වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්. කේ. ජයවර්ධන
සෙංකඩගල ලංකාවේ අගනුවර බවට පත් වූයේ 1592 බලන සටනින් සීතාවක රාජසිංහ රජු පරදවා පේරාදෙණිය රජ පෙළපතේ දොන් ජුවන් කොනප්පු බණ්ඩාර හෙවත් පළමු විමලධර්මසූරිය (කි‍්‍ර. ව. 1592 - 1604) උඩරට රජ වීමෙනි. සැබැවින්ම උඩරට රාජ්‍යයට දොන් ජුවන් කොනප්පු බණ්ඩාරට නීත්‍යනුකූල රාජ්‍ය අයිතියක් තිබුණේ නැත. රාජ්‍ය අයිතිය තහවුරු කර ගැනීමට ඔහු උපක‍්‍රම කීපයක් යෙදුවේය.
1. කි‍්‍රස්තියානිය වැළඳ ගෙන ‘දොන් ජුවන් කොනප්පු බණ්ඩාර’ නමින් බෞතිස්මව සිටි ඔහු ප‍්‍රසිද්ධියේ කි‍්‍රස්තියානිය අතහැර බුදු දහම වැළඳ ගෙන බෞද්ධයකු ලෙස පෙනී සිිට බුදු දහමේ ආරක්ෂිතයා ලෙස කටයුතු කළේය.
2. ඔහු රජ වූ විගස ලංකාවේ බෞද්ධ රජෙකු යළිත් බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන් රටට හිමි විය. මේ වනවිට පහතරට පෘතුගීසි බලය යටතේ නාමිකව රජ කළ දොන් ජුවන් ධර්මපාල (කි‍්‍ර. ව. 1551 - 1597) බෞතිස්මව කි‍්‍රස්තු ලබ්ධිකයෙකු විය. සීතාවක රජ කළ රාජසිංහ රජු ශිවාගමට බරව කටයුතු කළේය. පළමු විමලධර්ම බුදු දහමේ ආරක්ෂකයා ලෙස භික්ෂූන් - රදලයන් හා රටවැසියාගේ සහාය ලැබුවේය.
3. 1592 වනවිට දළදාව වැඩ සිටියේ සීතාවක දෙල්ගමු වෙහෙරයි. රාජ්‍ය අයිතිය තහවුරු කර ගැනීමට ඔහු දෙල්ගමුවේ වැඩ සිටි දළදාව වහාම මහනුවරට ලබා ගැනීමට ඇල්ලේපොළ මංගල හිමි ප‍්‍රධාන හිමිවරු පස්නමක් දෙල්ගමු විහාරයට යවා හිරිපිටියේ පුංචි බණ්ඩා ඒකනායක රාළ දියවඩන නිලමේගේ හිත දිනාගෙන දළදා සෙංකඩගලට ලබා ගැනීමට සැලසුම් කළේය. ඒ සඳහා රජුට දෙවනගල රත්නාලංකාර හිමි, හිරිපිටියේ පුංචි බණ්ඩා ඒකනායක දියවඩන නිලමේ, ඇල්ලේපොළ මංගල හිමි, ගලඋඩ හිමි යන අයගේ සහාය ලැබුණි. මින් දෙවනගල රත්නාලංකාර හිමිම මාවනැල්ලේ කඳුගැටයක් වූ දෙවනගල විහාරයේ විසූ බැවින් ගලඋඩ හිමි යනුවෙන් හැඳින්වූවා විය හැකි බව දළදා මාලිගාව මගින් ප‍්‍රකාශිත ‘දෙල්ගමුව’ නමැති කුඩා ග‍්‍රන්ථයේ එයි. ඌව පාරෙන් දෙල්ගමුවේ සිට අම්පිටිය හරහා දළදා හිමි සෙංකඩගලට වැඩම වනවිට ඇමැතීන් පිරිවරා පළමු විමලධර්මසූරිය රජු අම්පිටියට ගොස් දළදා හිමි පිළිගත් බව මේ කාලයේම ලියවුණු කෞතුකාගාර දෙපාර්තමේන්තුව පළ කළ ‘දළදා පුවත’ කවි පොත කියයි. දළදා හිමි සෙංකඩගල අගනුවරට වැඩම වූයේ 1592 දීය. හදිසියේ දළදාව වැඩම වූ පසු දළදා හිමි තැබීමට නියමිත සුදුසු ස්ථානයක් තිබුණේ නැත. පියවර හතරකින් දළදා හිමිට පහත දැක්වෙන අයුරින් දළදා මැඳුරක් ඉදි විය.
1. ටික දිනක් දළදා හිමි මුලින්ම වැඩ සිටියේ අස්ගිරිය ආදාහන මළුව ගෙඩිගේ විහාරයේය. (අදත් මේ සිහි කිරීමට මහනුවර ඇසළ පෙරහැර දිය කපන දා රාති‍්‍රයේ සිට පසුදා දහවල් පෙරහැර දක්වා ආදාහන මළුව විහාරයේ දළදා ගමන් මාලිගාවේ තබා දළදා රැකවල් කරයි.)
2. කෙටි කාලයකට පසු රජුගේ රජ මැඳුරේම කොටසක් වූ සඳ දක්නා ගේ දළදා හිමි තබා පිදු බව ‘දළදා පුවත’ කවිපොත කියයි.
3. අවුරුදු කීපයක් සඳ දක්නා ගෙහි වැඩ විසූ දළදා හිමිට රජු දෙමහල් දළදා මැඳුරක් කරවූ බව චූලවංශය කියයි. මෙය කඩිමුඩියේ කෙටි කාලයකින් ඉදිකළ දෙමහල් දළදා මැඳුරකි.
4. ඉන්පසු වඩාත් විසිතුරු තුන්මහල් දළදා මැඳුරක් පළමු විමලධර්මසූරිය රජු ඔහු විසින්ම මුලින් ඉදිකළ දෙමහල් දළදා මැඳුර අසලම ඉදිකළ බව මෙකලම ලියැවුණු ‘දළදා පුවත’ කවි පොත හා සිංහල දළදා වංශය කියයි. පළමු විමලධර්මසූරිය රජු කළ දෙමහල් හා තුන්මහල් දළදා මැඳුරු දෙක එක ළඟ විය. සීතාවක දියවඩන නිලමේ පදවිය දැරූ හිරිපිටියෙ රාළව මෙහි දියවඩන නිලමේ විය.
රාජ්‍ය අයිතිය තහවුරු කර ගැනීමට පළමු විමලධර්මසූරිය රජු යෙදූ අනෙක් උපාය 1594 දන්තුරේ සටනින් සෞසා සෙනෙවියා ප‍්‍රධාන පෘතුගිසීන් දරුණු ලෙස පරදවා ඔවුන් යටතේ උඩරට රජ කරවීමට රැගෙන ආ උඩරට රාජ්‍යයේ නීත්‍යනුකූල හිිමිකාරිය වූ කුසුමාසන දේවි හෙවත් දෝන කතිරිනා කුමරිය බලෙන් අල්ලා විවාහ කර ගැනීමයි. පළමු විමලධර්මසූරිය රජු ඇය බලෙන් අල්ලා විවාහ කර ගන්නා විට ඇගේ වයස දොළහක් වූ බව ඕලන්ද ජාතික බලදියෙස්ගේ ලංකා විස්තරයේ එයි.
(කෝට්ටේ අග අවදිය වනවිට දියවඩන නිලමේ වූ කීරවැල්ලේ පරපුරේ පුංචි බණ්ඩා හිරිපිටියේ දියවඩන රාල 1557 සිට 1592 දක්වා අවුරුදු තිස්පහක් සීතාවක දෙල්ගමු දළදා මැඳුරේ දියවඩන නිලමේ විය. ඔහුම සෙංකඩගලට දළදා වැඩම වීමට උදව් වූ බැවින් 1592 සිට තව කාලයක් සෙංකඩගල අගනුවර දළදා මැඳුරේ යළිත් දියවඩන නිලමේ පදවියට පත් වූ බව දළදා පුවත කවි පොත කියයි.)
පාත‍්‍රා ධාතුව දළදා හිමිට පෙර සෙංකඩගලට ලැබීම
1. චූලවංශය වීරවික‍්‍රම නමින් උඩරට රජෙකු ගැන දීර්ඝ වර්ණනාවක් කරමින් ඔහු පාත‍්‍රා ධාතුව සෙංකඩගල රජ මැඳුර නුදුරු දාගැබක වඩාත් ආරක්ෂාවට නිධන් කළ බව කියයි. මෙකලම ලියැවුණු රාජරත්නාකාරය වංශකතාවේ රජුගේ නම සඳහන් නැතිව මේ රජු ගැන ඉතා දීර්ඝ වර්ණනාවක් කරයි. වීරවික‍්‍රම හෙවත් වීරපරාක‍්‍රම රජු කළ පිංකම් අතර සෙංකඩගලට පාත‍්‍රා ධාතුව ලබා ගෙන ඒ ආරක්ෂාව සඳහා සෙංකඩගල රජ මැඳුර නුදුරු දාගැබක නිධන් කළ බව චූලවංශය හා රාජරත්නාකාරය කීම ඓතිහාසික ලෙස වැදගත්ය.
2. මහාචාර්ය පරණවිතාන - කොඞ්රින්ටන් විස්තර කරන පරිදි සෙංකඩගල රාජ්‍යය ගොඩනැඟූ සේනාසම්මත වික‍්‍රමබාහු යනු මෙම වීරපරාක‍්‍රම රජුය. ඔහුගේ රාජ්‍ය කාලය කි‍්‍ර. ව. 1474 - 1511 අතර අවුරුදු 37 විය. පේරාදෙණිය විශ්වවිiාලය පළ කළ ‘ලංකා ඉතිහාසය - දෙවැනි වෙළුම’ ඉංගී‍්‍රසි ග‍්‍රන්ථයේදී ටිකිරි අබේසිංහ පෙන්වා දෙනුයේ සේනාසම්මත වික‍්‍රමබාහු හා චූලවංශය සඳහන් කරන වීරවික‍්‍රම එක් අයෙකු බවයි. එපිග‍්‍රාපියා සෙයිලනිකා ඉංගී‍්‍රසි ශිලා ලිපි සංග‍්‍රහයේ හතරවැනි කාණ්ඩයේදී කොඞ්රින්ටන් කියන පරිදි ගඩලාදෙණිය හා අලූත්නුවර ශිලා ලිපි දෙක මෙම සේනාසම්මත වික‍්‍රමබාහු රජු දී ඇත. මහාචාර්ය පරණවිතාන හා නිකලස් එක්ව ලියූ A Concise History of Ceylon ග‍්‍රන්ථය අනුව ‘සේනාසම්මත’ යන නම අනුව මෙම රජු බලයට පත් වීමට යුද හමුදාවේද සහාය ලැබී ඇති බව පෙනී යයි. මහාචාර්ය පරණවිතාන ‘ලිපිමාලා’ ග‍්‍රන්ථයේදීද වීරවික‍්‍රම හා සේනාසම්මත වික‍්‍රමබාහු එක් අයෙකු බව සඳහන් කරයි.
3. අස්ගිරි තල්පත විවරණය කරමින් මැන්දිස් රෝහණධීර ලියූ ‘අස්ගිරියෙන් උඩරට’ ග‍්‍රන්ථය අනුව සේනාසම්මත වික‍්‍රමබාහු කි‍්‍ර. ව. 1463 - 1483 අතර රජ කළ බව පෙන්වා දෙයි. සේනාසම්මත වික‍්‍රමබාහු කෝට්ටේ රාජ්‍යයට විරුද්ධව කැරලි ගසා උඩරට රජකමට පත් පළමු රජුය.
4. කොඞ්රින්ටන් පරණවිතාන, ටිකිරි අබේසිංහ, සේනාසම්මත වික‍්‍රමබාහුගේ රාජ්‍ය කාලය කි‍්‍ර. ව. 1474 - 1511 ලෙස දක්වති. එහෙත් මැන්දිස් රෝහණධීරගේ ‘අස්ගිරියෙන් උඩරට’ ග‍්‍රන්ථය අනුව ඒ කි‍්‍ර.ව. 1463 - 1483 අතරයි.
5. මේ අනුව දළදා හිමි 1592 දෙල්ගමුවේ සිට සෙංකඩගල අගනුවරට වැඩම වීමට අවුරුදු සියයකට පමණ පෙර පාත‍්‍රා ධාතුව සෙංකඩගලට ලැබී මහනුවර රජ මැඳුරට නුදුරු දාගැබක නිධන් කර ඇත.
6. පාත‍්‍රා ධාතුව නිධන් කළ දාගැබ රජ මැඳුර හා දළදා මැඳුර අසලම පිහිටි මහනුවර නාථ දේවාලයේ දාගැබකි. නාථ දේවාලයේ එක සමාන දාගැබ් දෙකෙන් පත්තිනි දේවාලයේ වැල් බෝධිය නුදුරුව ඇති දාගැබ් තුළ පාත‍්‍රා ධාතුව නිධන් කර ඇති බව පෙනෙයි.
සෙංකඩගලට පාත‍්‍රා ධාතුව ලැබුණේ කෙසේද?
1. කෝට්ටේ මුල් යුගය දක්වාම දළදා හිමි හා පාත‍්‍රා ධාතුව දළදා මැඳුරේම එකට තබා වන්දනා කිරීම චාරිත‍්‍රය විය. පාත‍්‍රා ධාතුව ගැන අන්තිමට චූලවංශය සඳහන් කරනුයේ වීරවික‍්‍රම රජුකලයි. සේනාසම්මත වික‍්‍රමබාහුගේ ගඩලාදෙණිය ශිලා ලිපියේ පාත‍්‍රා ධාතුව ගැන සඳහන් කරයි. ඒත් ඉන්පසු වංශකතා ශිලා ලිපි පාත‍්‍රා ධාතුව ගැන නිහඬය.
2. කඹුරුපිටියේ වනරතන නාහිමි ලියා සංස්කෘතික දෙපාර්තමේන්තුව පළ කළ ‘රුහුණේ පැරණි අත් ලිපි’ ග‍්‍රන්ථය අනුව කෝට්ටේ හයවැනි පරාක‍්‍රමබාහු රජු 1467 දී මියගිය පසු රජ වූයේ ඔහුගේ මුනුබුරු ජයබාහු කුමරුය. (කි‍්‍ර. ව. 1467 - 1470) මෙයට විරුද්ධ වූ සපුමල් කුමරු යාපා පටුනේ සිට සේනාව රැගෙනවිත් 1470 සටන් කළේය. සපුමල් කුමරුට අම්බුළුගල කුමරු සහායට එකතු විය. මේ දෙදෙනාම හයවැනි පරාක‍්‍රමබාහු රජු හදා වඩා ගත් පුතුන්ය. 1470 මේ අවුල කෝට්ටේ රාජ්‍යය අවුල් කළේය. දැදිගම ශිලා ලිපියේ ‘ සිංහල සංගේ’ නමින් මේ අවුල නම් කරයි.
3. 1470 මේ අවුල මතු වීම සමඟ කඹුරුපිටියේ වනරතන හිමියන්ගේ ‘රුහුණේ පැරණි අත් ලිපි’ ග‍්‍රන්ථයේ කොළවැනි ගමට දළදා හිමි වැඩම වීම අත් ලිපිය යටතේ මේ අවුල් මැද දළදා හිමි කෝට්ටේ සිට ආරක්ෂාව පිණිස
1. සිංහල රජ අඩවියේ පල්ලේකන්ද
2. මාවුල්දෙන හත්මාලේ ඇල්ල
3. රුහුණේ කොළඉන්න විහාරය
යන ස්ථාන තුනේ් අවුරුදු අසූවක් පමණ කාලයක් දළදා හිමි පමණක් රහසේ වැඩමවා ගමන් මාලිගාවල තබා පුද පූජා පැවැත්වූ බව ඉන්පසුව දියවඩන නිලමේ වූ හිරිපිටියේ රාළ ආරක්ෂාව පිණිස දළදා හිමි සීතාවක මායාදුන්නේ රජුට (කි‍්‍ර. ව. 1521 - 1551) පවරා ඇත.
4. මෙකලම වාගේ 1557 කෝට්ටේ රජකමට පත් දොන් ජුවන් ධර්මපාල කි‍්‍රස්තියානිය වැළඳ ගෙන ගියේ ඉන්පසුවයි.
5. මේ අනුව සපුමල් කුමරු 1470 ජයබාහු කුමරුට විරුද්ධව කෝට්ටේ සටන් කරද්දී දළදා හිමි ආරක්ෂාව සඳහා හිරිපිටියේ රාළ රුහුණට ගෙන ගිය අතර පාත‍්‍රා ධාතුව 1470 සෙංකඩගලට නිදහස් රාජ්‍යය පළමුවරට පිහිට වූ සේනාසම්මත වික‍්‍රමබාහු රජු වෙත පාත‍්‍රා ධාතුව ලැබී ඇත. ඒ දළදා හිමි 1592 සෙංකඩගලට වැඩම වීමට අවුරුදු සීයකට පමණ පෙරය. 1470 අවට සෙංකඩගලට ලැබුණු පාත‍්‍රා ධාතුව වීර වික‍්‍රම රජු නාථ දේවාලයේ දාගැබයක ආරක්ෂාවට නිධන් කළේ ඉන්පසුවය.
උපුටා ගැනීම - ඉරිදා දිවයින වෙබ් පුවතින්

දළදා හිමිට පෙර පාත‍්‍රා ධාතුව සෙංකඩගල රාජධානියට ලැබුණු හැටි
Reviewed by CHAA MEDIA
on
December 22, 2018
Rating:
No comments: