Seo Services

හදිසියේ පණ බේරන මොනවද මේ D.T.N

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
G.T.N. කියන්නේ Glycerin Trinitrate කියන නාමයේ කෙටි හැඳින්වීමයි. ඒ ඖෂධයේ ප්‍රධාන කාර්යය තමයි රුධිර වාහිනි, විශේෂයෙන්ම හෘද පේශියට රධිරය ගෙන එන කිරීටක ධමනි පළල් කිරීම. විවිධ හේතුනිසා හෘදයේ පේශියට ලේ ගේන රුධිර වාහිනී පටුවෙන්න පුළුවන්, ඔය විදියට ඒ නහර පටු වුනාම හෘදයේ පේශියට ඔක්සිජන් අරගෙන ලේ වලට එන්න බැරිවෙනවා. ප්‍රතිඵලේ හෘද පේශිය අඩපණ වීම. ඒක අපිට දැනෙන්නේ “පපුවෙ කැක්කුමක්“ විදියට. දැන් අපි G.T.N. පෙති ගත්තම, ඒ නහර පළල් වෙනවා, දැන් ලේ ටිකක් පහසුවෙන් හෘද පේශියට ගලාගෙන එනවා. එතකොට අර තිබුණු වේදනාව, අපහසුව අඩුවෙනවා. නමුත් මේක තාවකාලික ප්‍රතිකාරයක් විතරයි. හැබැයි අර කැක්කුම එත්දි පාර පළල් කරගන්නට (ලේ නහර) පෙති නොතිබුණොත් මොකද වෙන්නේ... අර හෘදයේ පේෂීය මැරිලා යන එක. අපි ඒ තත්ත්වය නම් කරන්නේ Myocardial infarction MI නමිනුයි. එය ඉතා අනතුරුදායක තත්තවයක්. මොකද හෘදයේ පටක මියගියොත් නැවත එය නිවැරදි කරන්නට බැහැ. ඉතින් මේ විය හැකි අනතුර වළක්වා ගන්නට දෙන දිව්‍ය ඖෂධයක් තමයි G.T.N.
මේ පෙති ගැනීම ගැන අපි දැනගන්නට ඕන කරුණු කිහිපයක් අපි කතා කරමු.
මේ පෙති ඇඟට ඇතුළුවෙලා ටික වෙලාවකින් (G.T.N.වල විශේෂත්වය තමයි එය හරිම ඉක්මණින් ක්‍රියාකාරී තත්ත්වයට පැමිණීම) Nitric oxide කියන රසායනිකය නිෂ්පාදනය වෙනවා. ඒ රසායනිකය මගින් අපේ ලේ නහර පළල් කරන හැකියාවක් තිබෙනවා. ඒ විදියට ලේ නහර පළල් කළාම මොකක්ද අපට ලැබෙන වාසිය, එකක් නොවෙයි අපිට ප්‍රධාන වාසි දෙකක් තිබෙනවා.
ඒ හෘදයෙන් පිට ලේ නහර පළල් වීම නිසා හෘදයේ එක්රැස් වන ලේ ප්‍රමාණය අඩුවීම. හරියට අපේ පාරවල් හොඳට පළලට, බාධක නැතිව තියෙනවා නම් හොඳ ප්‍රවාහන සේවාවක් තියෙනවා නම් central bus stand එකේ රැස්වෙන ප්‍රමාණය අඩුවෙනව වගේ. එතකොට බස් ස්ටෑන්ඩ් එකේ නඩත්තුව පරිපාලනය පහසුවෙනව වගේ දැන් හෘදයේ පරිපාලනයත් පහසුවෙනවා. මේක හරිම වැදගත් රෝගී වූ හදවතකට.
දෙවැන්න මේ ඖෂධය නිසා ප්‍රධාන ලේ නහර පලල් වෙන නිසා දේහයේ වැදගත්ම ඉන්ද්‍රියන්ට (හෘදය, මොළය, වැනි) ලේ සැපයීම හොඳ මට්ටමක තියාගන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන් අපි මෙතැනදී හෘදය ගැන කතාකළොත් එය හරිම වැදගත්, මොකද අපි දැන් දන්නවා මේ වෙනකොටත් මේ රෝගියාගේ හෘදයේ ලේ නහර (කිරීටක ධමණි-coronary arteries) අවහිර වෙලා. ඒ නිසානේ හදවත් පේශියට ලේ ඒම අඩුවෙලා, වේදනාවෙන් කෙඳිරිගාන්නේ. ඉතින් මේ ඖෂධය මගින් ඒ කිරීටක ධමනි පළල් කරමින් හදවත් පේශියට හොඳ ලේ සැපයුමක් ඇති කරනවා.
ඉතින් මේ තරම් වටින ජීවිතය රැකදෙන G.T.N. පෙත්ත ගැන තව දැනගත යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. ඒ තමයි අපි මේ කතා කරමින් ඉන්න පෙත්ත නම් අනිවාර්යයෙන්ම දිව යටම තැබිය යුතුයි. එහෙම තියන්න හේතුවක් තියෙනවා. අපේ දිව යට පුංචි පුංචි රුධිරවාහිනී රාශියක් තියෙනවා. හොඳ රුධිර සැපයුමක් තියෙන නිසා දිව යට තියා ගත්තම හරිම ඉක්මණින් මේ බෙහෙත ලේවලට එක්වෙනවා. මේ වෙලාවේ වැදගත්ම දේ තමයි ඉක්මණින් ඖෂධය ලේවලට එක්කිරීම. ඒ නිසයි එය දිව යටම තැබිය යුතු. වැරදිලාවත් මේක පෙවුන කියල කරදරයක් වෙන්නේ නැහැ. පෙත්තට අමතරව දැන් දිව යටට spary කරන්න පුළුවන් විදියේ පොඩි spary can තියෙනවා. එයත් දිව යටටම ස්ප්‍රේ කිරීමෙන් තමයි හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්.
ඊළඟ වැදගත් දේ මේ බෙහෙත හෘදයාබාධයක් සහිත ඔබ සමඟ නිතරම එක්ව යන්නට ඕන. ඒ කිව්වේ ඔයා කොහේ ගියත් කුමක් කළත් මේ පෙති ටික ළඟ තියාගන්නම ඕන. දැන් ප්‍රශ්නේ කොහොමද තියාගන්නේ කියන එක. මොකද මේ බෙහෙත පරිසරයේ රස්නෙට, තෙතමනයට හරිම සංවේදීයි. ඒ කියන්නේ ඒ තත්ත්ව වැඩිවීමත් එක්ක බෙහෙතෙ ක්‍රියාකාරීත්වය අඩුවෙන්න පුළුවන්. ඒ නිසා මේ බෙහෙත් පෙති අනිවාර්යයෙන්ම අඳුරු, පොඩි පියන හොඳින් වැසිය හැකි (air seal) වීදුරු බෝතලයක තියාගන්න එක තමයි වඩාත් සුදුසු. මේ සඳහා ඖෂධය නිෂ්පාදනාගාරයෙන්ම එන බෝතලයම හෝ වෙළඳපොළෙන් ලබාගත් medicine box කියන දේ භාවිත කරන්නත් පුළුවන්. ඒ නිසා ඔය පෙත්ත නිකං උඩ සාක්කුවෙ දාගෙන ගිහින් දිවයට තියාගත්තට කිසි වැඩක් නොවෙන්න පුළුවන්.
අනෙක මේ බෝතලයේ තියෙන පෙති බෝතලේ ෆ්‍රිජ් එකේ තියන්න එපා. ඒත් අඳුරු, වියළි තැනක තියන්න. අනෙක් වැදගත් දේ සති අටක්වන විට බෝතලේ ඉතිරිවෙලා තියෙන පෙති ටික විසිකරලා අලුතින් G.T.N. පෙති ටිකක් ගෙනත් දාගන්න. මොකද මේ බෝතලය විවෘත කළාට පස්සේ සති අටකින් එහි අඩංගු ඖෂධවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ spray එකත් තද උණුසුමට ලක් නොවෙන්න වගබලා ගන්න. ඒ වගේම ඒක ගෙනා ගමන් expiry date සහ puff නැත්නම් spay වාර කීයක් ගන්න පුළුවන්ද කියන එක කියවල බලල ඒ ගැන අවධානයෙන් ඉන්න.
ඔබ ප්‍රතිකාර මත ඉන්න කෙනෙක් නම් ඔබේ රෝග විනිශ්චය කාඩ්පත පෙන්වීම මගින් හෝ බොහෝ අවස්ථාවල එසේ නොමැතිව වුවත් ෆාමසියකින් මේ ජීවිතාරක්ෂක ඖෂධය මිලට ගන්න පුළුවන්.
හොඳයි දැන් අපි කතා කරමු මේ බෙහෙත ගන්න ඕන විදිය. ඔබ යම් හෘද රෝගයෙන් පෙළෙන හෝ විය හැකි මට්ට‍මේ කියල වෛද්‍යවරයා හඳුන්වල “අවශ්‍ය අවස්ථාවක G.T.N. .ගන්න කියල (S.O.S) නිර්දේශ කරල තිබෙනව නම්, ඔබට යම් මහන්සි වීමක් එක්ක, නැත්නම් තද පපුවේ කැක්කුමක් ආවොත් මුලින්ම ඔබ කරන වෙහෙස වන වැඩේ නවත්වන්න. දැන් පුටුවකින් හරි බිමින් හරි වාඩිවෙන්න. ඊට පස්සේ තමයි ඉක්මණින් මේ පෙත්තක් දිය යට තියාගන්නට ඕන. දැන් විනාඩි 2-3 විතර යත්දී පපුවේ කැක්කුම අඩුවෙනවා. කලබල නැතිව ඉන්න. මොකද මේ වෙලාවේ කලබල වුණොත් වේදනාව  සහ අනතුර තවත් වැඩිවෙන්න පුළුවන්. විනාඩි පහක් ගත වෙලත් වේදනාව අඩු නැත්නම් ආයෙත් තව පෙත්තක් දිව යටින් තියාගන්න. ඉබේම දියවෙලා යන්න හරින්න. තවත් විනාඩි පහකදීත් වේදනාව අඩු නැත්නම් නැවතත් පෙත්තක් හෝ spray එකක් දිව යටට ගන්න. මේ විදියට පෙති හතරක් දක්වා ගියාට කමක් නැහැ. බොහෝදුරට පළමු දෙවැනි පෙත්තෙදි වේදනාව අඩුවෙනවා. එහෙම වුණොත් ඔබට ටිකක් විවේක අරගෙන සාමාන්‍ය කටයුත්තේ යෙදෙන්න පුළුවන්. ඒත් ටිකක් සැලකිල්ලෙන් ඉන්න ඕන. ඒත් මේ පෙත්තට කිසිම ප්‍රතිචාරයක් නැතිව වේදනවා පවතිනවා නම්, වේදනාව වැඩිවෙනවා නම් බලන් ඉන්න එපා. කලබල නොකර කාගේ හරි උදව්වෙන් ළඟම තියෙන රෝහලකට යන්න. විශේෂයෙන්ම හදිසි ප්‍රතිකාර පහසුකම් තිබෙන රෝහලක් නම් තමයි වඩාත් හොඳ. මේ වෙලාවේ පයින් ගමන් නම් ඒ තරම් සුබ නෑ.
- Cardiacforum

http://www.deshaya.lk
හදිසියේ පණ බේරන මොනවද මේ D.T.N හදිසියේ පණ බේරන මොනවද මේ D.T.N Reviewed by CHAA MEDIA on May 18, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.