Seo Services

මාර්ක්ගේ රියැදුරා බලන්න රුක්මණීයි, එඞීයි මීගමුවට එති


 rukmaniචිත‍්‍රපට ආරම්භක යුගයේ වේදිකා නාට්‍ය පුහුණු කරන්නාක් මෙන් නළු නිළියන් පුහුණු කිරීමෙන් පසුව කැමරාගත කිරීම් බොහෝ අධ්‍යක්‍ෂකවරුන් කළෝය. ඒ නිසා පටලපට නාස්තියක් නොවූ අතර නළු නිළියන්ගේ උපරිම රගපෑම් ලබා ගැනීමට අධ්‍යක්‍ෂවරු සමත් වූහ. මේ අතරින් ප‍්‍රමුඛයා” ලෙස ගැනුණේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නය.


 සිනමා තිරයේ මුල් කාලයේ ද්‍රවිඩ අධ්‍යක්‍ෂවරුන්ගේ නම අධ්‍යක්‍ෂ ලෙසින් සඳහන් වුවද පිටුපස සැගවී සිටි අධ්‍යක්‍ෂ වූයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නය. ඒ ඔහු සම්බන්ධ චිත‍්‍රපටවලදීය.

 1948 දෙසැම්බර් 3 වැනිදා තිර ගත කරන ලද "වැරදුණු කුරුමානම" චිත‍්‍රපටයේ නාමාවලියේ අධ්‍යක්‍ෂ ජේ. සිංහය. නමුත් තිරය පිටුපස සිටිමින් පුහුණු වීම් කළ අධ්‍යක්‍ෂවරයා වූයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නය.

 ගම්පහ වැලිවේරියේ පදිංචිව සිටි ප‍්‍රවීණ නළු මාර්ක් සමරනායක තමා රගපෑ දෙවැනි චිත‍්‍රපටය වූ "වැරදුණු කුරුමානම" චිත‍්‍රපයේ පුහුණුවීමක් ගැන සිහි කළේ මෙලෙසිනි.

 "චිත‍්‍රපටයේ කතා පිටපත නළු නිළියන්ට ලබා දීම ඇලෝ අයියගේ සිරිත. වේදිකාවට මා අවතීර්ණ වූ මුල් අවධියේදීමයි චිත‍්‍රපට රගපෑමට ලැබුණේ. (බී. ඒ. ඩබ්. ජයමාන්න) ඇලෝ අයියා පිටපත මට භාර දුන්නා. මම ගෙදර ගිහින් හොඳට පාඩම් කළා. මෙම කතාවේ හැටියට නාට්‍යයේ නිෂ්පාදකවරයා ලෙස පීටර් පීරිස් රගපෑ අතර මම එහි දුෂ්ටයාය. රුක්මණී දේවි කතා නායිකාව. ප‍්‍රථම පුහුණුවීම් දින මම දෙබස් ලියූ පොත රැගෙන ගියේ නැහැ. ඇලෝ අයියා ඇසුවා "කෝ පොත" කියලා. මම හිතුවේ පාඩම් කරගෙන එන්න පොත දුන්නය කියලා... මම පිළිතුරු දුන්නා.

rukmani3 "මෙච්චර දිගු දෙබසක් තමුසෙ කට පාඩම් කළා... කියූ ඇලෝ අයියා එහෙනම් රගපාමු බලන්න" කීවා.

 පීටර් පීරිස් වෙනුවට ඇලෝ අයියා රගපාමින් දෙබස් ඛණ්ඩය කියා නතර කළා.

 අධ්‍යක්‍ෂකතුමනි” නවීන ශිෂ්ටාචාරය රගදක්වන්න යෑම නාට්‍යයන්හි ජවනිකාවෙන්” ජවනිකාවට අවබෝධ කරවන්නේ මුතු මැණික්වලට වඩා අනර්ඝ ආදර්ශයක් අවශ්‍ය බව අපේ කවුරුත් දන්නා සත්‍යයකි. ඉතිං දුශ්චරිතයේ ඇලී” ගැලී ජීවත් වන මේ නැට්ටුක්කාරියෝ (රුක්මණී දේවියට අත දිගු කරමින්) මුඛයෙන් එවැනි අදහස් කියැවුණ විට ලෝකය අප පිළිගන්නේ කෙසේද? කියා ඔබතුමා බොහෝ කොට කල්පනා කර බලා මෙවැනි පව්කාර තරුණියන් නාට්‍ය වේදිකාවෙන් නෙරපා දැම්මොත් පෙරදිග සංගීත ලෝකයට කරන උතුම් සේවයක් බව තරයේ කියා සිටිනවා. මම යනවා...

 පුදුමයට පත් වූ ඇලෝ අයියා ඔහොමම පලයන්. ගිහින් මගේ ගානේ බියර් එකකුත් බීලා පලයන් කීවා... පසු කලෙක සංවාද දෙබස්වලට හුරු වූ නිසා රගපෑමට සහභාගී වූ මුල් පෙළේ නළු නිළියන් කොතෙක් අසීරුවෙන් තම කාර්යයන් කරන්න ඇත්දැයි මාර්ක් සමරනායකගේ එම දෙබස් පැවසීමෙන් පසු මසිතට නැගිණි. 1949 ඔක්තෝබර් 20 වැනිදා තිරගත වූ "පෙරළෙන ඉරණම" මාර්ක්ගේ තුන්වැනි චිත‍්‍රපටය විය.

 1914 අපේ‍්‍රල් 24 වැනිදා වැලිවේරියේදී උපත ලැබූ මාර්ක් අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ත ජෝශප් විiාලයෙනි. පාසල් විවිධ ප‍්‍රසංගවල රග පෑ මාර්ක් පසු කලෙක ලැඞී රණසිංහගේ "ආකේන්ස්" නාට්‍ය සංගමයට බැඳී රගපෑමට යොමු විය.

 ඔහුගේ මුල්ම ප‍්‍රසිද්ධ නාට්‍යය වූයේ 1941 දී ටවර් හෝල් රගහලේ වේදිකාගත වූ මනමාලි නාට්‍යයයි. ස්තී‍්‍රන් ලෙස පිරිමින් රගපාන එම යුගයේ ප‍්‍රධාන චරිතය වූ "මනමාලි" ලෙස චරිත නිරූපණය කළේ මාර්ක් සමරනායකය.

 මාර්ක් සමරනායක රග පෑ "රියැදුරා" නාට්‍යය මීගමුවේ ප‍්‍රදර්ශනය කළ දින එය නැරඹීමට රුක්මණී දේවි” එඞී ජයමාන්න සහ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නද පැමිණ සිටියහ. නාට්‍යය අවසානයේ දී බී. ඒ. ඩබ්ලිව්. ඔහුට තමා හමුවන්නට නිවසට එන ලෙස දැන්වීය.

 සිනමා ලොවට පිවිසීමට මාර්ක් සමරනායකට ලැබුණේ සිනමාවේ පියාගෙන් වීම ඉතාමත් ඉහළින් සැලකූ මාර්ක් ලැබෙන සෑම අවස්ථාවකදීම පුවත්පත් සාකච්ඡුාවලදී කලාවේ ගුරුතුමා වූ ලැඞී රණසිංහත්” සිනමාවේ ගුරුතුමා වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සිහිකිරීමටත් අමතක නොකළේය.

 සිංහල සිනමා නළු නිළියන්ගේ ඇග පතේ ශක්තිය පෙන්වා ඉන්දියාවේදී කරන ලද එඩිතර ක‍්‍රියාවක් ගැන ඉන්දියාවේ පළ කෙරෙන ජනප‍්‍රිය පුවත් පත‍්‍රයක් වු "ටෝක් අ ටෝන්" (TALK. A TONE) පත‍්‍රයේ මුල් පිටුවේ පළ කර තිබූ ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ අධිකරණයේ නඩු පවරා ජය ගැනීමට එඞී ජයමාන්න” සමරනායක ඇතුළු නළු නිළියන් සමත් වූ කතාවකුත් මාර්ක් සමරනායක පැවසීය.

rukmani21956 අවසන් කාලයේදී ඉන්දියාවේ මදුරාසියේ "ගාර්ඩියන්ස්" චිත‍්‍රාගාරයේ "සිරියලතා" දර්ශන ගන්නා අවධියේ මෙම සිදුවීම වූයේ. අවසන් දර්ශනය ගන්නට එදින උදේ 8.00 සිට රාත‍්‍රි 7.00 දක්වා චිත‍්‍රාගාරය වෙන් කරලා තිබුණේ. දර්ශනය කැමරා ගත කරමින් සිටියදී කවුද ද්‍රවිඩ තැනැත්තෙක් ඇවිත් කැමරා ශිල්පියාගේ කනට කර යමක් කිව්වා. කැමරා ශිල්පියා කැමරාව නතර කළා. එහි නිෂ්පාදන කළමනාකරුගෙන් මං ඇහැව්වා "එහෙම කළේ ඇයි කියලා...

 කැමරාව අයිතිකරු ඒ ඇවිල්ලා ඉන්නේ. ඔහුට කැමරාව ගෙන යෑමට දිය යුතුයි කියලා" ඔහු කිව්වා.

 "ඒකට ඉඩ දෙන්න බැහැ. අපි අපේ වැඩකර අවසන් කළ යුතු යැයි එඞී ජයමාන්න කීවා... මිනිහා තව මොකක්ද දෙමළෙන් කිව්වා. එඞීව තල්ලූ කළා. ඒ එක්කම ගහමු මුන්ට කියලා එඞී ගහන්න පටන් ගත්තා. මමත් එහි සිටි අපේ සහෝදර ශිල්පීන්ද කැමරාකරු ඇතුළු ද්‍රවිඩ පිරිසට දුවන තුරු පහර දුන්නා. අරුණ ශාන්ත අපේ සහෝදර නිළියන් සියලූ දෙනාම නතර වී සිටින හෝටලයට රැගෙන ගියා. චිත‍්‍රාගාරයෙන් එළියට එනවිට තිබුණේ චිත්තම්පලම් ගාඩිනර්ගේ මෝටර් රථය පමණයි. ඒ තුළ තිබුණ "සිංහ කොඩිය" ඒක දිග හැරගෙන යන විට පොලිසියෙන් අල්ලන්නෙ නැහැ. අප රැගෙන යා යුතු රථයේ රියැදුරුත් නැහැ. ගාඩිනර්ගේ රථයට අපි නැගලා - සිංහ කොඩිය රථයේ ඉදිරිපස සවිකරගෙන මම රථය පදවාගෙන අපි හිටිය හෝටලයට ගියා. ඉන්දියාවේ චිත‍්‍රාගාරයේ අවට කඩ සාප්පු වසා දමලා. එක ද්‍රවිඩයෙක් පේන්න හිටියේ නැහැ.

 සතියකට පස්සේ "ටෝක් අ ටෝන්" පත‍්‍රයේ පළ කර තිබුණේ ඉන්දියානු කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපතිවරයාට ගසා පොලිසි ගිය නළුවන් වූ මාක් සහ එඞී ඉන් පිටතට පැමිණෙන විට මුහුණ ඉදිමී තිබුණා" කියලා.

 අපට අපහාස කළ බවට අපි නඩු පැවරුවා. එක දිගට දින තුනක් නඩුව අසා ඒ අය වැරදිකරුවන් කර අපෙන් සමාව ඉල්ලීමට නියෝග වූ අතර රුපියල් දෙදහක් ගෙවීමටත් එම ප‍්‍රවෘත්තිය සේම එම පුවතත් ලොකු අකුරින් මුල් පිටුවේ පළ කළ යුතු බව තීන්දු වුණා. එම රුපියල් දෙදහ දඩය ඉන්දියාවේ අනාථ මඩමකට පරිත්‍යාග කරන ලෙස එඞී ජයමාන්න විනිශ්චයකාරතුමාට දන්වා සිටියේය.

 පරිණත නළුවෙක් වූ මාර්ක් සමරනායක රග පෑ චිත‍්‍රපට අතරින් "හදිස්සි විනිශ්චය" සැගවුණ පිළිතුර" " උමතු විශ්වාසය" "පේ‍්‍රම තරගය" "මතභේදය"” "අහංකාර ස්ත‍්‍රී" "මාතලන්"” "රම්‍යලතා"” " දුප්පතාගේ දුක" "සිරියලතා"” "සූරසේන"” වැනි චිත‍්‍රපටවල දුෂ්ට චරිත සඳහාම වෙන් වී සිටි නළුවකු විය.

 "දොස්තර" ‘.දෛවයෝගය"” "සේපාලි"” "සැමියා බිරිඳගේ දෙවියාය"” "ළඳක මහිම"” "දෙහදක දුක "” "සිත ගිය තැන" "පැංචා" "සහනය"” "තුෂාරා" "ආදර කතාව" මේ දෑස කුමට ද?" "රත්තරං අම්මා"” "කවුද රජා" "දෙවියන්ගෙ තීන්දුව" "දෙවියනි ඔබ කොහිද?" "චණ්ඩිපුතා"” "යළි ඉපිදේ"” "හිගන කොල්ලා"” " අක්කෙ මට අවසර"” "අංජානා"” "සව්දම් ජෙමා"” " ගීතිකා"” "අම්මෙ මට සමාවෙන්න"” "අජාසත්ත"” "බඹර පහස"” "නැවත අපි හමුවෙමු"” "සිස්ටර් මේරි"” "ජය සිකුරුයි"” "වතුර කරත්තය"” "රෝසි"” "ජය අපටයි"” "සඳකඩ පහණ" යන චිත‍්‍රපටවල විවිධ චරිත නිරූපණය කළේය. 2002 ජුනි 14 වැනිදා ඔහු අභාවප‍්‍රාප්ත විය.

 හෙන්රි ප‍්‍රියශාන්ත මෙන්දිස්

උපුටා ගැනීම - ඉරිදා දිවයින වෙබ් පුවතින්
මාර්ක්ගේ රියැදුරා බලන්න රුක්මණීයි, එඞීයි මීගමුවට එති මාර්ක්ගේ රියැදුරා බලන්න රුක්මණීයි, එඞීයි මීගමුවට එති Reviewed by CHAA MEDIA on December 22, 2018 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.