Seo Services

ශීත කළ චොකලට් පානය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කිරි රසයට වාගේම චොකලට් රසයටත් පුංචි පැටවු හරි කැමැතියි. විශේෂයෙන්ම ශීත කරපු චොකලට් පානයන් කියන්නෙ එයාලාගේ ප්‍රියතම ආහාර අතරින් එකක්.
ඒ නිසා අපි මේ සාදයට චොකලට් පානයක් එහෙමත් නැතිනම් චොකලට් මිල්ක් ෂේක් නොහැදුවොත් ඒක අඩුපාඩුවක් වාගේ දැනේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
ශීත කළ කිරි මිලිලීටර් 450 ක්
චොකලට් පවුඩර් තේ හැඳි 03 ක්
චොකලට් අයිස් ක්‍රීම් ස්කූප් 03 ක්
ක්‍රීම් සෝඩා
විපින් ක්‍රීම්
මෙසේ සාදාගනිමු
පළමුව ශීතකළ කිරි බ්ලෙන්ඩර් එකට දමන්න.එයට චොකලට් කුඩු සහ අයිස් ක්‍රීම් ස්කූප් 01 ක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
දැන් උස වීදුරුවක් ගෙන එයට ඉතිරි අයිස්ක්‍රීම් ස්කූප් එක දමන්න.
අනතුරුව එයට ක්‍රීම් සෝඩා ටිකක් දමන්න. වීදුරුවෙන් 3/4 ක් පමණ වනතෙක් බ්ලෙන්ඩ් කරගත් කිරි මිශ්‍රණය ද එකතු කරන්න.
අවසානයට හොඳින් ගසාගත් විප් ක්‍රීම්වලින් සරසා කැමැති නම් කුඩාවට ග්‍රේට්කරගත් කුකිං චොකලට් ස්වල්පයක් ඉසින්න. නැතිනම් චොකලට් කුඩු ටිකක් ඉසගන්න.
http://www.tharunie.lk
ශීත කළ චොකලට් පානය ශීත කළ චොකලට් පානය Reviewed by CHAA MEDIA on July 09, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.