Seo Services

බඩවැලට කොක්ක දාන එපාකරපු ලෙඩේ!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
පණු රෝග මහ එපා කරපු ලෙඩ. පණු රෝග හටගැනීමට වයස ප්‍රශ්නයක් නෑ. පොඩි ළමයින්, නව යොවුන් වියේ පසුවන අය වගේම වැඩිහිටි අය අතරත් මේ රෝග පොදු සෞඛ්‍යය ගැටලුවක් බවට පත් වෙලයි තියෙන්නේ. අපිරිසුදු රෝගකාරක සහිත ආහාරවලින් විතරක් නෙමෙයි මැස්සන්, මදුරුවන් මගිනුත් විවිධ පණු රෝග වැළඳෙනවා. පණුවන් සිරුරට ඇතුළු වුණාට පස්සේ පියවර ගණනාවකින්ම සිරුරට විශාල ලෙස හානි කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අන් අයටත් ඒ ලෙඩේ බෝ වෙනවා. ඒත් මේ පණු ලෙඩ හැදෙන එක ලේසියෙන්ම වළක්වාගන්න පුළුවනි. ඒ සඳහා කළ යුත්තේ මූලික හොඳ සෞඛ්‍යය පුරුදු පිළිපදින එක පමණයි. ඒ අන්දමට වළක්වා ගන්න පුළුවන් සුලබ පණු රෝග කිහිපයක්ම තියනවා.
රෝග ඇති කරන සුලබ පණුවන් වර්ග කිහිපයක්ම සිටිනවා.
කොකු පණුවා - වට පණුවා - කිරි පණුවා - කස පණුවා - හරක් පටි පණුවා - ඌරු පටි පණුවා වගේම - බරවා පණුවා ඒ අතර නිතරම අසන්නට ලැබෙන රෝගවලට මුල් වෙනවා.
ඉතින් අද අපි බලමු කොකු පණුවා සහ ඒ හේතුකොට හැදෙන ලෙඩේ ගැන.
කොකු පණුවා
කොකු පණුවා සිරුරට ආවොත් අන්ත්‍ර බිත්තිවල එල්ලිලා ලේ බොමින් පරපෝෂීත ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. එයා ඒ තැනින් ඉවත් වෙන්නේ ඒ අන්ත්‍ර බිත්තිවලින් නිරන්තරව රුධිරය වහනය වෙන සිදුරැ ඇති කරලා.
කොකු පණුවන් සිරුරට එන්නේ කොහොමද?
කොකු පණු බිත්තර හොඳින් වැඩෙන්න නම් උණුසුම් හෝ තෙත් පසක් අවශ්‍ය වෙනවා.
කොකු පණු පිළවුන්ට පුළුවන් කෙනෙක්ගේ පාදයේ විශේෂයෙන් විළුඹ හා පතුලේ සම සිදුරු කරමින් සිරුරට ඇතුළු වෙන්න.
පාවහන් නැතිව ඇවිදලා මළ සහිත පස් පෑඟීමට ලක් වුණොත් සිරුරට මේ රෝගය  ඉක්මනින්ම එනවා.
රෝග ලක්ෂණ
සිරුරේ ඉන්න පණු ගහනය අඩු නම් එවිට කිසිම රෝග ලක්ෂණයක් දැනෙන්නෙ නෑ.
පාදවල කොකු පණු පිළවුන් ඇතුළු වූ තැන් තදින් කැසීම නිසා කවාකාර දිය බුබුලු වැනි  තුවාල ඇති වෙන එක මුලික ලක්ෂණයක්.
රෝගය තදින් ඇති නම් යකඩ ඌනතාවය, රක්ත හීනතාවය ඇති වෙන්නත් පුළුවන්. එතකොට කම්මැලිකම, නිදිබර ගතියක් දැනෙන්න ගන්නවා. ඇඟ සුදුමැලි වෙනවා.
සමහර විට බඩේ වේදනාව, ඔක්කාරය හා ඉදිමුම වගේ තත්ත්වයන් ද ඇති වෙන්න පුළුවන්.
දරුණු තත්ත්වයේදී කොකු පණුවා සිරුරේ ප්‍රෝටීන උරා ගැනීම නිසා දීර්ඝකාලීනව බර අඩු තත්ත්වයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම හෘදය අඩපණවීම වුණත් වෙන්න පුළුවන්.
මොනවද ප්‍රතිකාර:-
කොකු පණු රෝගය වැළඳී තියෙනවද කියලා ස්ථිරව දැනගන්න නම් මළවල පණු බිත්තර ඇත්දැයි පරීක්ෂා කරන්න වෙනවා. එතනදී ඹෟෂධ ප්‍රතිකාර ලබාදෙනවා.
රක්ත හීනතාවය ඇති වීම වළක්වා ගන්න පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) කරන්න වෙනවා. රක්තහීනතාවයේදී ඇතිවන යකඩ ඌනතාවයට යකඩ අතිරේක අඩංගු ප්‍රතිකාර ගන්නත් සිද්ධ වෙනවා.
කොහොමද මේ කොකු පණු රෝගයෙන් වැළකෙන්නේ?
ඒක හරිම ලේසියි.
නිසියාකාරව තනා ඇති  වැසිකිලියක් පාව්චිච් කරන්න. වැසිකිළි ගිහින් පැමිණි වහාම අත් සෝදන්න.
මළ සහිත පස් තියෙන බිම්කඩවල පාවහන් නැතිව ඇවිදීමෙන් වළකින්න.
මිනිස් මළ ද්‍රව්‍යයන් කිසිසේත් පොහොර ලෙස භාවිතා නොකරන්න.
මේ මූලික සුව පුරුදු මගින් කොකු පණු රෝගයෙන් මුළුමනින්ම වැළකෙන්නට හැකියි.
- සුගත්
උපුටා ගැනීම - http://www.deshaya.lk/

බඩවැලට කොක්ක දාන එපාකරපු ලෙඩේ! බඩවැලට කොක්ක දාන එපාකරපු ලෙඩේ! Reviewed by CHAA MEDIA on May 25, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.