‘‘ඩොක්ටර් අද උදේ නැගිටපු වෙලාවෙ ඉඳල මගෙ ඇහැක් පේන්නෙ නෑ.”
අක්ෂි සායනයට පැමිණි තිස් හැවිරිදි තරුණයා පැවැසුවේ කලබලයෙනි.
‘‘මගෙ පෙනීම හොඳට තිබුණා. කණ්ණාඩි දාලත් නෑ කවදාවත්. මේක එකපාරටම වගේ වුණේ. අතනින් කණ්ණාඩි වලටත් බැලූවා. ඒ මිස් කිව්වා කණ්ණාඩියට පෙනුම එන්නෙ නැති නිසා ඩොක්ටර්ට පෙන්නන්න කියලා.”
අක්ෂි සායනයට පැමිණෙන ඕනෑම අයෙකුගේ මුලින්ම පෙනීම පරීක්ෂා කරනු ලැබේ. ඒ සඳහා යොදා ගන්නේ nellen chart නමැති සටහනය. එහි ඉංග‍්‍රීසි අකුරු ඉහළින්ම ලොකු අකුරුත් ක‍්‍රමයෙන් පහළට යද්දී අකුරුවල ප‍්‍රමාණය කුඩා වන ලෙසත් සටහන්ව ඇත.
අකුරු කියවීමට අපහසු අයට ඉංග‍්‍රීසි අකුරේ හැඩය ගත් සටහන පාවිච්චි කෙරේ.
ආලෝකමත් කළ එම සටහනෙන් මීටර් හයක් එනම් අඩි විස්සක දුරකින් තැබූ පුටුවක හිඳ ගැනීමට සලස්වා එහි අකුරින් අකුර වෙන වෙනම පෙන්වමින් කියවීමට සලස්වනු ලැබේ. ඇස් දෙකේ පෙනීම වෙන වෙනම පරීක්ෂා කළ යුතු බැවින් වරකට කියවිය යුත්තේ එක් ඇසක් වසාය.
ඇස් දෙකේම පෙනුම හයෙන් හය නම් ඇස් පෙනුම නිරෝගීය. දැනට කණ්ණාඩි පාවිච්චි කරන අයෙක් නම් පෙනුම පරීක්ෂා කළ යුත්තේ කණ්ණාඩිය දමා ගෙනය. කණ්ණාඩියට පෙනුම දියුණු වනවාදැයි දැන ගැනීම අක්ෂි පරීක්ෂණයක මූලිකම අංගයයි. ඒ නිසා ඔබ දැනට කණ්ණාඩි පාවිච්චි කරමින් සිටින අයෙක් නම් අනිවාර්යයෙන්ම අක්ෂි සායනයට යන විට අමතක නොකර කණ්ණාඩිය ගෙන යා යුතුයි.
යම්කිසිවෙකු ඇස් නොපෙනෙන බව පවසා සායනයට පැමිණි විට සිදු කරන පළමු පියවර එසේ පෙනුම පරීක්ෂා කිරීමයි. කියවීමට හැකියාව ලැබුණ පේලිය අනුව දොළහෙන් හය, දහඅටෙන් හය, විසි හතරෙන් හය, තිස් හයෙන් හය, හැටෙන් හය ආදී වශයෙන් පෙනීම සටහන් තබනු ලැබේ. එක ඇසක හෝ පෙනීම අඩු බවට නිරීක්ෂණය වුවහොත් ඊළඟ පියවර වනුයේ එම රෝගියා කණ්ණාඩිවලට පරීක්ෂා කිරීමයි.
ඒ සඳහා ඔප්ටීෂන් වෙත යොමු කරනු ලැබේ. එතැන දී විවිධ නාභි දුර සහිත කාච යොදා රෝගියාට ඇති ගැටලූව කණ්ණාඩි මගින් විසඳීමට ඇති හැකියාව බලනු ලැබේ. කණ්ණාඩියට සම්පූර්ණ පෙනීම ලැබේ නම් ගැළපෙන කණ්ණාඩිය සාදා ගැනීමට අවශ්‍ය සටහන් තැබූ පත‍්‍රිකාව රෝගියාට ලැබේ. දැනට රජයේ රෝහල්වල කණ්ණාඩි සාදා දීම සිදු නොවන බැවින් ඒ සඳහා එම පත‍්‍රිකාව රැගෙන ගොස් පෞද්ගලික අංශයේ ස්ථානයකින් කණ්ණාඩිය සාදා ගත යුතුය. සාමාන්‍යයෙන් කණ්ණාඩි පාවිච්චි කිරීමට සිදු වන අවස්ථා දෙකක් ඇත.
කුඩා වයසේ ඇති වන දුර නොපෙනීම හෙවත් අවිදුර දෘෂ්ටිකත්වය ඉන් එකකි. බොහෝ විට පාසල් යන වයසට එනතුරු මෙය නිරීක්ෂණය නොවේ. දරුවා රූපවාහිනිය නරඹන විට එයට කිට්ටු වී නැරඹීමට උත්සාහ කිරීම, පාසලේ කළු ලෑල්ලේ ලියන දෙය අසල සිටින ළමයාගෙන් කොපි කර ගැනීමට උත්සාහ කිරීම, ආදී ක‍්‍රියා වලින් පෙනීමේ අඩුවක් ඇතැයි අනුමාන කළ හැකිය. පාසලේ 1, 4, 7 වසර වලදී පෙනීම පරීක්ෂා කරන අවස්ථාවල බොහෝවිට පෙනීම අඩු දරුවන් හමුවේ. වයස අවුරුදු එකොළහට ප‍්‍රථම කණ්ණාඩි ලබා දී පෙනුම නිවැරදි කර ගත යුතුය.
වයස එකොළහ පමණ වන විට සිදු වන අන්තර් නියුරෝන සම්බන්ධතාවල වර්ධනය අවසාන වන බැවිනි. කණ්ණාඩි දැමීම පමා කළහොත් දරුවාට කණ්ණාඩි දමා වුවත් සම්පූර්ණ පෙනුම නැවත ලබා ගත නොහැකි වනු ඇත.
ඕනෑම කෙනෙකුට වයස අවුරුදු හතළිහට ළඟා වන විට ළඟ පෙනීම අඩු බව වැටහෙනු ඇත. එහිදී සිදු වන්නේ ඇසේ ස්වාභාවික කාචයේ නාභි දුර අඩු වැඩි කිරීමට සවි වී ඇති සියුම් මාංශපේශීන්ගේ දුර්වලතාවයයි.
ඒ නිසා ඇසේ පසුපස ඇති තිරය වන දෘෂ්ටි විතානයට ඈතින් ප‍්‍රතිබිම්බ පතිත වන බැවින් අකුරු කියවීමට අපහසු වේ. එය සැම විටම රජයේ රෝහලකින් කර ගැනීම වැදගත් වන්නේ ඇසේ පීඩනය සහ ඇසේ ඇතුළත එනම් දෘෂ්ටි විතානය පරීක්ෂාවක්ද ඒ ගමන්ම කරගත හැකි වන නිසාය.
කණ්ණාඩියට පෙනුම නිවැරදි නොවන රෝගීන්ගේ දෝෂය ඇත්තේ ඇසේ කාචයේ හෝ දෘෂ්ටි විතානයේය. එය පරීක්ෂා කිරීමට ඇහේ බබා ලොකු කර ඇස ඇතුළත ඔප්තැල්මස්කෝප් නමැති උපකරණයෙන් බැලිය යුතුය. ඇහේ බබා නොහොත් කර්ණිකාව විස්තාරණය කිරීමට බෙහෙත් බිංදු කිහිපයක් ඇසට දමා විනාඩි පහළොවක් පමණ සිටිය යුතුය.
එම තරුණයාගේ පෙනීම අඩුව තිබුණේ එක ඇසකය. ඔහුට ඒ ඇසින් පෙනුනේ බොද වීය. පරිසරය මීදුමකින් වැසී ඇතිවාක් මෙනි. වෛද්‍යවරයා පළමුව ඔප්තැල්මස්කෝප් එකෙන් ඔහුගේ ඇස ඇතුළත පරීක්ෂා කළේය. ඔහුට තිබූ ආබාධය සොයා ගැණිනි.
දෘෂ්ටි විතානයේ වඩාත්ම ස්නායු සංවේදිතාවය ඇති මැකියුලා නම් ස්ථානයේ ඉදිමීමකි.
‘‘මේ දවස් වල වැඩිපුර මොනවට හරි වෙහෙසුනාද? නිදිමැරුවද? මානසික ගැටලූවක් එහෙම ආතති තත්ත්වයක් එහෙම තිබුණද?”
වෛද්‍යවරයා ඇස ගැන කතා නොකර අමුතු ප‍්‍රශ්න අසන්නේ ඇයිදැයි රෝගියාට සිතෙන්නට ඇත.
‘‘අනේ ඔව් ඩොක්ටර් මගෙ මල්ලි කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා නැති වුණා. ඊයෙ හත්දවසෙ දානෙ තිබුණෙ.’’
‘‘ඒක තමයි ඔයාගෙ පෙනීම අඩු වීමට හේතුව.
අපේ සිරුර රෝගී කරන්න මනස කොයිතරම් බලපානවාද? මානසික ආතතියක් ආවම ඇහැ ඇතුළෙ ඉදිමීමක් ඇති වෙනවා. ඔයා හොඳට විවේක අරන් සති දෙකක් මේ බෙහෙත් පාවිච්චි කරන්න. සම්පූර්ණ සුවය ලැබේවි”
වෛද්‍ය ලංකා සිරිවර්ධන
http://www.lakbima.lk/

පෙනීම අඩු වුණොත්
Reviewed by CHAA MEDIA
on
June 13, 2019
Rating:
No comments: