Seo Services

බඩේ හැඩයෙන් කියැවෙන ලෙඩ රෝග

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ස්ථුලතාව, තරබාරු බව මේ වචන දෙකම අපේ සිතට ගැටලුවක්. එපමණක් නොව වැඩි දෙනෙක් පීඩා විඳින ස්ථුලතාවයේ, තරබාරුබවේ බර ලෝකයටම දැනෙන්න අරන්. ඒ ශරීර සෞඛ්‍යයට එයින් විශාල තර්ජනයක් එල්ලවී ඇති නිසයි.
අපේ කාන්තා පක්ෂයේ සුන්දරත්වය අසුන්දර කරන ප්‍රධාන සාධකයක් වී තිබෙන්නේ උදරයේ තරබාරු බවයි. සුන්දර ලෙස නාරිලාලිත්‍ය ඉස්මතු වන්නේ උදරය පැතලි වූ තරමටය. ඉඟසුඟ මිටින් ගතහැකි නම් ඇය හැබෑම රුවැත්තියක බව පැරැන්නන් පවා පවසා තිබෙනවා.
උදරය මහත නම් අප ඊට නොයෙක් නම් පටබඳිනවා.
බියර් බඩ, කළගෙඩියක් වගේ බඩ, මේ කුමන නම් දුන්නත් විශාල උදරය අපේ හදවතේ සෞඛ්‍යයට විශාල තර්ජනයක්.
එපමණක් නොවෙයි ආඝාතය (ස්ට්‍රෝක්), දියවැඩියාව, පිරිමින්ගේ ලිංගික බෙලහීනතාව ඇතුළු තවත් බරපතළ සෞඛ්‍යය ගැටලු රැසකට විශාල උදරයක් තිබීම හේතුවෙනවා.
අධික ලෙස ශක්තිය ලැබෙන ක්ෂණික කෑම, තෙල්, ලුණු, සීනි වැඩි අහිතකර කෑම රටාවකට හුරුවීම මීට ප්‍රධාන හේතුවක්. ඉණේ ප්‍රමාණය කාන්තාවන්ගේ සෙ.මී. 80(අඟල් 32) නොඉක්මවීම ඉතා වැදගත්.
බිම ඇති දෙයක් නැවී ඇහිලීමට බැරි තරමට සමහරුන්ගේ උදරය විශාල වුණත් මේ අවදානම ගැන වැඩිදෙනෙක් වටහාගෙන නැහැ.
සෞඛ්‍යයට හිතකර නැති ආහාර රටාව, ව්‍යායාම නොකිරීම වගේම තවත් බොහෝ කරුණු මහත උදරයකට හේතුවෙනවා.
හෝර්මෝන ප්‍රබල ලෙස උදරයේ ප්‍රමාණයට බලපානවා.
ජාන තවත් හේතුªවක්. එක් එක් පවුල්වල මේද තැන්පත් වීම වැඩි එක් එක් ශරීර ස්ථානවලයි.

සිසේරියන් සැත්කමින් පසු
ස්වාභාවික ප්‍රසූතියකින් දරුවා බිහිකළ හැකි වුණත් වැඩි දෙනෙක් තෝරාගන්නේ සිසේරියන් සැත්කම. ඒත් සැත්කමින් පසු උදරයේ විශාලත්වය ව්‍යායාම හා ආහාර රටාව උදවුකරගෙන අඩුකර ගැනීමට උනන්දු වෙන්නේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය මිය යනතුරුම විශාල උදරයකට හිමිකම් කීමට සිදුවීමයි
ආහාර ජීර්ණ ගැටලු ද මේ කෙරෙහි බලපානවා. නිතර බඩ පුරවා දමන ආහාර දිරවීමේ ගැටලු පවතිනවා නම් හිමිවන්නේ විශාල උදරයක්.
අඩු නින්ද ද අපේ උදරයේ හැඩකාර බව උදුරා ගන්නවා. සුව නින්දක් නොලබන අයට හිතකර ආහාර රටාවක් ද නැහැ. මේ නිසා සුවදායක නින්දක් නොලැබීම දෙආකාරයකින් උදරය විශාල වීමට හේතුවක්.

අහිතකර මේදය
අපේ සිරුරේ මේද වර්ග දෙකක් තිබෙනවා. සිරුරේ සමට යටින් එකතු වන මේදය එක් වර්ගයක්.
මේ මේදය නිසා මහත් වෙලා වගේ පෙනෙන නිසා අප ඒ මේදය අඩුකර ගැනීමට නම් බොහෝ විට වෙහෙසෙනවා. අනෙක් මේද වර්ගය එක්වන්නේ ශරීරයේ අවයව වඩා නිසා ඒ ගැන නම් අවධානයක් යොමු කරන්නේ නෑ. වඩාත්ම අහිතකර මේදය වන්නේ අවයව වටා එකතුවන මේදයයි. මෙයින් දියවැඩියාවට මඟ හැදෙනවා. ආඝාතයට පාර කැපෙනවා.
අවයව වටා ඇති මේදය මැනීමට ඇති සරලම ක්‍රමය පෙකණිය ළඟින් ඉණේ ප්‍රමාණය මැන බැලීමයි. එම්.ආර්.අයි. සීටී ස්කෑන් ද අභ්‍යන්තර මේදය මැන බැලීමට යොදා ගන්නවා.
වියපත්වීමත් ක්‍රියාකාරී දිවි පෙවෙතක් ගත නොකිරීමත් නිසා මාංසපේශී අඩුවෙනවා. අවයව වටා මේදය එකතු වෙනවා.
කුඩා දරුවන්ටත් මෙසේ අවයව වටා මේදය එක්වීමේ වැඩි ඉඩක් පවතිනවා. ආර්තවහරණයෙන් පසු ඇතිවන හෝර්මෝන පෙරළිය නිසා කාන්තාවන්ගේ අභ්‍යන්තර අවයව වටා මේදය එක්වීමේ ඉඩ වැඩියි. සිසේරියන් සැත්කමකට ලක්වීම, ආර්තවහරණය වැනි සිදුවීම් නිසා කාන්තාවන් වැඩි අවධානයක් අභ්‍යන්තර අවයව වටා එකතු වන මේදය ගැන යොමු කළ යුතුයි.

උදරයේ විවිධ හැඩ හතරක්
උදරයේ හැඩ හතරක් තිබෙනවා. ලිවර් බෙලි (අක්මා උදරය), තයිරොයිඩ් බෙලි (තයිරොයිඩ් උදරය) ඕවරි බෙලි (ඕවරි උදරය), ඇඩ්‍රිනල් බෙලි (ඇඩ්‍රිනල් උදරය) එම සිව් වැදෑරුම් උදරයන්.
අක්මා උදරය ඇතිවන්නේ අක්මාව වටා මේදය එක්වීමෙන්. මේ අයට කළයක් වගේ පහළට එල්ලා වැටුණු උදරයක් තිබෙනවා. අත් පා සිහින්. බොහෝ විට මොවුන්ට ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇතිවෙනවා.
උදා - බඩ පුරවා දැමීම, ඩයරියා, අක්මා උදරය කොන්දේ මැද වේදනාවක් ඇති වෙනවා. දකුණු උරහිසේ වේදනාවක් ද ඇතිවන්න පුළුවන්. වැඩිපුරම අක්මා උදරය දැකිය හැක්කේ පිරිමින්ගේයි. ඒත් කාන්තාවන්ගේ ද අක්මා උදරය දැකිය හැකියි.
සාමාන්‍යයෙන් නිරෝගී වැඩිහිටියන්ගේ රුධිරයේ සීනි මට්ටම උදෑසනට ඉහළ මට්ටමක පවතිනවා. එහෙත් අක්මා උදරයක් ඇති අයගේ උදෑසනට රුධිරයේ සීනි පවතින්නේ අඩු මට්ටමක.
අක්මා උදරයක් ඇත්නම් ප්‍රෝටීන ආහාර වැඩිපුර කෑමට ගන්න. රුධිරයේ සීනි මට්ටම අඩුකරන්න. ප්‍රෝටීන් අධික ආහාර ගැනීමෙන් පුළුවන්. එළවළු, පලතුරුවලට වැඩි තැනක් දෙන්න.
තයිරොයිඩ් උදරයක් ඇත්නම් උදරය ඇතුළු සම්පූර්ණ ශරීරයම ස්ථුලයි. ඊස්ට්‍රජන් ගැටලුවක් නිසා ඇතිවන මේ තත්ත්වයේ දී හිසකෙස් ගැලවී යාම, නිය පැලීම වැනි වෙනත් ගැටලුවලට ද මුහුණ පානවා. මේ අයට පැය අටකට වඩා නිදා ගත්ත ද වෙහෙසක් දැනෙනවා. පැණි රස කෑමට කෑදර වෙනවා. අත්වල සම එල්ලා වැටෙනවා. ඇහිබැමි තුනීවට පිහිටනවා. ගැහැනුන්ගේ වැඩියෙනුත් පිරිමින්ගේ අඩුවෙනුත් තයිරොයිඩ් උදරය දක්නට ලැබෙනවා.

එල්ලා වැටෙන උදරය
එල්ලා වැටෙන උදරයට කියන්නේ ඇඩ්‍රිනල් උදරය. මෙහිදී ඉණ වටා විශාල වශයෙන් මේදය එක් වෙනවා. කොන්දේ පහළ පෙදෙසේ වේදනාව, වෙහෙස වැනි ලකුණු මෙවිට හට ගන්නවා.
ආතතියෙන් පීඩා විඳින මොවුන් සුව නින්දක් ලබන්නේ නැහැ. මතක ශක්තිය දුබලයි. අනවශ්‍ය ලෙස සිත කරදරකර ගන්නවා. රාත්‍රියට ලුණු සහිත කෑම කෑමට රුසියන්.
ඇඩ්‍රිනල් උදරයට හිමිකම් කියන්නන් නින්දට යාමට දෙපැයකටවත් පෙර ආහාර ගන්න. හොඳ විවේකයක්, සුවදායක නින්දක් ලබාගන්න. කෑදර කෑමවලට ඇති ආසාව අත්හරින්න.
ඕවරි උදරයේ දී උදරයේ පහළ පෙදෙසේ මේදය එක්රැස් වෙනවා. දරුවකු බිහිකළ පසු හෝර්මෝන වෙනස්කම් නිසා ඕවරි උදරයක් ඇතිවීමට පුළුවන්. මෙවැනි උදරයක් හිමිකාන්තාවන්ට ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවෙනවා. මුහුණේ අනවශ්‍ය තැන්වල රෝම හටගන්නවා. හිසරදය, විෂාදය, පූර්ව ඔසප් අපහසුතා, පාචනය, ඩිම්බ කෝෂ ගෙඩි මේ අයගේ දැකිය හැකියි. තුනටියේ උකුළේ වේදනාව ද සුලබයි.
කුමන ආකාරයක විශාල වූ උදරයක් හිමි වුවව ද එය ශරීර සෞඛ්‍යයට විශාල තර්ජනයක්. සමබල ආහාර, ව්‍යායාම, සුව නින්ද මඟින් ආකර්ෂණිය උදරයකට හිමිකම් කීමට ඕනෑම කෙනකුට පුළුවන්. ඒ සඳහා අද අදම කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගේ පෝෂණ වේදියකුගේ උපදෙස් ලබාගන්න.
හාවඩ් සරසවියේ පර්යේෂණ වාර්තාවකිනි.


http://www.tharunie.lk
බඩේ හැඩයෙන් කියැවෙන ලෙඩ රෝග බඩේ හැඩයෙන් කියැවෙන ලෙඩ රෝග Reviewed by CHAA MEDIA on July 09, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.