Seo Services

අක්මාව රැකගෙන ලෙඩ රෝග නසමු!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ සඳහන් වෙනවා ‘අසනීපයක් සොයාගැනීමට නොහැකි නම් අක්මාවට ප්‍රතිකාර කරන්න එවිට අදාළ රෝගය සුවපත් වේ’ යනුවෙන්. අක්මාව අපේ  සිරුරේ ඇති අති සුවිශේෂී වූ ඉන්ද්‍රියකි. එහි වටිනාකම මෙන්ම ක්‍රියාකාරීත්වයත් එය මනාව ආරක්ෂා කරගැනීමත් පිළිබඳව දැනුවත්වීම මගින් අපට වදදෙන ලෙඩ රෝගවලින් විශාල ප්‍රමාණයක් වළක්වා ගැනීමට හැකිය. ඒ නිසා සිරුරේ සියලුම අවයවයන්ට බලපාන මහා පොදු සාධකය වන්නෙ අක්මාව හෙවත් ලිවර් එකයැයි කීම නිවැරදිය. 
අක්මාවෙන් කෙරෙන කාර්යයන් කිහිපයක්:
දැනට සොයාගෙන තිබෙන පරිදි හෝමෝන 500කට වඩා අක්මාව මගින් නිපදවයි. නමුත් සොයා නොගත් හෝමෝන විශාල ප්‍රමාණයක්ද අක්මාව විසින් නිපදවනු ලබයි.  මෙම හෝමෝන සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රයන්ට අත්‍යවශ්‍ය වන අතර එම නිෂ්පාදනය අදාළ වුවහොත් සිරැරේ සියලුම ඉන්ද්‍රීයන්හට විශාල බලපෑමක් සිදුවෙයි. මේ හේතුවෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරුවනු ඇත.
ආහාර ජීර්ණය
මෙය අපගේ සියලුම ක්‍රියාවන්ට මූලිකවම බලපානා දෙයයි. මෙහිදී ජීර්ණයට අවශ්‍යම වන්නේ HCL අම්ලයයි. මෙම අම්ලය ඉතාමත්ම සැරය. කොටින්ම කිව්වොත් අල්ලට දැම්මොත් එය සිදුරුව අනිත් පැත්තෙන් එන තරම්ය. එහි බලය පාලනය කරන්නේ පිත මගිනි.
නමුත් පිත නැති වුණොත් කැන්සර් තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. ආහාර දිරවීමේ අපහසුතා, අවශෝෂණය අපහසුතා වැනි රෝග ගණනාවක් සෑදීම වැළැක්විය නොහැකිය. පිත නිපදවන්නේ, අක්මාව තුළය. දිනකට ලීටර් 1,1/2ක් පමණ පිත අක්මාව විසින් නිපදවන අතර ඒ නිෂ්පාදනය කරන වැඩිපුර පිත පිත්තාශය මගින් තැන්පත් කරගනු ලබයි.
ලස්සන සම
සම රැළි වැටීම් ස්වභාවයක් ඇතිවන්නට ප්‍රධානම හේතුව වන්නේ සමට යටින් ඇති කොලැජන් දුර්වල වීමයි. මෙම කොලැජන් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට පිටියුටරි හෝමෝනයක් වන වර්ධක හෝමෝනය අවශ්‍යයි. වයසට යනවිට මෙම හෝමෝනය ශ්‍රාවය වීම ටික ටික නතර වෙනවා. නමුත් අපි ආහාරයට ගන්නා කොළ වර්ගවල තියෙන ක්ලොරෙල්ලා ග්රෝත් ෆැක්ටර් එකට ග්‍රෝත් හෝමෝනය ලෙසට ක්‍රියාත්මක වෙන්න හැකියි. එයද අප ශරීරය තුළදී ග්‍රෝත් හෝමෝනය සේම ක්‍රියාත්මක වී අක්මාව පණ ගන්වනවා. එහි ඇති හෝමෝන නිපදවීමට මෙම සංඝටකය බලපානවා. එසේම සමට යටින් ඇති කොලැජන් ශක්තිමත් කරවා. මේ අනුව කොළපාට ආහාර වැඩිපුර ගැනීම මගින් සමද අක්මාවද යන දෙකම නිරෝගී වෙනවා.
ලේ පිරිසුදු කිරීම
ලේ වල තිබෙන විෂද්‍රව්‍ය  ඉවත්කිරීම  අක්මාව හරහා කරන විශාලම කර්තව්‍යයයි. ශරීරයට ඇතුළු වන වසවිෂ ලේවලට එකතුවේ. එම සියලු විෂ අක්මාව විසින් රඳවාගෙන සිටී. ඉන්පසු සෑම දිනකම රාත්‍රි 11ත් අළුයම 2ත් අතර කාලයේදී රැස්කර තබාගත් සියලුම විෂහරණය කරනු ලබයි. මේ හේතුව නිසා අනිවාර්යයෙන්ම ඉහත කී කාලය තුළදී තද නින්දේ පසුවිය යුතුය.
සීනි තැන්පතුව
ඔබ දැක ඇති දියවැඩියා රෝගීන් සීනි අඩුවීමෙන් කෝමා තත්ත්වයට පත්වෙනවා. නමුත් අප ශරීරයේ සෛලවල ග්ලූකෝස් ග්ලයිකොජන් ලෙස තැන්පත් වී තිබෙනවා. සීනි අඩුනම් වහා මොළය ක්‍රියාත්මක වී එම සෛලවල තිබෙන ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත්කර  සිරුරට  අවශ්‍ය ග්ලූකෝස් ලබාදීම කරනවා. නමුත් කොහොමද මෙය වෙන්නේ, මෙතනදිත් අක්මාව මූලික වෙනවා. අක්මාව විසින් නිපදවන ඉන්සියුලින් ග්‍රෝත්ෆැක්ටර් (IGF) මගිනුයි මෙම ක්‍රියාවත් කරන්නේ. මෙම ගලයිකෝජන් ග්ලූකෝස් බවට හරවන ක්‍රියාවලියට කියන්නේ ග්ලූකෝනියෝ ජෙනිසිස් කියාය.
කොලොස්ටරෝල් කියන්නෙ අපිට අත්‍යවශ්‍ය දෙයක්. මොකද මොළයේ අළුපාට ඝන කොටස හෙවත් ග්‍රේ මැටර් එකෙන් 80%ක් පමණ සෑදී ඇත්තේ කොලොස්ටරෝල් වලිනි. අපගේ ස්නායු පද්ධතියේ පිටත ස්තරය (කේසින් එක) සෑදී ඇත්තේද කොලොස්ටරෝල් වලින්ය. මෙම කොලොස්ටරෝල් සාදනු ලබන්නේද අක්මාව විසිනි.
අක්මාව විනාශ වෙන්නේ ඇයි?
අක්මාවට වැඩිපුරම හානි වෙන්නේ, බටහිර වෛද්‍ය ක්‍රමයෙන් වැඩිපුරම භාවිතා වෙන වේදනා නාශක නිසාය. ඒ හැර වෙනත් ඖෂධ නිසාද අකමාවට හානි සිදුවේ. මත්පැන් පානය නිසාත් සිරෝසීස් වැනි රෝග සෑදෙන්න හැකිය. නමුත් එහි ප්‍රවණතාව 5%ක් පමණකි. වැඩිම හානිය ඉහත කී කාරණය නිසාම සිදුවේ. ඇස්ට්‍රා, ගැඹුරුතෙලේ බැදීම, සීනි අතියෝගය, එළවළු පළතුරුවලට ගහන වස විෂ, රසකාරක, මෙවැනි ද්‍රව්‍ය නිසාද අක්මාවට යම් හානියක් සිදුවේ.
අක්මාව ලෙඩ වී ඇති බව කියන රෝග ලක්ෂණ: 
සමේ කැසීම් තත්ත්වයන් සහ ඇඟේ අපහසුතාවය, ඇඟට පණ නැති ගතිය, අතුල් පතුල්වල දැවිල්ල හා කැසීම, මොළයට හානිවෙන නිසා, සිහි නැතිවෙන සිහිමඳ ගති ඇතිවෙන්නට හැකිය. ඒ වගේම දවල් නින්ද යෑම හා රාත්‍රිය නිදි වර්ජිත වීම තවත් මූලික ලක්ෂණයක්ය.
සැලකිය යුතුයි: අක්මාව විසින් නිතරම අක්මාව සුවපත් කරගනු ලබයි. එම නිසා නිතර නිතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. අක්මාවට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීමෙන් එය තම විසහරණ ක්‍රියාවලිය අතහැර දමයි. එවිට රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඒ නිසා අක්මාව නීරෝගිමත්ව තබාගන්න නම් කළ යුත්තේ ආහාරවලින් අවශ්‍යදේ ලබාදීමයි, නෝකෝල්, බීට් රෑට්, රාබු, බ්‍රොකලි, ගෝවා සහ ඕගනික් ක්‍රමයට සෑදූ කහ වගේ සිට්‍රස් කුලයේ එළවළු අක්මාවට උදව් කරන විෂ හරණ හැකියාවක් ඇති දේවල්ය.
- WebMD

අක්මාව රැකගෙන ලෙඩ රෝග නසමු! අක්මාව රැකගෙන ලෙඩ රෝග නසමු! Reviewed by CHAA MEDIA on July 20, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.