Seo Services

පහසුවෙන් ගැලවෙන්න හැකි මාරකය: මුඛ පිළිකාව

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ශ්‍රී ලංකාව තුළ සෑම වසරක් පාසා අලුතෙන් මුඛ පිළිකා රෝගීන් 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් වාර්තාගත වන බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි. එසේම, සෑම දිනකම මුඛ පිළිකාව හේතුකොට දෙදෙනකු මියයන බවද වාර්තා වෙයි. මේ අනුව ලංකාව ලෝකයේ මුඛ පිළිකා බහුලව වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව තිබේ. එහෙයින්ම අද මුඛ පිළිකාව පිළිබඳව දේශය පාඨක ඔබ දැනුවත් කරන්නට අපි සිතුවෙමු.
එදිනෙදා ජීවන රටාවේ සුළු වෙනස්කම් කිහිපයක් කර ගැනීමෙන් හා සාමාන්‍යයෙන් තමන්ටම කරගත හැකි මුඛ පරීක්ෂාවක් සිදුකර ගැනීමෙන්ද කුඩා සැකයක් හෝ පහළ වූ වහාම වෛද්‍ය උපදෙස් පැතීමෙන්ද මේ මාරාන්තික රෝගයෙන් බේරෙන්නට හැකි බව ඔබ දන්නවාද?
• මුඛ පිළිකා රෝග ලක්ෂණ
මුඛ පිළිකාවේ මුල් අවධියේදී කැපී පෙනෙන රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත. ඔබ නිතර දුම්පානය කරන මත්පැන් භාවිතයට ගන්නා මෙන්ම දුම්කොළ සහිත බුලත්විට සපන අයෙක් නම් දන්ත වෛද්‍යවරයකුගේ නිරන්තර පරීක්ෂාවට ලක්විය යුතුයි. එවිට මුල් අවදියේදී රෝගය හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. ඒ හැර සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ලක්ෂණ තමා මේ.
• ආහාර හැපීමේ, ගිලීමේ අපහසුතාව, කතා කිරීමේ අපහසුතාව, දිව සහ හනුව චලනයේදී ඇතිවන අපහසුතාවයන්.
• දත් මත ඇතිවන අසාමාන්‍ය වෙනසක්, අවපැහැය සහ දත් කුහර
• උගුරේ පසුපස යමක් හිරවී ඇති සේ දැනීම
• කටහඬ වෙනස්වීම, දිගුකාලීන උගුරේ ආසාදන සහ ගොරෝසු බව
• විදුරු මස, තොල, දිව, තල්ල ඇතුළු මුඛය තුළ ඝනවීම්, ඉදිමීම්, අසාමාන්‍ය ගැටිති, තුවාල, ලප, කැලැල් බඳු ස්වභාවයක් ඇතිවීම.
• මුඛය තුළ රතු හෝ සුදු පාට ලප හෝ ගඩු වැනි ස්වභාවය
• අසාමාන්‍ය රුධිර වහනය
• දිවේ හටගන්නා කැක්කුම
• මුහුණේ ගෙලේ හෝ මුඛය තුළ ඇතිවන අසාමාන්‍ය කැක්කුම්, වේදනා නැතිනම් හිරිවැටීම් තත්ත්වය.
• මුහුණේ මුඛයේ හෝ ගෙලේ ඇතිවන ලේසියෙන්ම රුධිරය වහනය වන තුවාල සහ ඒවා සති දෙකකට වැඩි කාලයක් සුව නොවී තිබීම.
මේ කියන කාරණා මුඛ පිළිකාව නිසාම හටගන්නා ලක්ෂණ නොවූවත් ඒ ගැන සුදුසු දන්ත වෛද්‍ය නිරීක්ෂණයකට ලක්වීමෙන් මුඛ පිළිකා අවදානමෙන් ගැලවිය හැකියි.

මුඛ පිළිකාව හැදෙන හේතු
• අධික ලෙස මත්පැන් පානය
• රතු මස්, සකසන ලද මස්, බදින ලද ආහාර අධිකව ගැනීම
• පළතුරු, එළවළු අඩුවෙන් ආහාරයට ගැනීම
• මුඛය පිරිසුදුව තබා නොගැනීම
• පවුලේ යම් අයකුට පිළිකාව වැළඳී තිබීම
• ඇතැම් මානව පැපිලෝමා වයිරස් ආසාදනයට ලක්වීම.
- සුගත්

උපුටා ගැනීම -  http://www.deshaya.lk
පහසුවෙන් ගැලවෙන්න හැකි මාරකය: මුඛ පිළිකාව පහසුවෙන් ගැලවෙන්න හැකි මාරකය: මුඛ පිළිකාව Reviewed by CHAA MEDIA on August 24, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.