Seo Services

තරුණකම රකින විස්මිත ආහාරය රටකජු

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත් වීම කල්දමන සුපිරි ලාබදායි ආහාරයක් අප සතුය. ඒ තමා රටකජු. විටමින් ඊ සහ බී කාණ්ඩය මෙන්ම ප්‍රෝටීන් ගුණාත්මක මේද, යකඩ සින්ක් පොටෑසියම් මැග්නීසියම් හා ෆ්ලෙවනොයිඩ් ආදී පෝෂක ගණනාවකින් පිරි රටකජු වෙනත් බොහෝ ඇට වර්ගවලට වඩා පෝෂණ ගුණයෙන් උසස්ය. තන්තුමය ස්වභාවය නිසා ආහාර ජීර්ණ පද්ධතියටත් හිතකරය. එසේම අධි සහ අව රුධිර පීඩන ඇතුළු රෝග ගණනාවක් මැඩලීමේ ශක්තියෙන්ද යුක්තය. රටකජු දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් හෘදයාබාධ වැනි රෝග 30% කින් අඩුකරගත හැකි බව අමෙරිකානු හාවඩ් විද්‍යායතනය හා චීනයේ හුවාසොන් විශ්ව විද්‍යාලය එක්ව කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත. හදවත් ආබාධවලින් සිදුවන මරණ 17% කින් ද පිළිකා, හා නොමේරූ ළදරු මරණ 11% කින්ද අඩුකර ගැනීමටද රට කජුවලින් හැකි බව පර් යේෂකයන් පෙන්වා දී තිබේ.
රටකජුවල හිතකර කොලෙස්ටරෝල් වැඩිය. ඉන් සිරුරේ ප්‍රදාහයන් අඩුවන බව ඔවුන් පළකර ඇත. රටකජුවල අඩංගු ප්‍රෝටීන් විශේෂයකින් හදවත් රෝගවලට හේතුවන රුධිර නාල ඝනවීම් දුරැකර ඒවා නම්‍යශීලි කරන බවත් ශක්තිමත් කරන බවත් එමගින් ලේ ගමන ක්‍රමවත්වන බවත් ඔවුන් කියා ඇත. අමෙරිකානු පර්යේෂණායතය පළකරන්නේ ශක්තිජනක ආහාර හා විටමින් ගන්නා අයට වඩා රටකජු වැනි ආහාර ගන්නවුන් දිගුකල් නිරෝගී ජීවිත ගතකරන බවය. එසේ පළකර ඇත්තේ පුද්ගලයන් 119,000ක් යොදාගෙන වසර 20ක් පුරා කළ හැදෑරීම්වලින් අනතුරුවය. ලුණු තෙල් රහිත රට කජු ග්‍රෑම් 30ක් දිනපතා ගැනීමෙන් හදවත් රෝග වළකා දීර්ඝායුෂ ලබාගත හැකි බව එහි සඳහන් වේ. තවත් සමීක්ෂණයකින් කියැවෙන්නේ ගැබිණි මවුවරුන්ට රටකජු ලබාදීමෙන්, උපදින දරුවාට ධාන්‍ය ආශ්‍රිත අසාත්මිකතා අවමවන බවයි. කළල අවදියේ එවැනි ආහාර ලබාදීමෙන් ආහාර දරා ගැනීමේ ශක්තිය වැඩිවන බව සමීක්ෂකයන් සඳහන් කර ඇත.
රටකජු රතු මස් සමඟ ආහාරයට ගැනීමෙන් දියවැඩියාව 22% කින් වැළකෙන බවද සඳහන්ය. රටකජු හරහා කාබොහයිඩ්‍රේට් උරාගැන්ම පමා කෙරෙන බැවින් ඉන් සීනි තත්ත්වය පාලනය වේ. සතියට දෙවරක්වත් රටකජු ආහාරයට ගන්නේ නම් කාන්තාවන්ට බඩවැල් පිළිකා වැළඳීමේ අවදානම 57% කින් අඩුවන බව තවත් අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඉන් පිරිමින්ට ලැබෙන්නේ 27% ක අඩුවීමකි. අමතකවීම හෙවත් ඇල්ෂයමර් වැළඳීම රටකජුවලින් 70%කින් පාලනය වන බවද අධ්‍යයන වාර්තාවක සඳහන්ය. ඒ ඉතා ඉහළ niacin අගයක් ඒවායේ පවතින බැවිනි.  රටකජු සිරැරේ මාංශ පේශි ශක්තිමත් කරයි. අධික ආහාර රැචිය අඩුකරයි. ඒ නිසා අධි ආහාර පරිභෝජනයෙන් වැළකී තරබාරු බවින් මිදීමටද ආධාරයකි. එය බොහෝ බෝ නොවන රෝගවලින් වැළැකීමටද උපකාරයක් වනවා.
එහි ඇති විටමින් B-7 මගින් හිසකේ වර්ධනය කරයි. විටමින් B-9 මගින් ශුක්‍රාණු නිරෝගිකර ශක්තිමත් කර දෙයි. රටකජු මගින් මොළය වයසට යාමත් පමාකරයි. එමගින් අමතකවීම්, ක්‍රියාකාරීත්වයේ අඩුවීම් වළක්වයි. ඇස් ආබාධ අවම කරයි. දවසේ අතුරු ආහාර ලෙස යොදා ගන්නා සීනි පිටි තෙල් සහිත කෑම වෙනුවට රට කජු ස්වල්පයක් යොදාගන්නේ නම් එයින් ශක්තියත් නිරෝගී සුවයත් ලැබේවි. එහෙත් ලුණු සීනි හා තෙල් ඊට එක්කර ගතහොත් එහි ගුණාත්මක බව බොහෝ සෙයින් අඩුවී යනු ඇති. එසේම එය අසීමිතව ආහාරයට ගැනීමත් හිතකර නොවේවි.
- Neutrition
තරුණකම රකින විස්මිත ආහාරය රටකජු තරුණකම රකින විස්මිත ආහාරය රටකජු Reviewed by CHAA MEDIA on July 20, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.