Seo Services

තෘප්තිය! ඇත්ත ඇති සැටියට

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif  
ලිංගිකත්වය යනු ස්වභාවික ආශ්වාදයකි. අපි ආහාරවලට ප්‍රිය කරනවා සේම ලිංගික තෘප්තියටද ආශා කරනවා. ලිංගික ආශාව යනු ඕනෑම නිරෝගී පුද්ගලයකුගේ මනසේ ඇතිවන උත්තේජනයකි. මිනිසකුගේ ස්වභාවික ලිංගික චක්‍රය අධ්‍යනය කිරීමේදී එය ප්‍රධාන අවස්ථා 4කට බෙදෙනවා.
1. ආශාව (Desire Phase)
2. අවදි වීම (Arousal Phase)
3. උපරිම තෘප්තිය (Orgasm)
4. සමාප්තිය (Resolution Phase)
පළමු අවධිය
මෙම අවධිය ලිංගිකව එකතුවීමට ඇති ආශාව සමග ලිංගික සිහිනවලින් පිරී පවතී. එම සිහින තුළ තම සහකාරයා හෝ සහකාරිය සමග ලිංගිකව එකතු වීම, සිප ගැනීම්, වැළඳගැනීම් දවල් සිහින සමග එකතු වේ. මෙම ලිංගික සිහින නිරෝගී මනසක ඇතිවන ස්වභාවික තත්ත්වයකි.
දෙවැනි අවධිය (ලිංගිකව අවධි වීම)
පුද්ගලයකු ලිංගික කාර්යායට පෙළැඹෙන විටකදී මනස මෙන්ම ශරීරය ද අවදි වේ. පිරිමියෙකුගේ නම් හොඳින් ශිෂ්ණය ප්‍රාණවත් වන අතර ස්ත්‍රියකගේ නම් යෝනි මාර්ගය හොඳින් තෙත් වේ.
තුන්වන අවධිය (උපරිම තෘප්තියට පැමිණීම)
පුරුෂයකු ශුක්‍රාණු පිටවීමෙන් උපරිම තෘප්තියට පැමිණෙන අතර කාන්තාවක් නම් යෝනි මාර්ගය අවට මාංශ පේශීන් තදවීම සමඟ ලැබෙන අපූරු තෘප්තියකින් සුරාන්තයට පැමිණේ.
හතරවන අවධිය (සමාප්තිය)
ලිංගික කාර්යයෙන් පසු, එනම් උපරිම තෘප්තියට පැමිණීමෙන් පසු මනස සහ ශරීරය සැහැල්ලුවේ. මෙම සමාප්ති කාලය කාන්තාවකට නම් කෙටි කාලයකි. මේ නිසාම එක් ලිංගික කාර්යයක් ඇතුළත ඇයට කීප විටක්ම උපරිම තෘප්තියට හෝ සුරාන්තයට පැමිණිය හැක.
කාන්තාවන්ට උපරිම තෘප්තිය දැනෙන්නේ කෙසේද?
මෙය විවිධය. මෙය එක් කාන්තාවකගෙන් තවත් කාන්තාවකට වෙනස් වේ. නමුත් අවාසනාවකට කාන්තාවන් සීයක් ගත්තොත් මෙම අපූරු තෘප්තිය ආශ්වාද කළ හැක්කේ විසිපස් දෙනෙකුට පමණ බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත. මෙම ආශ්වාදය ස්ත්‍රියකට දැනෙන්නේ කෙසේදැයි සොයාබලමු.
අපගේ ආශාව ජනිත වනුයේ මොළය තුළිනි. එනම් උපරිම තෘප්තියට පැමිණීමේදී එම සතුටට සමගාමීව මොළය තුළ එන්ඩොපින්, ඩෝපමින් සහ සෙරොට්නීන් වැනි සතුට ගෙන දෙන අපූරු රසායන ද්‍රව්‍ය ශ්‍රාවය වීමක් සිදුවේ. එමෙන්ම මොළය තුළින් දිවෙන ස්නායු පද්ධතිය සමග යෝනි මාර්ගය සහ ඒ අවටින් පිහිටා ඇති ‘භගමනිය’ (Clitoris) සහ ජී-ස්පොට් (G-Spot) යන ස්ථාන ද උත්තේජ වේ. විශේෂයෙන්ම ලිංගික සංසර්ගයේදී ශිෂ්ණය ඉහත ස්ථානවල ඇතිල්ලීමෙන් ඉතා ඉක්මණින් කාන්තාවන් උපරිම තෘප්තියට පැමිණේ.
කාන්තාවක් උපරිම තෘප්තියට නොපැමිණීමට හේතු
1. දෙදෙනා අතර තිබෙන සම්බන්ධතාවයේ ගැටලු (Relationship Problem)
2. මානසික අවපීඩනයෙන් හෝ දැඩි ආතතියෙන් පෙලීම (Mental Depression and Anxiety)
3. සංස්කෘතික හා ආගමික විශ්වාසවලට ගොදුරු වීම (Cultural and Religion Belief)
4. පාලනය නොවූ දියවැඩියාව (Uncontrolled Diabetes)
5. කුඩාකළ වැරදි ලිංගික අධ්‍යාපනයට යොමුවීම (Wrong sexual Education)
6. කුඩා කාලයේ ලිංගික අපයෝජනයට ගොදුරු වීම (Sexual abuse)
7. සමහර ඖෂධ වර්ග ගැනීම (Some Medicines)
8. සමහර ශෛල්‍යකර්ම වලට භාජනය වීම (Like – Hysterectomy)
සත්‍ය කථා කීපයක් ඇසුරැ කරගෙන කාන්තාවක් උපරිම තෘප්තියට නොපැමිණීමට මුල් වූ පරිසරාත්මක හේතු කීපයක් අධ්‍යයනය කර බලමු.
පියල් සහ සුමුදු විවාහ වී වසර පහකි. ඔවුන්ට අවු. 2ක දරුවෙක්ද සිටී. සුමුදුට ප්‍රථම ලිංගික එක්වීමේදී ලේ යාමක් සිදු නොවුණු බැවින් කන්‍යාභාවය තහවුරු කිරීමට නොහැකි විය. දැඩි පිළිවෙත් සහ මතධාරීන් වූ පියල්ගේ දෙමාපියන් එයට උරණ වී සිටියේය. පියල්ද ඉතා සුළු සිද්ධියක් අරභයා නිතරම මේ ගැන මතක් කරමින් සුමුදුට අපහාස කළේය. මේ නිසාම සුමුදුට පියල් ගැන තිබුණේ අප්‍රසන්න හැඟීමකි. ඇය පියල් සමඟ ලිංගිකව එකතු වූයේද දැඩි තෘප්තියකින් හෝ සතුටකින් නොවේය. මේ අසතුට නිසාම ඇයට ලිංගික කාර්යයේදී ගැඹුරු ලිංගික කාර්යයේදී ගැඹුරු ලිංගික අවධි වීමක්ද සිදු නොවූවාය. යෝනි මාර්ගයේ තෙත්වීමද හොඳින් නොවූවාය. ඇය කිසිදිනක උපරිම තෘප්තිය හෝ සුරාන්තයේ පහස නොලැබුවාය.
ඉහත කතාවෙන් පෙන්නුම් කරනුයේ සම්බන්ධතාවය බිඳ වැටීමෙන් ලිංගික තෘප්තියට හානිවන ආකාරයයි. ශරීරයේ තිබෙන විශාලම ලිංගික අවයවය මොළයයි. ආදරය සහ ලෙන්ගතුකම නිසි ලෙස මොළයට නොදැනුණු තැන ලිංගික තෘප්තිය ද ඔබෙන් පලා යයි.
පාලිකාගේ වයස අවු. 40යි. ඇය විවාහ වී අවුරුදු පහළොවකි. ළමුන් දෙදෙනෙක් සිටී. පසුගිය අවු. 5 තුළදී ඇය තම ස්වාමියා සමග එක්වීමේදී උපරිම තෘප්තියට නොපැමිණෙන බව ඇයට දැනුණි. නමුත් පාලිකා සහ ඇගේ සැමියා අතර කිසිදු ආරවුලක් හෝ ගැටලුවක්ද නොතිබුණි. මනෝ වෛද්‍යවරයාගේ තීරණය අනුව ඇගේ ලේ පරීක්ෂා කිරීමේදි ඇය තදබල ලෙස දියවැඩියාවෙන් පෙළෙන බව සොයා ගැනුණි. පාලනය නොවූ දියවැඩියාව උපරිම තෘප්තියට පැමිණීමට බාධාවකි. මෙම තත්ත්වයේදී උදරයේ සීනි ප්‍රමාණය වැඩි වන අතර වැඩිවන සීනි සමග ස්නායු සහ රුධිර වාහිනී දුර්වල වී මොළය සහ ලිංගික අවයව අතර ඇති සියුම් සම්බන්ධතාවයටද මේ නිසා හැනි ඇතිවේ. මේ සමගම ලිංගික තෘප්තිය ඔබෙන් පලා යයි.
කාන්තාවක් වන ඔබ උපරිම තෘප්තියට (Orgasms) නොපැමිණේ නම් නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමට මනෝ වෛද්‍යවරයකු හමුවිය යුතුයි. යන්ත්‍ර මන්ත්‍ර යාග හෝම පිටුපස යාම මුලාවකි.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක
උපුටා ගැනීම -  http://www.deshaya.lk

තෘප්තිය! ඇත්ත ඇති සැටියට තෘප්තිය! ඇත්ත ඇති සැටියට Reviewed by CHAA MEDIA on August 03, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.