇතිව නිර්ණය කර ප‍්‍රතිකාර ලබාගන්න වකුගඩු රෝගය කල්ඇතිව නිර්ණය කර ප‍්‍රතිකාර ලබාගන්න Reviewed by CHAA MEDIA on January 29, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.