Seo Services

වයස හංගන්න කහවලට පුළුවන් ....

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ඉන්දීය සහ චීන රූපලාවන්‍ය සත්කාර අතර ප‍්‍රධානම රූපලාවණ්‍ය අමුද්‍රව්‍ය ලෙස ගැනෙන්නේ කහ. විශේෂයෙන්ම අද වන විට  බොහෝ රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදනයේදීත් කහ යොදා ගන්නවා.

 සාමාන්‍යයෙන් කස්තුරි කහ නම් කහ විශේෂය තමයි වැඩි වශයෙන් භාවිත කරන්නෙ.

 කොහොම වුණත් අද අපි කතා කරන්න යන්නේ මේ කහවලින් ඔබේ රුව වඩන්න පුළුවන් අපූරු ක‍්‍රම කිහිපයක් ගැනයි.

 ක්‍මරජමප් කදබට් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කහ ඖෂධයක් මෙන්ම ඖෂධ සංයෝගයක් විදියට ද භාවිත කරනවා. මහා පරිමාණයෙන් කහ නිෂ්පාදනය කරන්නේත් අපනයනය කරන්නේත් ඉන්දියාවයි. ඒකට විශේෂම හේතුව තමයි වැඩිපුරම රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් ලෙස කහ භාවිත කරන්නෙත් ඉන්දියානු ළඳුන් වීම. ඖෂධීය ගුණ අතින් ගත් විට එය සමට වඩාත් හිතකරයි. විෂබීජ නාශක ගුණයෙන් අනූන වන අතර සම පැහැපත් කිරීම සහ බැක්ටීරියා සහ වෛරස් ආසාදන දුරලීමට ද ඇත්තේ සුවිශේෂී හැකියාවක්. සාමාන්‍යයෙන් කහ වර්ග හතරක්. තිබෙන බව පැවසෙනවා. ඒ හරිද්‍ර, කර්පුර් හරිද්‍ර, අමිරගන්ද, හරන් ලෙසයි. මේ කොහොම වුණත් රූපලාවන්‍ය සඳහා කහ භාවිත කරනවා නම් කහවල නියම පැහැය කුංකුම වල පැහැයට සමාන විය යුතු බවත් කියවෙනවා. ඒ පැහැය තමයි, කහවල නියම පැහැය විදිහට සලකන්නෙ. විශේෂයෙන්ම රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවක් ද කහ සතුව පවතිනවා. රූපලාවන්‍යයේදී ආයුර්වේද පැන් , ස්ක‍්‍රබ්, ක්ලෙන්සර් ආදී නිෂ්පාදනය සඳහා ප‍්‍රධානම අමුද්‍රව්‍ය වන්නේ කහ.

 ශරීරය මත කහ ආලේප කිරීමෙන් ශරීරයේ මැරුණු සම ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙන අතර සම පැහැපත් කරමින් අකලට වයසට යෑම පාලනය කරන බව විද්‍යාත්මකව පවා සනාථ කරගත් කාරණාවක්. ඊට හේතුව කර්කියුමින් විශේෂ සංඝටකය කහවල අන්තර්ගත වීමයි.

 ඉන්දීය ළඳුන්ගේ අංක එකේ රූපලාවණ්‍ය සත්කාරය...
ඉන්දියානු කාන්තාවන්ගේ අංක එකේ රූපලාවන්‍ය සත්කාරය වන්නේ කහ භාවිත කොට සිදු කරන සත්කාරයි.

 විශේෂයෙන් ඉන්දියාවේ කහවලට හිමි වන්නේ වඩා වැදගත්

 ස්ථානයක්. දිනපතාම සිය මුහුණ කහවතුරෙන් සේදීමටත් ඉන්දීය යුවතියන් අමතක කරන්නෙ නැහැ. ඒ නිසාම

 ඔවුන්ගේ පැහැය වර්ධනයට එය හේතුවක් වෙලා තියෙන බව පැවසෙනවා. විශේෂයෙන්ම ආලේපනයක් ලෙස ඔවුන් කස්තුරි කහ වැඩි වශයෙන් භාවිත කරනවා. ඔවුන්ගේ විවාහ චාරිත‍්‍ර අතර කහ ආලේප කිරීමේ චාරිත‍්‍රයක් ද පවතිනවා. එය සිදුකරන්නේ මනාලිය ගේ රුව වැඩිවීම සඳහාය.
 කහවල විශ්මිත ගුණ

 ’ සංවේදී සමට හිතකරයි ඇතැම් රූපලාවණ්‍ය ද්‍රව්‍ය සංවේදී සමට අහිතකර වෙනවා.

 ආසාදන ඇතිවනවා. කුරුලෑ බිබිළි ආදිය බොහෝ දේ හටගන්න එම ආලේප භාවිත කිරීම හේතුවක්. නමුත් කහ ආලේප කරන ඔබට කිසිදු විටක බිය වීමට හේතුවක් නැහැ. මොකද කහ කියන්නෙ සංවේදය සමට ඉතාමත්ම හිතකර ඖෂධයක්. මේ නිසා කිසිම අපහසුතාවකින් තොරව රුව වඩන්න මේ අපූරු ඖෂධ භාවිත කිරීමට හැකියාව පවතිනවා. ඇති වී තිබෙන ආසාදන තත්ත්ව වූවත් මගහැර ගන්නට හැකි වීම විශේෂත්වයක්.

 ’ තෙතමනය රැුක දේ...

 කහවල අඩංගු කර්කියුමින් නමැති සංඝටකය සම ඇතුළට කා වැදිලා සම පෝෂණය කරන අතර සමේ තෙතමනය රැක දෙන්න උපකාරී වෙනවා. ඉතින් වියළි සමක් තියෙන අයට පුළුවන් තමන්ගේ සමේ තෙතමනය රැුක ගන්න කහ භාවිත කරන්න. මුහුණේ ඇති අඳුර දුරලා ජීවි පෙනුමක් ඔබට ලබා දෙන්නට කහවලට ඇත්තේ විශ්මිත හැකියාවක්..

 ’ තෙල් සමට වඩා යෝග්‍යයි...

 තෙල් සහිත සමක් තියෙන අයට කුරුලෑ බිබිළි හට ගැනීමේ ප‍්‍රවණතාව වැඩියි. ඒ වගේම ඒක මහත් කරදරයක් හිසරදයක්. ඉතින් ඒ වගේ අයටත් පහසුවෙන් භාවිත කරන්න පුළුවන් අපූරු ඖෂධයක් තමයි මේ. මොකද කර්කියුමින් කියන සංඝටකයෙ විශ්මිත බව නිසාම තෙල් ගතිය පාලනය කරනවා. විශේෂයෙන් එහි අඩංගු ස්වභාවික මේද අම්ල මගින් සමේ තෙල් ගතිය පාලනය කරනවා. කුරුලෑවලින් පීඩා විඳින ඔබට පුළුවන් ඔබේ ෆේස්බුක් පැන් එකට කහ මිශ‍්‍ර කරගන්න.

 ’ රුව වඩවයි...

 ප‍්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන නිසා වයසට යෑම පාලනය කිරීම සහ සම රැුලි වැටීම අවම කිරීම සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි, අලූතින් ෙසෙල වර්ධනය කිරීම වේගවත් කරන නිසා ම ඔබේ සුන්දර බව තවත් වර්ධනය කරනවා.

 කහවලින් ප‍්‍රයෝජන

 කහ වලින් සිදුකරන සත්කාර ක‍්‍රම රාශියක්ම තිබෙනවා. විශේෂයෙන්ම වෙළෙඳපොලෙන් ආලේපන මිලදී ගන්නෙ නැතුව ඔබට තවත් ස්වභාවික අමුද්‍රව්‍ය කීපයක්

 යොදාගෙන නිවසේදීම මේ දේවල් පිළියෙල කරගැනීමට හැකියාව පැවතීම විශේෂයි.

 ’ සේදුම්කාරකයක් ලෙස...

 ගොඩක් වෙලාවට උදෑසන අපි මුහුණ සෝදන්න පුරුදු වෙලා තියෙන්නේ ෆේෂ්වොෂ් එකක් භාවිත කරල. නමුත් ඔයාට පුලූවන් ඒ සඳහා කහ වතුර භාවිත කරන්න. හැකිනම් කර සහ කොහොඹ එකට මිශ‍්‍ර කර තම්බා ගෙන වුණත් භාවිත කරන්න පුළුවන්.

 ’ ෆේස් මාස්ක් ලෙස...

 කස්තුරි කහ කුඩු හැන්දකට සුදුහඳුන් කුඩු තේ හැන්දක් සහ මීපැණි තේ හැන්දක්, දෙහි යුෂ බිංදු කිහිපයක් එකතු කර ආලේපනයක් හදා ගන්න පුළුවන්. මේකට අවශ්‍ය නම් යෝගට් ද එක් කරගන්න හැකියාව පවතිනවා. මේක විනාඩි විස්සක් පමණ ආලේප කර තබා ඉවත් කරගන්න පුළුවන්.

 ’ හිසකෙස් සඳහා...
 

 විශේෂයෙන්ම හිසකෙස් සම්බන්ධයෙන් කතා කරන කොට හිස්සොරි කියන්නෙ ඔබට වද දෙන කරුණක්. මේ හිස්සොරි පාලනය කරගන්න ඔබට කහ භාවිත කරන්න පුළුවන්. කහවලට පොල්තෙල් ස්වල්පයක් මිශ‍්‍ර කරලා හිසේ ආලේප කර තබන්න. පසුව විනාඩි විස්සකින් පමණ

 ස්නානය කරන්න පුළුවන්.

 ’ෆවුන්ඬේෂන් එකක් ලෙස...

 ඔයාගෙ මොයිස්චර්රයිසර් ක‍්‍රීම් එකට කහ මිශ‍්‍ර කර ෆවුන්ඬේෂන් එකක් ලෙස භාවිත කරන්නත් පුළුවන්....

 ’ හිරු එළියෙන් වූ හානිවලින් මිදීමට...

 ඉර එළියට පිච්චිලා කළු පැහැති වෙච්ච සම සැණෙකින් යථා තත්ත්වයට පත් කරගන්නටත් කහ භාවිත කරන්න පුළුවන්. ඒ සඳහා කහවලට කෝමාරිකා යුෂ මිශ‍්‍ර කරලා ජෙල් එකක් විදියට හදාගෙන මුහුණේ ආලේප කරන්න ඔබට පුළුවන්. පසුව එය පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

 ’ මුතුවන් දත් දෙපළකට...

 කහ කියන්නෙ හොඳ පිරිසුදුකාරකයක්. එනිසාම කහවලට පුළුවන් අපේ කහ ගැහුණු දත් දෙපෙළ සුදු පැහැයට හරවන්න කරන්න තියෙන්නේ පොල්තෙල් මේස හැන්ඳකට බේකින් සෝඩා ටිකක් සහ කහ කුඩු ටිකක් මිශ‍්‍ර කරලා පේස්ට් එකක් හදාගන්න. පසුව එම ආලේපනයෙන් හොඳින් පිරිසිදු කර බලන්න. ඔබටම වෙනස වැටහේවි.

 අන්තර්ජාලය ඇසුරෙනි..
 අනුපමා හේරත්

වයස හංගන්න කහවලට පුළුවන් .... වයස හංගන්න කහවලට පුළුවන් .... Reviewed by CHAA MEDIA on May 25, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.