Seo Services

සම්පූර්ණ රුධිර පරීක්ෂාව හෙළි කරන රහස්!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මේ කාලේ වැඩිපුර අහන්න ලැබෙන වෛද්‍යවරු නිතර ගන්න කියා උපදෙස් දෙන  FBC – නැත්නම්  FULL BLOOD COUNT කියන පරීක්ෂණයෙන් සිරුරේ රහස් ගණනාවක් හෙළිවෙන බව ඔබ දන්නවාද?
මෙ‍ම ‍ප‍රීක්‍‍ෂ‍ණ‍ය හැඳින්වෙන්නේ ‍සම්පූර්ණ  රුධි‍ර ‍ප‍රීක්‍‍ෂ‍ණ‍යක්‍ ‍ලෙ‍සයි. මෙය ‍වෛ‍ද්‍ය‍ව‍රුන්‍ ‍වි‍සින්‍ ‍බ‍හු‍ල‍ව ‍නි‍ය‍ම ‍ක‍ර‍නු ‍ල‍බ‍න ‍ප‍රීක්‍‍ෂ‍ණ‍ය‍කි. ‍මෙ‍හි‍දී ‍ප‍රීක්‍‍ෂා කරනු ‍ල‍බන්‍‍නේ ‍රුධි‍ර‍යේ ‍රුධි‍රා‍ණු ප්‍ර‍මා‍ණය‍යි.
රුධි‍ර‍ය ‍සෑ‍දී ‍ඇත්‍‍තේ ‍රුධිර ‍සෛ‍ල ‍ස‍හ ‍රුධි‍ර ‍ත‍ර‍ල‍යෙ‍නි. ‍රුධි‍ර ‍සෛ‍ල ‍දෙ‍වර්ගය‍කි. එනම් සුදු රුධිර සෛල සහ සුදු රුධිර ‍සෛ‍ලයි. ‍මී‍ට ‍අ‍ම‍ත‍ර‍ව ‍රුධි‍ර ‍පට්‍‍ටි‍කා ‍ස‍හ ‍රුධි‍ර ප්‍‍ලාස්‍‍මාව ප‍ව‍තී. මෙ‍ම ‍සි‍ය‍ලු‍ම ‍සෛ‍ල වර්ග‍ව‍ල ප්‍ර‍ති‍ශ‍ත‍යක් ‍මෙ‍ම ‍ප‍රීක්‍‍ෂණය ‍ම‍ගින්‍ ‍ල‍බා‍ග‍ත ‍හැ‍ක.
ප‍රීක්‍‍ෂ‍ණ‍ය‍ට ‍සූ‍දා‍නම්‍ ‍වී‍ම
‍මෙ‍ම ‍ප‍රීක්‍‍ෂ‍ණ‍ය‍ට ‍රෝ‍ගි‍‍යාගේ ‍කි‍සි‍දු ‍පෙ‍ර ‍සූ‍දා‍න‍මක්‍ ‍අවශ‍්‍ය ‍නො‍වේ. ‍ඕ‍නෑ‍ම ‍වේ‍ලා‍ව‍ක ‍ර‍සා‍ය‍නා‍ගා‍ර‍යක්‍ ‍වෙ‍ත ‍ගොස්‍ ‍මෙ‍ම ‍ප‍රීක්‍‍ෂ‍ණ‍ය ‍සිදු ‍ක‍ර‍ග‍ත ‍හැ‍ක. ‍මේ ‍සඳ‍හා රෝ‍ගි‍‍යාගේ ‍රුධි‍ර‍ය 3ml ‍ප‍ම‍ණ ‍ල‍බා‍ග‍නී.
FBC ‍වාර්තාව‍ක ‍ති‍බෙන්‍‍නේ ‍මො‍න‍වා‍ද?
හිමෝග්ලොබින් ප්‍රමා‍ණය හෙවත් HB
රැධි‍ර‍යේ හිමොග්ලොබින් ප්‍රමා‍ණය ‍පුද්‍‍ග‍ල‍යකු‍ගේ ‍ව‍ය‍ස ‍අ‍නු‍ව ‍වෙ‍නස්‍ ‍වේ.
උ‍ප‍තේ ‍දී ‍රුධි‍ර‍යේ හිමොග්ලොබින් ප්‍රමා‍ණය 20gcm3 ‍වේ.
ඉ‍ප‍දී ‍ප‍ළමු ‍දි‍න‍යේ ‍දී 16 – 20g/dl ‍ප‍ම‍ණ ‍වේ.
ප‍ළමු ‍මා‍ස 3 ‍දී  ‍එ‍ය 10 – 11g/dl‍ ප‍ම‍ණ ‍වේ.
ව‍ය‍ස ‍අ‍වු‍රුදු 15න්‍ ‍ප‍සු‍ව ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍‍ග‍ල‍යකු‍ගේ ‍ති‍බි‍ය ‍යු‍තු ප්‍රමා‍ණ‍ය‍ට ‍ළඟා ‍වේ.
වැ‍ඩි‍හි‍ටි ‍පි‍රි‍මි ‍පුද්‍‍ග‍ල‍යකු‍ගේ හිමෝග්ලොබින් ප්‍රමා‍ණය 13.5–17.5 ‍g/dl අ‍ත‍ර අ‍ග‍යක්‍ ව‍න ‍අ‍ත‍ර, ‍ගැ‍හැ‍නු ‍කෙ‍නකු‍ගේ ‍මෙ‍ය 11.5–15.5g/dl ‍අ‍ත‍ර ‍අ‍ග‍යක්‍ ‍ග‍නී. රුධි‍ර‍යේ හිමෝග්ලොබින් ‍නි‍ය‍මි‍ත ‍අ‍ග‍ය‍ට ‍ව‍ඩා ‍අ‍ඩු ‍වු‍ව‍හොත්‍ ‍එ‍ය ‍රක්‍‍ත‍හී‍න‍තා‍ව‍ය ‍ලෙ‍ස ‍හැ‍ඳින්‍‍වේ. ත‍ව‍ද හිමෝග්ලොබින් අගය ‍කෙ‍නකු‍ගේ‍ සි‍රැරේ ඇ‍ති ‍ය‍ක‍ඩ ප්‍රමා‍ණ‍ය  පි‍ළිබඳ ‍අ‍ද‍හ‍සක්‍ ‍ල‍බා‍ග‍ත ‍හැ‍ක.
ර‍තු ‍රුධි‍රා‍ණු ප්‍රමා‍ණ‍ය හෙවත් RBC – Red Blood Cells
සා‍මාන්‍ය ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍අ‍යකු‍ගේ ‍රුධි‍ර‍යේ ‍ර‍තු ‍රුධි‍රා‍ණු ප්‍රමා‍ණය 3.5-5.5x106mm3 ‍වේ.
ර‍තු ‍රුධි‍රා‍ණු ප්‍රති‍ශ‍ත‍ය හෙවත් PCV (Packed cell volume) / HCT
මෙ‍ය ‍ම‍ගින්‍ ‍‍කි‍යවෙන්නේ සම්‍‍පූර්ණ ‍රුධි‍ර‍යේ ‍ර‍තු ‍රුධි‍රා‍ණු ප්‍රති‍ශ‍ත‍යයි. පුද්ගලයකුගේ ‍සම්පූර්ණ ‍රුධි‍ර‍යෙන්‍ 45%ක්‍ ‍රුධි‍ර ‍සෛ‍ල ‍ද 55%ක්‍ ‍රුධි‍ර ප්‍‍ලාස්‍‍මා‍ව ‍ද ‍ප‍ව‍තී.
එ‍ම ‍නි‍සා ‍වැ‍ඩි‍හි‍ටි ‍නි‍රෝ‍ගී පුද්ගලයකුගේ PCV ‍අ‍ග‍ය ‍ආ‍සන්‍‍න ‍ව‍ශ‍යෙන්‍ 45%ක්‍ ‍ප‍ම‍ණ ‍වේ. සා‍මාන්‍ය‍යෙන්‍ PCV ‍අ‍ග‍ය ‍හි‍මොග්‍‍්ලොබින් ප්‍රමා‍ණය ‍මෙන්‍ ‍ද‍ළ ‍ව‍ශ‍යෙන්‍ ‍තුන්‍ ‍ගු‍ණය‍කි.
‍ර‍තු ‍රුධි‍රා‍ණු‍ව‍ක ‍ප‍රි‍මා‍ව MCV (Mean cell volume / Mean corpuscular volume)
මේ ‍ම‍ගින්‍ ‍කි‍ය‍වෙන්‍‍නේ ‍රුධි‍ර‍යේ ‍එක්‍ ‍ර‍තු ‍රුධි‍රා‍ණු‍ව‍ක ‍ප‍රි‍මා‍වයි. ‍මෙ‍ය ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටිපුද්‍‍ග‍ල‍යකු‍ගේ 80–100fl ‍අ‍ත‍ර ‍අ‍ග‍ය‍ක ‍ප‍ව‍තී. (fl = femto liters)
ර‍තු ‍රුධි‍රා‍ණු‍ව‍ක ‍ඇ‍ති හිමෝග්ලොබින් MCH (Mean cell Hemoglobin / Mean corpuscular Hemoglobin)
මේ ‍ම‍ගින්‍ ‍කි‍ය‍වෙන්‍‍නේ ‍රුධි‍ර‍යේ ‍එක්‍ ‍ර‍තු ‍රුධි‍රා‍ණු‍ව‍ක ‍ඇ‍ති හිමෝග්ලොබින් ප්‍රමා‍ණයයි. ‍මෙ‍ය ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍‍ග‍ල‍යකු‍ගේ 27–34pg ‍අ‍ත‍ර ‍අ‍ග‍ය‍ක ‍ප‍ව‍තී. (pg = Pico gram)
හිමොග්ලොබින් සාන්ද්‍රණය‍ MCHC (Mean cell Hemoglobin Concentration / Mean corpuscular Hemoglobin Concentration)
මේ ‍ම‍ගින්‍ ‍කි‍ය‍වෙන්‍‍නේ ‍රුධි‍ර‍යේ ‍එක්‍ ‍ර‍තු ‍රුධි‍රා‍ණු‍ව‍ක ‍ඇ‍ති හිමොග්ලොබින් සාන්ද්‍රණය‍යි. මෙ‍ය ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍‍ග‍ල‍යකු‍ගේ 30–35g/dl ‍අ‍ත‍ර ‍අ‍ග‍ය‍ක ‍ප‍ව‍තී.
රුධි‍ර‍යේ ‍සු‍දු ‍රුධි‍රා‍ණු ප්‍ර‍මා‍ණ‍ය WBC Count – White Blood Cell Count / DC Count‍)
රුධි‍ර‍යේ සු‍දු රුධි‍රා‍ණු ‍වර්ග 5කි. එ‍නම් ‍නි‍යුට්‍රොෆිල, ‍ඉ‍යො‍සි‍නො‍ෆිල, ‍බේ‍සො‍ෆිල, ‍ලිම්‍‍පො‍ස‍යි‍ට‍ (ව‍සා ‍සෛ‍ල),  මොනොසයිටයි. මෙ‍හි‍දී ‍එ‍ම ‍සෛ‍ල ‍වෙ‍න ‍වෙ‍න‍ම ‍කො‍ප‍ම‍ණ ‍ති‍බේ‍ද ‍යන්‍‍න ‍සඳ‍හන්‍ ‍වේ.
සා‍මාන්‍ය‍යෙන්‍ ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍‍ග‍ල‍යකු‍ගේ ‍රුධි‍ර‍‍යේ ‍නි‍යුට්‍රොෆිල 40-70%ක්‍ ද, ‍ලිමස‍යි‍ට 20-45%ක්‍ ‍ද,‍ ‍මො‍නො‍ස‍යි‍ට 0-10%ක්‍ ‍ද, ඉ‍යො‍සි‍නො‍ෆි, 0–7%ක්‍‍ද, බේ‍සො‍ෆිල 1%ට ‍ව‍ඩා ‍අ‍ඩු‍වෙන්‍‍ ද ‍ප‍ව‍තී. නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්ගලයකුගේ රුධි‍ර‍යේ ‍ස‍මස්‍ත ‍‍සු‍දු ‍රුධි‍රාණු ප්‍රමා‍ණය 4000-11000mm3 ‍ අ‍ත‍ර ‍අ‍ග‍යක්‍ ‍ග‍නී.
බැක්‍‍ටී‍රි‍යා ‍ආ‍සා‍දන‍ය‍ක ‍දී ‍නි‍යුට්‍රොෆිල ප්‍රති‍ශ‍ත‍ය ‍ද, ‍වෛ‍රස්‍ ‍ආ‍සා‍දන‍ය‍ක‍දී ‍ව‍සා ‍සෛ‍ල ප්‍රති‍ශ‍ත‍ය ‍ද, ‍ප‍ර‍පෝෂි‍ත ‍ආ‍සා‍දන‍ය‍ක‍දී ‍ඉ‍යො‍සි‍නො‍ෆිල ප්‍රති‍ශ‍ත‍ය ‍ද ‍‍වෙ‍නස්‍ ‍වේ.
මී‍ට ‍අ‍ම‍ත‍ර‍ව ‍රුධි‍ර‍යේ ‍සු‍දු ‍රුධි‍රා‍ණු ප්‍රති‍ශ‍ත‍ය ‍ඉ‍හ‍ළ ‍යා‍ම‍ට ‍බ‍ල‍පා‍න ‍හේ‍තු,
නි‍ව්මෝ‍නි‍යා‍ව, ක්‍‍ක්කල්‍ කැස්‍‍ස, පි‍ළිස්‍‍සීම්‍ව‍ල‍දී, ආ‍ත‍ර‍යි‍ටීස්‍, ලි‍යු‍කේ‍මි‍යා‍ව, සර්ප ‍දෂ්ඨ ‍කි‍රීම්‍ ‍‍වැ‍නි ‍වි‍ෂ‍වීම්‍ව‍ල‍දී
රුධි‍ර‍යේ ‍සු‍දු ‍රුධි‍රා‍ණු ප්‍රති‍ශ‍ත‍ය ‍ප‍හ‍ළ ‍යා‍ම‍ට ‍බ‍ල‍පා‍න ‍හේ‍තු,
HIV ‍‍‍ඒඩ්‍ස්‍, ඉන්‍ෆ්ලුවෙන්‍‍සා‍, මැ‍ලේ‍රි‍යා වැ‍නි ‍ආ‍සා‍ද‍න‍ව‍ල‍දී.
Platelet Count (‍රුධි‍ර ‍පට්‍‍ටි‍කා ‍ග‍ණ‍න‍)
රැධි‍ර ‍පට්‍‍ටි‍කා ‍රුධි‍ර‍යේ ‍ප‍ව‍ති‍න ‍කු‍ඩා‍ම ‍සෛ‍ල ‍වර්ගයයි. ‍රුධි‍ර ‍ව‍හ‍න‍ය‍ක‍ දී ‍රුධි‍ර ‍ව‍හ‍න‍ය ‍වැ‍ළැක්‍‍වී‍ම මේ‍වා‍යේ ප්‍රධා‍න ‍කාර්යයයි.
ඩෙං‍‍ගු ‍රක්‍‍ත‍පා‍ත ‍රෝ‍ග‍යේ‍දී ‍රුධි‍ර ‍පට්‍‍ටි‍කා ‍අ‍ධි‍ක ‍ලෙ‍ස ‍අ‍ඩුවී‍ම‍ට ‍ලක්‍‍්වේ. ‍ත‍ව‍ද ‍අ‍සා‍මාන්‍ය ‍ලෙ‍ස ‍ලේ ‍කැ‍ටි‍ ගැ‍සී‍මේ ‍තත්‍ත්ව‍ව‍ල‍දී ‍රුධිර ‍පට්ටිකා ‍ග‍ණ‍න ‍වෙ‍නස්‍ ‍වේ.  
සා‍මා‍න්‍යයෙන්‍ ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍ග‍ල‍යකු‍ගේ ‍රුධි‍ර ‍පට්‍‍ටි‍කා ප්‍රමා‍ණය 150–450X109/L  ප‍ම‍ණ ‍වේ.
- සුගත්
උපුටා ගැනීම -  http://www.deshaya.lk
සම්පූර්ණ රුධිර පරීක්ෂාව හෙළි කරන රහස්! සම්පූර්ණ රුධිර පරීක්ෂාව හෙළි කරන රහස්! Reviewed by CHAA MEDIA on August 17, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.