Seo Services

ලෙඩ රෝගවලට යන්න කියන්න නිතරම නිවැරදිව අත් හෝදන්න!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මේ දිනවල නිතරම කතාබහම ලක්වන තවත්  කාණාවක් තමා අතසේදීම. චීනයෙන් ඇරඹී ලෝකය පුරා පැතිර යන කොවිඩ් 19 වෛරස රොගයෙන් ගැලවෙන්නට හොඳම ගැලවිජ්ජාව හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානයත් උපදෙස් දෙන්නේ නිතර අත් සෝදා පිරිසුදුව තබා ගන්න කියලයි. අපි නිතරම සිටින්නේ විෂබීජ ගොහොරුවකයි. මේ නිසා නිතර ලෙඩ රෝග වැළඳීමේ අවදානම ඉහළයි. විෂබීජ සහ ඒවායින් ඇතිවන බෝවෙන රෝගයන්ගෙන් වැළැකීම සඳහා ඉවහල්වන ප්‍රධානම සෞඛ්‍ය සම්පන්න පුරුද්ද තමා  අපේ අත් පිරිසුදුව තබාගැනීම. දන්නවා කියා හිතුවාට බොහෝදෙනා නිවැරැදිව නොදන්නා නැතිනම් අමතක කර ඇති නිවැරදිව අත් හෝදන අකාරය ගැන නැවත මතක් කිරීමක් මේ.
විශේෂයෙන් පහත සඳහන් අවස්ථාවන්ට පෙර සහ පසු ඔබගේ අත් පිරිසිදු කිරීම වැදගත් වේ. ආහාර ගැනීම, ආහාර සැකසීම, වැසිකිළි භාවිතය, දරුවන්ගේ නැපි මාරු කිරීම හෝ දරුවා අත පත ගෑමේදී, රෝගියෙකුට සත්කාර කිරීම තුවාලයකට ප්‍රතිකාර කිරීම හෝ අත අපිරිසිදු වූ ඕනෑම අවස්ථාවක, කඳවුරුවල සේවය කිරීමේදී, මුහුණු ආවරණ ඉවත් කිරීමේදී හෝ එම ආරක්ෂිත උපකරණ ගලවා ඉවත් කිරීමේදී.
ඊට අමතරව පහත සඳහන් ක්‍රියාවන් කිරීමෙන් පසුව ඔබගේ අත් පිරිසිදු කරගන්න:
කිවිසුම් යෑමේදී, කහින විට හෝ ඔබේ නාසය බුරුල් කරන විට එක් වරකට ටිෂූ එකක් භාවිතා කිරීමද සුදුසුය. තවත් පුද්ගලයෙකු අත් ස්පර්ශ කිරීමෙන් පසු හෝ සතෙකු ස්පර්ශ කිරීමෙන් හෝ සතුන් සුරතල් කිරීමෙන් පසු, කුණු කසළ අත ගෑමෙන් පසු, අපිරිසිදු භාණ්ඩ ස්පර්ශ කිරීමෙන් පසු.
අත් හොඳින් සේදීම කරන ආකාරය:
අත් සේදීම කළ යුත්තේ දෑත හොඳින් පිරිසිදු වන අයුරිනි. සබන් හා ජලය යොදා අත් හොඳින් සේදීම කරන ආකාරය පියවර වශයෙන් පහත පරිදි වේ.
• මුලින්ම අත් වතුරෙන් තෙමාගන්න • සබන් හෝ අත් සෝදන දියරය අතෙහි ගල්වන්න • තත්පර 20ක් හොඳින් අත් අතුල්ලන්න • ඉන්පසු තත්ත්පර 10ක් අත වතුරෙන් සෝදන්න • පිරිසිදු වියළි තුවායකින් වියළි කරන්න හෝ ටිෂූ එකකින් පිසදාගන්න (රූප සටහන බලන්න.)
පුෂ්පා රම්‍යානි සොයිසා
පුහුණු කිරීමේ හෙද නිලධාරිනී
කොළඹ ජාතික රෝහල

උපුටා ගැනීම - දේශය වෙබ් අඩවියෙන්

ලෙඩ රෝගවලට යන්න කියන්න නිතරම නිවැරදිව අත් හෝදන්න! ලෙඩ රෝගවලට යන්න කියන්න නිතරම නිවැරදිව අත් හෝදන්න! Reviewed by CHAA MEDIA on February 29, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.