Seo Services

බිලිඳාගේ වර්ධනය ප්‍රමාද ද? එසේ නම් සැලකිලිමත්වන්න

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අප හැම දෙනාම බුද්ධියෙන් එක සමාන වන්නේ නැත. නමුත් සාමාන්‍යයෙන් අප දකින ස්වභාවයට වඩා වෙනස් වූ බුද්ධි හීන අය කොතෙකුත් මේ සමාජයේ ජීවත් වෙති. මෙසේ බුද්ධි හීනතාවය ලෝක ජනගහනයෙන් දහසකට දහයක පමණ ප්‍රමාණයක් එනම් සියයට එකක් පමණ වන බව කලකට උඩදී සංඛ්‍යා‍ලේඛන මගින් අනාවරණය කර තිබිණි.
අපගේ බුද්ධිය කොටස් 5ක් ලෙස බෙදුවොත් මේ 5න් 4ක්ම ප්‍රවේණියෙන් නැතහොත් පරම්පරාවෙන් උරුම වන ලක්ෂණවලින් සැදී පවතියි. එක් කොටසක් පමණක් අධ්‍යාපනයෙන් සහ යහපත් පාරිසරික තත්ත්වයන් තුළින් දියුණු කළ හැකිය.
සාමාන්‍යයෙන් කෙනෙකුගේ බුද්ධි මට්ටම හෙවත් බුද්ධි ඵලය ගණනය කරන ක්‍රමවේදයක් තිබේ. සාමාන්‍ය බුද්ධි ඵලයකින් යුතු කෙනෙකු සතු .ශ්‍රී. මට්ටම 100ක් පමණ වෙතැයි සැලකෙන අතර ලෝක ජනගහනයෙන් 60ක් පමණ දෙනා මෙම කොට්ඨාසයට අයත් වෙයි.
මොළය දියුණු ප්‍රතිභාපූර්ණ අය සතු බුද්ධිඵලය 120 - 160 දක්වා පමණ අගයක පවතින බව සැලකෙයි. සාමාන්‍යයෙන් ලෝක ජනගහනයෙන් 20ක් පමණ වැඩි බුද්ධියකින් යුතු අයගෙන් සමන්විත බව සංඛ්‍යා‍ලේඛන පෙන්වා දෙයි.
බුද්ධිහීන අය ලෙස සැලකෙන්නේ බුද්ධිඵලය 70ට වඩා  අඩු මට්ටමක පවතින අයයි. උග්‍ර බුද්ධිහීන අයට නම් පවතින්නේ 50කටත් වඩා අඩු බුද්ධි ඵලයක් බව පිළිගැනේ. බුද්ධිහීන අය සහ උග්‍ර බුද්ධිහීනතාවයෙන්          පෙළෙන්නන්ද 20ක් පමණ ලෝක ජනගහණය තුළ විසිරී සිටින බව සංඛ්‍යා‍ලේඛන දක්වයි.
බුද්ධිඵලය 70 පමණ වන සාමාන්‍ය බුද්ධිහීන අයට සුළු අධ්‍යාපනයක් සහ සරල වෘත්තීය පුහුණුවක් ලබාදිය හැකිය. තමාගේ වැඩකටයුතු කරගැනීමට සහ ආරක්ෂාවීමට ඔවුන්ව පුහුණු කළ හැකිය. නමුත් ඉතා කුඩා අවදියේ සිටම පුහුණුව පටන්ගැනීම අතිශයින්ම වැදගත්වෙයි. එසේ වුවද උග්‍ර බුද්ධිහීනතාවයෙන් පෙළෙන අය මේ ආකාරයට පුහුණු කිරීම අතිශයින්ම අපහසුය. ඔවුන්ගේ සෑම සියලු දෙයක්ම පිටස්තර අයෙකු විසින් කරදෙමින් බලාගත යුතු වෙයි. බොහෝ විට මෙවැනි අය අංගවිකලත්වයෙන් පෙළෙන අවස්ථාද සුලබවෙයි.
කෙනෙකුගේ බුද්ධි මට්ටම මනින්නේ කෙසේදැයි ඔබ තුළ කුකුසක් මතුවන්නට පුළුවන. සුදුසුකම් ඇති මනෝ වෛද්‍යවරයෙකුට ඒ හැකියාව තිබේ. කතා කිරීමෙන්, ප්‍රශ්න ඇසීමෙන්, සරල හරස්පද ප්‍රහේළිකා සහ ගණිත ගැටලු ආදිය විසඳීමට දීමෙන් කෙනෙකුගේ මානසික වයස  සොයාගත හැකිවෙයි. එය මේ ආකාරයට ආදේශ කරමින් අදාළ පුද්ගලයාගේ බුද්ධිඵලය ගණනය කළ හැක.
බුද්ධිඵලය - මානසික වයස     /  සාමාන්‍ය වයස  X 100

කෙනෙකුගේ බුද්ධිහීනතාවයට හේතු සොයා යාමේදී ඒවා උප්පත්තියට පෙර පූර්ව ප්‍රසව අවස්ථාවේදී සහ උප්පත්තියෙන් පසුව වන හානි ලෙස වර්ග කළ හැකිය. එසේම බිලිඳු දරුවෙකු හිස එසවීම, ඉඳ ගැනීම, සිට ගැනීම, ඇවිදීම, බහ තේරීම යන වර්ධනයේ එක් එක් පියවර අස්වාභාවික ලෙස ප්‍රමාදවන්නේ නම් ඒ බුද්ධිහීනතාවයක් නිසා බවට සැකකළ හැකිය.
බුද්ධිහීනතාවයෙන් පෙළෙන කෙනෙකු සුවකළ හැකි හෝ යථා තත්ත්වයට පත් කළ හැකි නොවේ. නමුත් එවැනි දරුවන්ට තමන්ගේ වැඩකටයුතු කරගනිමින් සමාජයේ ආරක්ෂා වී සිටීමට අවශ්‍ය වන කරුණු ඉගැන්විය යුතුය. දරුවා ගැන එවැනි සැකයක් මතුවූ විට තවදුරටත් පමා නොවී ඒ සම්බන්ධ දැනුවත් මනෝ වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කර උපදෙස් ලබා ගැනීම අතිශයින් වැදගත් වෙයි.
උග්‍ර බුද්ධි හීනතාවයකින් පෙළෙයි නම් ඒ දරුවාට අවශ්‍ය රැකවරණය සලසා කටයුතු සංවිධානය කිරීම කළ යුතුය. සාමාන්‍ය බුද්ධිහීනතාවයෙන් පෙළෙන දරුවකු නම් එවැනි දරුවන් පුහුණු කරන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට දරුවා යොමු කිරීම ඒ දරුවාට කරනු ලබන අනාගත ආයෝජනයක් වෙයි. අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී හමුවීමෙන් ඒ සඳහා රජයෙන් සලසා ඇති පහසුකම් ගැන දැනුවත් විය හැකිය.

කොළඹ 08, ජාතික මානසික සෞඛ්‍ය සභාවට අපගේ ස්තූතිය

නිර්මලා කුමාරි සේනාරත්න
බිලිඳාගේ වර්ධනය ප්‍රමාද ද? එසේ නම් සැලකිලිමත්වන්න බිලිඳාගේ වර්ධනය ප්‍රමාද ද? එසේ නම් සැලකිලිමත්වන්න Reviewed by CHAA MEDIA on May 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.