Seo Services

ඇස් දෙක, ඇස් දෙක වාගේ රැක ගන්න

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ඇස් දෙක, ඇස් දෙක වාගේ රැක ගත්තේ නැති වුණොත් ඔබට මුළු ජීවිත කාලයේම ජීවත් වෙන්න වෙන්නේ පසුතැවිල්ලෙන්. තවත් කෙනෙක් ඔබව දකින කැඩපත තමයි ඔබේ මුහුණ. ඔබගේ බාහිර ස්වරූපය ලස්සන කරන්න වගේම අවලස්සන කරන්නත් ඇස් දෙකට පුළුවන්. ඇස් දෙකේ සුන්දරත්වය වගේම නිරෝගී බව රැක ගන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
තක්කාලි යුෂ
තක්කාලි කියන්නේ ඔබේ සමට වටිනා සත්කාරයක්. තක්කාලි යුෂවලට කහ යුෂ ටිකක් මිශ්‍ර කරලා ඇස් වටේ ආලේප කරන්න. ටික වේලාවක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙමගින් ඇස් යට කළු විම මඟහැරෙනවා.
අර්තාපල් යුෂ
අර්තාපල් යුෂ මඟින් ද ඔබගේ දෙනෙත් අවට තියෙන කළු පැහැය අවම කරගත හැකියි. අර්තාපල් බ්ලෙන්ඩර් කර යුෂ ටික පෙරා ගන්න. හොඳින් ඇස් අවට ආලේප කර, සිසිල් වතුරෙන් සෝදා හරින්න. මෙයින් ඇස් අවට අවපැහැය ඉවත් වී යනවා.
පිපිඤ්ඤා යුෂ
ඔබගේ දෙනෙත්වල මළානික බව අඩු කරගන්න කෝමාරිකා යුෂ ගෙන අයිස් කියුබ් හදා ගන්න. මේ අයිස් කියුබ් මඟින් ඇස් වටා ස්ක්‍රබ් කරන්න.
අයිස් වතුර
රෑට නිදා ගන්න කලින් කපු පුළුන් බෝල දෙකක් අයිස්වල පොඟවා ඇස් දෙක මත තියාගන්න. විනාඩි 10 ක් පමණ දිනපතා මේ සත්කාරය කිරීමෙන් ඇස් දෙකේ මළානික බව අඩුකර ගන්න පුළුවන්.
මේ සත්කාර මඟින් ඔබට දීප්තිමත් නිරෝගී ඇස් දෙකක හිමිකාරියක් විය හැකියි.

උපදෙස්
කායික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
උපුල් දිසානායක
ඇස් දෙක, ඇස් දෙක වාගේ රැක ගන්න ඇස් දෙක, ඇස් දෙක වාගේ රැක ගන්න Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.