Seo Services

පවනි දුවට පිහිට වන්න

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
උඩපිටිය, යටියන්තොට දරන ලිපිනයෙහි පදිංචි 10 හැවිරිදි එච්. එම්. පවනි උත්තරා දියණිය කුඩා කල මොළයට විෂබීජයක් යාම හේතුවෙන් ස්නායු ‍දුර්වල වී ආබාධිත තත්ත්වයට පත්ව ඇත. ඒ හේතුවෙන් ඇයගේ සිරුර පුරා තුවාල සැදීම හේතුවෙන් ද ඇයට ඖෂධ ලබාදීම සිදුකරනු ලබයි. මේ වන විට රිජ්වේ රෝහලෙන් එක් ශල්‍යකර්මයක් සිදුකර තිබෙන අතර තවත් ශල්‍යකර්ම 2 ක් සිදුකිරීමට නියමිතව තිබේ. තවද මෙම දියණියව ත්‍රීවිල් රථයක් මඟින් රෝහලට ගෙන යාම සඳහා එක් වරකට රුපියල් 3000 ක මුදලක් වැය කිරීමට සිදුව තිබේ.
මෙම දියණිය කිරිපිටි පමණක් පානය කරන අතර මාසයකට පීඩියාප්‍රෝ පැකට් 15 ක් සහ සස්ටජන් ස්කූල් ටින් 05 ක් අවශ්‍ය වේ. ඊට අමතරව දෛනිකව දෙන බෙහෙත් සඳහා මාසයකට රු. 3000 ක් සහ මාසයකට දෙවතාවක් පමණ දියණිය ලෙඩ වීම නිසා ඒ සඳහා ඖෂධ ගැනීම සඳහා රුපියල් 7000 ක් පමණ වැය කිරීමට සිදු වේ. තවද මෙම දියණියගේ මව්පියන්, ඇයගේ වියදම් සඳහා රුපියල් ලක්ෂ 2 ක් පොලියට ගෙන එම මුදලට‍ පොලී ගෙවමින් සිටින්නේය. මව්පියන් ප්‍රකාශ කරන පරිදි මෙම දියණිය සඳහා මාසයකට රුපියල් 41,000 ක පමණ මුදලක් වැය වේ.
දියණියගේ මව වන අනුලාවතී සේනානායක මහත්මිය බෙල්ල ඉදිමීමේ රෝගය (තයිරොයිඩ්) හා දියවැඩියා රෝගයෙන් පීඩා විඳී. දියණියගේ පියා යුද හමුදාවේ විශ්‍රාමික පඩියක් ගැනීම හේතුවෙන් රජයෙන් ලැබෙන කිසිදු ආධාර මුදලක් පසුගිය අවුරුදු 10 තුළදී ලැබී නොමැත. විශ්‍රාමික පඩිය මඟින් පොලී මුදල් ගෙවූ විට මාසය තුළදී ජීවත්වීම තරම් ආර්ථීක පහසුකමක් ඔවුන්ට නොමැත. මෙම දියණියගේ මව්පියන් ජනාධිපතිතුමන් හට ප්‍රකාශ කරන්නේ තමන්ට අත්වී ඇති ඉරණම පිළිබඳ අනුකම්පා කොට සහනයක් ලබා දෙන ලෙස ය. මෙම දියණිය සඳහා ආධාර කිරීමට කැමැත්තක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකය මඟින් වැඩිදුර තොරතුරු ලබාගැනීමට පුළුවන. ගිණුම් අංකය 047200190070418 (මහජන බැංකුව - යටියන්තොට), දුරකථන අංකය 0712379283
මදාරා
http://www.dinamina.lk/
පවනි දුවට පිහිට වන්න පවනි දුවට පිහිට වන්න Reviewed by CHAA MEDIA on June 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.