Seo Services

රෝග රැසකට ගෙදරදීම බෙහෙත්....

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ආයුර්වේද - හෝමියෝපති - යුනානි -  බටහිර වෙදකම සහ දේශීය වෙදකම ඇතු`ථ වෛද්‍ය ක‍්‍රම දේශීය ආයුරේවේද වෛද්‍ය ශාස්ත‍්‍රය විශ්මිත ප‍්‍රතිඵල ගෙන දෙන අත්දුටු ප‍්‍රත්‍යක්‍ෂ වෛද්‍ය ක‍්‍රමයකි. ආයුෂ වැඩි කරන ක‍්‍රමවේදය යන්න ආයුර්වේදය යන්නෙහි ගම්‍ය වන අර්ථයයි.

 පෙර කල පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ ආයුර්වේද හෙළ වෙදකම වර්තමානයේ නොයෙකුත් ගුරු කුලවලට ආවේණිකව ඉගෙනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට හැදෑරීමට හැකි අයුරින් නිර්මාණය වී ඇත.

 උණ හෙම්බිරිස්සාවේ සිට කැඩුම් බිඳුම් පමණක් නොව ගෙඩි පිළිකා වැනි මාරාන්තික රෝගවලට පවා දැන් හෙළ වෙදකමේ ප‍්‍රතිකාර ක‍්‍රම දක්වා ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව පමණටම උරෙන් උර ගැටී හෙළ වෙදකමද  රෝගීන් සුවපත් කිරීමෙහි සමර්ථකම් පෙන්වයි.

 පහත දක්වා ඇත්තේ බෝදෙණිය වෙද පරපුරේ පාරම්පරික අක්‍ෂි හා පිළිස්සුම් වෛද්‍යාචාර්ය, ඊ. එන්. ජීවත්හාමි වෙද මහතාගේ (මගේ සීයාගේ) වෙද අත්පොතෙන් උපුටා ගන්නා ලද දේශීය වෙදකම් කිහිපයකි. ලෙඩ සුව වීමට බුදු දහමෙහි බලය බොහෝ සෙයින් බලපායි.

 * ඕනෑම සුළු අසනීපයක් සඳහා

 සබ්බ පාපස්ස අකරණං
 කුසලස්ස උපසම්පදා
 සචිත්ත පරියෝ දපනං
 ඒතං බුද්ධානු ශාසනං
 යන ගාථාව පැන් බඳුනකට 7 වර 9 වර 21 වර පිරිත් කර බීමට දෙන්න. සහනයක් ලැබේ.

 * උලූක්කු ඇදීමට මන්ත‍්‍රය

 ගල් උලූක්කු මුල් උලූක්කු
 හන්දියෙ දියේ දී
 වැටි වැටී ඒස්වා හඃ

 3 වරක් මී තෙල්වලට මතුරා වරු තුනක් ගා අදින්න.

 * උගුරේ ආබාධ සඳහා

 ගම්මිරිස් කුඩු මී පැණියෙන් අඹරා මුඛය හොඳින් විවර කර ඇඟිල්ලක ආධාරයෙන් උගුරේ දිව අග අතුල්ලන්න සෙම කැඞී ගොස් සුව වේ.

 * කැපුණු තුවාලවලට

 ලේ නැවතීමට කෝපි කොළ කොටා තුවාලයේ තබා රෙදි පටියකින් ගැට ගසන්න.

 * බොහෝ දුර ඇවිදීමෙන් හට ගන්නා පතුල් ඉදිමුමට හා වේදනාවට

 ගොරකා මඳ ටිකක් තැම්බූ උණුසුම් ජලයෙන් සෝදන්න.

 * පණු රෝග සඳහා

 ඇත්තෝර දලූ, කොළ සිහින්වට ලියා පොල් ටිකක් සමග මිශ‍්‍ර කර මැල්ලූම් සාදා කෑමට ගන්න.

 * සෙම් අමාරු සඳහා

 එළබටු කොළ කැඳ සාදා බොන්න.

 * තද හිසරදයට

 ඉතිපිසෝ භගවා අරහං ගාථාව තැඹිලි තෙල්වලට නව වරක් මතුරා ගල්වන්න. සහනය සැලසේ.

 * හිසකෙස් වර්ධනයට හා අකලට පැසීම වැළැක්වීමට

 එඬරු තෙල් මඳක් රත් කර හිසෙහි ගල්වන්න.

 * කටහඬ මිහිරි වීමට

 හොඳින් වේළුණු පොල් කැබැල්ලක් අලූයට දමා පුළුස්සා කෑමට ගන්න.

 * අළුහම්වලට

 පේර කොළ කොටා ඉස්ම ආලේප කර පැය භාගයක් පමණ තබා සෝදා හරින්න.

 * හමෙහි ඇතිවන පිළිස්සුම් තුවාල කැළල් මැකීමට බත් පෙණ කැළල් මත තවරා තබන්න.

 * දිගු කෙස් කළඹක් සඳහා

 පිරිසිදු තැඹිලි තෙල්වලට කීකිරිඳිය, ගොටුකොළ, රතුලූනු, මුකුණුවැන්න මිශ‍්‍ර කර හොඳින් පස්සවා පෙරා ආලේප කරන්න.

 * ඇස් දැවිල්ල සඳහා

 දෙලූම් කොළ, සමන්පිච්ච මල් ගෙන එකට තම්බා නිවුණු පසු පෙරා ඇස් සෝදන්න. සුවයක් දැනේ.

 ඉහත ප‍්‍රතිකාර ක‍්‍රම නිවසේ සිටිනා ඔබට පහසුවෙන් සහ ඉක්මනින් කරගත හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයන් වේ. නිසි පරිදි සකසා ගැනීමෙන් ප‍්‍රතිඵල සාර්ථක වේ

 උපමාලිකා අභයරත්න

 උපුටා ගැනීම - http://divaina.com
රෝග රැසකට ගෙදරදීම බෙහෙත්.... රෝග රැසකට ගෙදරදීම බෙහෙත්.... Reviewed by CHAA MEDIA on August 17, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.