Seo Services

මේ වගේ ගීතයක් නම්.....

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මේ වගේ ගීතයක් නම්
මා ගයා නෑ මෙතෙක් කල්
ආදරේ නාමෙන් ප්‍රියේ
සිහිනයෙන් රෑ පැතූ දේ
සිහිනයක් සේ සැබෑ වේ
ආදරේ නාමෙන් ප්‍රියේ
සිතක් මදි වගෙයි හිතන්නට
කියන්නද කෙසේ
මුවත් ගොත ගැසෙයි කියන්නට
හිතන්නද කෙසේ

සෙනෙහස මදහස ලෙන්ගතු ප්‍රිය බස
ඔබගෙනි මා වටහා ගත්තේ
වෙනත් කෙනෙකු ළඟ එය නැත්තේ
මතු ඔබ පමණයි මට ඇත්තේ..

මේ වගේ ගීතයක් නම්....

අමුතුම මිහිරිම සුන්දර අරුතකි
ආදරයට ඔබ දී ඇත්තේ
මමත් ළඟදී එය දැනගත්තේ
මට ලොව වෙන මොනවද නැත්තේ...

මේ වගේ ගීතයක් නම්.... 
  ගායනය - ජේ.ඒ.මිල්ටන් පෙරේරා
නව ගායනය - ප්‍රියංකර පෙරේරා
          පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - මිල්රෝයි ධර්මරත්න 
මේ වගේ ගීතයක් නම්..... මේ වගේ ගීතයක් නම්..... Reviewed by CHAA MEDIA on January 06, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.