Seo Services

එපා කරපු උරහිසේ වේදනාව එන්නේ ඇයි?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
සාමාන්‍යයෙන් බොහෝදෙනා නිතර පැමිණිලි කරන තත්ත්වයකි, උරහිස වේදනාව. මොකක්ද මේ උරහිස් වේදනාවට හේතුව.
අපේ උරහිස සෑදී ඇත්තේ මාංශපේශි, ඛන්ඩරා හා අස්ථි මෙන්ම උරහිස් හන්දිය දායක වීමෙනි. උරහිසේ වේදනාවක් ඇතිවීමට මෙම කොටස්වල ව්‍යාකූලතාවක් හේතු කාරක වන්නේය. උදාහරණයක් ලෙස කීවොත් මාංශපේශීවල සිදුවන ඉරීමක් හෝ තදවීමක්, අස්ථිවල සිදුවන බිඳීමක් හා උරහිස් සන්ධිවල ඇතිවන ආතරයිටිස් තත්ත්වයක් මෙයට හේතු විය හැකිය.
එහෙත් ඔබගේ ශරීරයේ වෙනත් ස්ථානයක හටගන්නා රෝගී තත්ත්වයක් සමඟ ඇතිවන වෙනසක් ද උරහිසේ වේදනාවක් ලෙස දැනෙන්නට හැකිය.
නිදසුනක් ලෙස බෙල්ල ආශ්‍රිතව, මහා ප්‍රාචීරය ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතාවක් හෝ ස්නායුවල තෙරපීමක් නිසා මෙසේ උරහිසේ වේදනාවක් ඇතිවිය හැකිය. තවද හෘදයේ ඇතිවන ඇනජයිනා කැක්කුම ද උරහිසේ වේදනාවක් ලෙස මතුවිය හැකිය. එපමණක් නොව පෙනහැල්ලේ හටගන්නා කුඩා ගෙඩි විශේෂයක් ද උරහිසේ වේදනාව ඇති කිරීමට හේතුවකි.
ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නකු නම් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් ද උරහිසේ අධික වේදනාවක් හටගනී. මෙසේ හටගන්නා වේදනාව ක්‍රමයෙන් උරහිස දිගේ පහළට ඇදී යනු ඇත.
මෙසේ උරහිසේ වේදනාවක් ඇතිවූ විට වෛද්‍යවරයකු වෙත යෑම අනිවාර්ය වේ. එහෙත් ඇතැම්විට වෛද්‍යවරයා හමුවෙන තෙක් එම වේදනාව දරා සිටීමට නොහැකි නම් පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් ගැනීම කළ හැකිය. වැරදි ඉරියව්වක නිදාගැනීම, හිස පැත්තකට ඇදෙන සේ වැටීම හෝ තල්ලුවීම, හිස දෙපසට වැඩි වාරයක් හැරවීමට සිදුවන පිහිනුම් වැනි ව්‍යායාමවල යෙදීම, අධික ආතතිය, විෂාදය, වැරදි ඉරියව්වලින් දිගු කලක් වාඩි වී වැඩ කිරීම, පරිගණකය වැරදි පිහිටීමක තබා බැලීම මෙන්ම ජංගම දුරකතනය හිස පසෙකට හරවා රඳවාගෙන වැඩි වෙලාවක් කතා කිරීම වැනි හේතු ද මේ තත්ත්වයට මුල් වේ.
උරහිසට සිදු වූ අනතුරක් හේතුවෙන් වේදනාවක් දැනෙන්නේ නම් රෙදි කැබැල්ලක ඔතන ලද අයිස් කැටයක් ආධාරයෙන් උරහිස තැවිය හැකිය. මඳ රස්නේ උණු වතුරෙන් තැවීම හෝ වේදනාව සමනයට පත් කළ හැකි ආ‍ලේපනයක් භාවිත කරන්නට ද හැකිය.
වේදනාව දැනෙන උරහිස ආශ්‍රිත අතින් කරනු ලබන වැඩ සීමා කිරීම කළ යුතුය. නමුත් දිගින් දිගට එන වේදනාවට අත්බෙහෙත් කරමින් බලා සිටීම සුදුසු නැත.
ඔබගේ උරහිස් වේදනාව වෛද්‍යවරයකු වෙත පෙන්වා ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර හෝ ඔහුගේ උපදෙස් මත භෞත චිකිත්සක ප්‍රතිකාර ගත යුතුය. යම් ලෙසකින් උරස් හන්දියට සැලකිය යුතු අනතුරක් සිදු වී ඇත්නම් උරස් හන්දිය රතු වී, ඉදිමී ඇත්නම් උණ ගැනෙනු ඇත.
ශ්වසනයේ අපහසුවක් හෝ පපුව ප්‍රදේශයේ කැක්කුමක් වැනි තත්ත්වද මේත් සමඟම ඇතිවේ නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත් වේ. උරහිසේ වේදනාවන් සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප්‍රතිකාර ද තිබේ. මෙහිදී ශාරීරික ව්‍යායාම, කෙටි තරංග හෝ අධෝරක්ත කිරණ ප්‍රතිකාර ද උපයෝගී කරගනු ලැබේ.
උපුටා ගැනීම - දේශය වෙබ් අඩවියෙන්
එපා කරපු උරහිසේ වේදනාව එන්නේ ඇයි?  එපා කරපු උරහිසේ වේදනාව එන්නේ ඇයි? Reviewed by CHAA MEDIA on December 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.