Seo Services

කුරුම්බා විසිතුරු පානය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
දාහය නිවා සිරුරට සිසිලසක් ගෙන දෙන මේ කුරුම්බා බීම ඔබට අලුත්ම අත්දැකීමක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය
කුරුම්බා වතුර කෝප්ප 2 ක්
කුරුම්බා ගෙඩියේ ලොඳ
ලෙමන් යුෂ මේස හැඳි 1 ක්
පොඟවාගත් කස ඇට
පාට කීපයක ආහාර
වර්ණක බිංදු කීපයක්

සකසා ගන්නා ආකාරය
කුරුම්බා වතුර ශීතකරණයේ දමා ශීත කරගන්න. කුරුම්බා ලොඳ කුඩා කැබැලිවලට කපා ලෙමන් යුෂ ස්වල්පයක් එක්කරන්න. කුඩා බඳුන් කීපයකට කුඩාවට කපාගත් කුරුම්බා ලොඳ වෙන්කරන්න. ඒවාට ආහාර වර්ණක බිංදු 2 බැගින් දමා මිශ්‍ර කරන්න. මෙලෙස පාට කරගත් කුරුම්බා ලොඳ විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබන්න.
දැන් උස වීදුරුවකට සිසිල් කරගත් කුරුම්බා වතුර දමන්න. එයට පාට කරගත් කුරුම්බා ලොඳ ප්‍රවේශමෙන් එක්කරන්න. වීදුරුව උඩින් පොඟවාගත් කස ඇට තේ හැඳි දෙක ද දමා කුරුම්බා පානය පිළිගන්වන්න.
කුරුම්බා විසිතුරු පානය කුරුම්බා විසිතුරු පානය Reviewed by CHAA MEDIA on May 07, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.