Seo Services

මස් ගල්කරන අමුතු ලෙඩේ FOP

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
සිරුරේ මාංශපේෂි සහ කණ්ඩරා (tendon) ක්‍රම ක්‍රමයෙන් ඝන වී අස්ථි භවනය වීමට ලක්වෙමින් කාලයත් සමග රෝගියාගේ ශරීරය සම්පුර්ණයෙන්ම අඩපණ කර දමන ඉතාමත් දුර්ලභ රෝගී තත්ත්වයක් ගැනයි අද සොයා බලන්නේ. FOP නැත්නම් Fibrodysplasia Ossificans Progressiva ලෙස හැඳින්වෙන මෙය ජානමය රෝගී තත්ත්වයකි. මෙය සම්ප්‍රේෂණය වන්නේ ප්‍රමුඛ අලිංගික වර්ණදේහ මගිනි. එනම් මවට හෝ පියාට රෝගය තිබේ නම් දරුවන්ට එම රෝගය නිතැතින්ම උරුම වේ.
මෙම රෝගයට ආවේණික ප්‍රධානතම ලක්ෂණය වන්නේ ගැටීමකින් පසු පටකවල ඇතිවන වේදනාකාරී තුවාලයකි. මෙම තුවාල ප්‍රධාන වශයෙන් පිටකොන්දේ මාංශපේශිවල හටගනී. ඇතැම්විට බිහිරිබව සහ හිස මුඩු බවද (Alopecia) ඇතිවීමට හැක. එය වැළඳුන අයට ඉතාමත් සුළු ගැටීම්, වැදීම් පවා දරාගත නොහැකි වේදනාවක් ඇති කරන අතරම, එම ගැටීම් වැදීම් නැවත වෙනස් කළ නොහැකි ආකාරයේ අස්ථි අධි වර්ධනයක් සිදුකිරීමට උත්තේජක ලෙස ක්‍රියා කරයි.
මෙම නිසා සරල එන්නත් කිරීම්, ශල්‍යකර්ම හා ශරීරයේ පටක විශ්ලේශනය කිරීම පවා ජීවිත අවදානමක් ඇති කිරීමට හේතු වේ. ප්‍රධාන වශයෙන් රෝග විනිශ්චය සිදුකරනු ලබන්නේ විධිමත් සායනික පරීක්ෂාව මගිනි. MRI පරීක්ෂාවෙන් පසුව මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන බවට නිගමනයට එළඹිය හැකිය. පෙර සඳහන් කළ පරිදි මෙම රෝගය නිට්ටාවට සුව කළ නොහැකිය. ඖෂධ මගින් රෝගය උග්‍රවීම කෙරෙහි බලපාන ගැටීම් වැටීම් වැනි සාධක වළක්වා ගත හැකි අතර එමගින් රෝගය වර්ධනය වීම මන්දගාමී කරගැනීමට පමණක් හැකිවේ. ඒ අන්දමින් සලකන විට මෙය කරුමක්කාර ලෙඩකි.
නමුත් ලෝකයේම ජනගහණය සැලකූ විට මේ රෝගී තත්වයෙන් පෙළෙන්නේ 200ක් පමණ සුළු ප්‍රමාණයක්. රෝගය වැළඳීමේ ප්‍රවණතාව කාන්තාවන් අතර ඉහළ අගයක් ගනී. එම නිසා ඔබේ හෝ ඔබේ දරුවාගේ හිසේ, ගෙල ප්‍රදේශයේ සහ පිටකොන්දේ පැහැදිලි කළ නොහැකි සීඝ්‍ර වර්ධනයක් සහිත ඉදිමුම් මතු වුවහොත් ඒ පිළිබඳව වඩාත් දැඩි අවධානය යොමුකර නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම කළ යුතුමය.
- Gene Repots
උපුටා ගැනීම -  http://www.deshaya.lk
මස් ගල්කරන අමුතු ලෙඩේ FOP මස් ගල්කරන අමුතු ලෙඩේ FOP Reviewed by CHAA MEDIA on August 03, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.