නිමල් සහ නයෝමි විවාහ වී දැනට අවු.
10කි. ඔවුන්ට අවු.5ක් සහ අවු.3ක් වයසැති දරුවන් දෙදෙනෙකි. ඔහු වැඩ කළේ
බැංකුවක. නයෝමිගේ ගම මාතර. ඇය උපාධිධාරී ගුරුවරියක්. නිමල් නයෝමිව විවාහ
කරගත්තේ අවු. 3ක ආදර සම්බන්ධතාවයකින් පසුවයි. විවාහයෙන් පසු දෙදෙනාම ජීවත්
වූයේ මාතර නයෝමිගේ මහ ගෙදරය. මේ කාලය තුළදී නිමල් මාතර බැංකුවක සේවය කළ අතර
නයෝමි මාතර පාසලක ගුරුවරියක් ලෙස සේවය කළාය. නයෝමිට දරුවන් දෙදෙනාම ලැබුණේ
මාතර සිටින කාලයේදීය. එම කාලය තුළ දෙදෙනා ඉතාම සතුටින් සිටි බව ඔවුන්ගේ
කතාවලින් පැහැදිලි විය. කොළඹට ඇවිත් දැන් අවු. 2කි. වෙයි. නයෝමි සහ නිමල්
පදිංචිව සිටින්නේ නිමල්ගේ මහ ගෙදර ඔහුගේ දෙමාපියන් සමඟය. කොළඹ පදිංචියත්
සමඟ ඔවුන් දෙදෙනාගේ ජීවිතයට කණකොකා හැඬීමට පටන් ගත්තේය. නිමල්ගේ ජීවිතය
එන්න එන්නම සංකීර්ණ විය. බැංකුවටම සීමා වුණු ඔහුගේ ජීවිතය උසස් වීම්
ලබාගැනීමේ පරමාර්ථය ද ඇතිව තවත් විභාග කීපයක් එකවිට කළේය. ඔහුගේ හැසිරීම්
රටාව ද ටිකෙන් ටික වෙනස් විය. නිතර කිපෙනසුළු ආදරණීය බවක් නැති රළු චරිතයක්
බවට ඔහු පත්විය. දරුවන් සමඟ ගතකිරීමට ද කාලයක් ඔහුට නැති විය. වැඩ නිමා වී
හවස ගෙදර පැමිණි ඔහු විවේකය සහ විනෝදයට කළේ රූපවාහිනී නාට්‍ය බැලීමයි.
නයෝමිගේ ජීවිතය ද සියලු සුන්දර බලාපොරොත්තුවලින් ඈත් වී හුදෙකලාවට සහ
කලකිරීමට ගොදුරු විය. ගෙදර පරිසරය තුළ ඇයට තිබුණු ලොකුම ගැටලුව තම
නැන්දම්මා සමඟ වාසය කිරීමයි. නියෝමිගේ නැන්දම්මා දැඩි නීති රීති සහ
රෙගුලාසිවලින් පිරුණු කාන්තාවක් විය. නයෝමි ගත කරන කටුක සහ පීඩාකාරී ජීවිතය
ගැන ඇය මෙසේ පැවසුවාය.
&නිමල්ගේ අම්මත් එක්ක ඉන්න හරිම
අමාරුයි. ඉතාම පොඩි දේවල් පවා ලොකුවට තමයි ඇය දකින්නේ. දරුවට වෙලාවට කෑම
දෙන්න බැරි වුණත් ඒක ලොකු දෙයක් කරගෙන මට දොස් කියනවා. අම්මගේ ප්‍රශ්න ගැන
නිමල්ට කියන්නත් බෑ. ඉතාම පොඩි දේකට පවා ඉස්සර වගේ නෙවෙයි දැන් නිමල් මා
සමඟ රණ්ඩු වෙනවා. මගේ ලොකු පුතාට දැන් වයස අවු. 5යි. ඔහුටත් දැන් හරියට
තරහා යනවා. අවුහුණ දේ පොළවෙ ගහනවා. මට ඉස්සර වගේ දැන් වැඩ කරන්න කිසිම
ආසාවක් නැහැ. ඉස්කෝලෙ ගියත් ළමයින්ට උගන්වන්නේ ඕනවට එපාවට. මට නිතරම
හිතෙන්නේ මම තරම් පව්කාරියක් මේ ලෝකෙ නෑ කියලා. නිමල්ට දැන් මාත් එක්ක
ලිංගිකව එකතු වෙන්න තරම්වත් ආශාවක් නෑ. ඔහු නිතරම කියන්නේ හරිම මහන්සියි
කියලා.”
අපි නිමල් දෙසට හැරුණා. දැන් ගතකරන ජීවිතේ පිළිබඳ ඔහුගෙන් විමසුවා. ඔහු මෙසේ කීවා.
&දැන් අපි දෙන්නා අතර නිතරම රණ්ඩු.
නයෝමිට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. පුංචි දේටත් හරියට තරහා යනවා. ඇත්තම
කියනවනම් මටත් හරියට තරහා යනවා. මට හරියට නින්ද යන්නෙත් නෑ. නිතරම උරහිසේ
ඇඟපතේ වේදනාව. මට අනාගතය ගැන ලොකු බයක් තියෙනවා. ඉස්සරහට මට විභාග කීපයකට
මුහුණ දෙන්න තියෙනවා. ඒවා පාස් වුණේ නැත්නම් බැංකුවෙන් ලැබෙන ප්‍රමෝෂන් එක
මට ගන්න බෑ. ඒත් දැන් ලොකුම ප්‍රශ්නේ විභාගේ නම් නෙවෙයි. ගෙදර හැමදාම
රණ්ඩු. නයෝමිට මගේ අම්මත් එක්ක ඉන්නත් බෑ. මට දැනෙන්නේ ජීවිතයේ හැමදේම
අවුල් වෙලා කියලා.”
නිමල් සහ නයෝමි අපට යොමු වූයේ ජීවිතය අවුල්
වී කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව අතරමං වී සිටින මේ මොහොතේදීය. අපි
පළමුවෙන්ම නයෝමිගේ ජීවිතය අවුල් වීමට සහ එපාවීමට හේතු වූ එම රෝගී තත්ත්වය
කුමක්දැයි සොයා බලමු.
ඕනෑම පුද්ගලයකු දැඩි ආතතියකට ගොදුරු වී යම්
කාලයක් එම ආතතිය තුළ ජීවත් වූවොත් එම ආතතිය අවසානයේදී &මානසික අවපීඩනය
හෙවත් විශාදිය” නැමැති තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. ලෝක සෞඛ්‍ය
සංවිධානය කියන පරිදි 2020 වන විට සිටලුම රෝගවලින් මානසික අවපීඩනය දෙවැනි
ස්ථානයට පැමිණෙයි. එහෙමත් නැත්නම් සෑම පස් දෙනකුගෙන්ම එක්කෙනකු මානසික
අවපීඩනයට ගොදුරු වන බව මනෝ විද්‍යාඥයන්ගේ මතයයි.
අපි නයෝමිගේ මානසික අවපීඩන ලක්ෂණ සොයා බලමු.
- නිතර කිපෙනසුළු බව.
- වෙනදා මෙන් වැඩකිරීමට ඇති ආශාව නැති වීම.
- ශරීරයට නිතර දැනෙන අප්‍රාණික බව.
- නිතර අමතක වීම සහ මතක තබාගැනීමට ඇති අපහසුව.
- ජීවිතය කලකිරීම සහ එපා වීම.
- මැරුණානම් හොඳයි යැයි නිතර එන සිතුවිලි.
- ලිංගික ආශාව අවම වීම.
සමහර විට මානසික අවපීඩනය උග්‍ර වීම නිසා
ජීවිතය නැති කරගැනීමට ද පෙළඹිය හැකිය. ජීවිතය නැතිකර ගන්නා අයගෙන් 60%ක්ම
මානසික අවපීඩනයට ගොදුරු වී සිටින අය බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත.
අපි නිමල් ගොදුරු වී ඇති තත්ත්වය බලමු.
නිමල් කල් පවතින ආතතියකට ගොදුරු වී සිටින බව මානසික සහ ශාරීරික ලක්ෂණවලින්
පෙනේ. ඒවා මොනවාදැයි අපි බලමු.
- නිතර කිපෙනසුළු බව සහ නොරිස්සනසුළු බව.
- අනාගතය ගැන නිතරම කනස්සල්ලෙන් පසුවීම.
Ex-
- ඇඟට දැනෙන දැඩි පීඩාව සහ තෙහෙට්ටුව.
- ලිංගිකත්වයට ඇති ආශාව අඩු වීම.
- සෑම දෙයක්ම අවුල් වී ඇති ලෙස තමාට දැනීම.
- උරහිස් සහ අඟපතේ නිතර දැනෙන වේදනාව.
නිමල් සහ නයෝමි යන දෙදෙනාව කොහුවල Life
ආයතනයේ උපදේශනයට යොමු කෙරුණි. එම උපදේශනයට අමතරව නයෝමිට මානසික අවපීඩනය
සඳහා ප්‍රතිකාර ලබා දීම. මානසික අවපීඩනය සඳහා ලබා දෙන ඖෂධවලට බොහෝ දෙනා බිය
වෙති. නමුත් අද පවතින ඉතා නූතන ඖෂධවල ශරීරයට අහිතකර අතුරු ආබාධ නැත.
සාමාන්‍යයෙන් මාස 6ක් ප්‍රතිකාර ගතයුතු අතර සති දෙක තුනක් යනවිට කලකිරීම්
සහ එපාවීම් 70%කින් හෝ 80%කින් පමණ අඩු විය. නිමල් ගොදුරු වී ඇති තත්ත්වය
ඔහුට පැහැදිලි කර දුනි. ජීවිතයේ යථාර්ථය පිළිබඳ නිසි අවබෝධයක් නැති නිසා
ඔහු මෙම දැඩි ආතතිකයට ගොදුරු වී සිටින බව ඔහුට පැහැදිලි කර දුනි. පහත සඳහන්
ක්‍රියාකාරකම්වලට නිමල්ව යොමු කෙරිණි.
- දිනකට විනාඩි 30ක් හෝ 45ක් ව්‍යායාමයක යෙදීම.
- දිනකට විනාඩි 30ක් හෝ 45ක් තම බිරිඳ සහ දරුවන් සමඟ සතුටින් කාලය ගතකිරීම (සින්දුවක් කීම, කතාබහ කිරීම, නර්තනයේ යෙදීම වැනි දෑ)
- එකිනෙකාගේ වටිනාකම් ඇගයීමට මනස පුරුදු කිරීම (බිරිඳගේ දක්නට ලැබෙන එක් හොඳ දෙයක් ඇයට මතක් කරදීම)
- දෙදෙනා නිතරම රණ්ඩු දඹර කිරීමෙන් දරුවන්ගේ මනසට වන හානිය විද්‍යාත්මකව පැහැදිලි කර දීම.
- මාස කීපයකට එක් වරක් හෝ විනෝද ගමනක් යාම.
- නිමල් සහ නයෝමි යන දෙදෙනාටම එකිනෙකාගේ දක්නට ලැබෙන ආස හිතෙන ගතිගුණ ලැයිස්තු කර ඒවා හඳුනා ගැනීමට මනස පුරුදු කිරීම.
- නැති වී ගිය ලිංගික ආශාව නැවත ගොඩනැගීමට ලිංගික ප්‍රතිකාර ක්‍රම සහ විධි (Sex Therapy) වලට මනස පුහුණු කිරීම.
මාස කීපයක් යනවිට නිමල් සහ නයෝමි මුලින් ගත
කළ ආදරණීය ජීවිතයට නැවත ඇතුළු විය. දෙදෙනකු අතර සබඳතාවය බිඳ වැටී ජීවිතය
අප්‍රසන්න වනුයේ අපල කාලය හෝ නරක කාලය නිසා නොව ඇති වන නොයෙකුත් මානසික
ගැටලු නිසාය.
► කිරිබත්ගොඩ මූලික රෝහලේ
මානසික වෛද්‍ය
නයනානන්ද කුමාරනායක.
මානසික වෛද්‍ය
නයනානන්ද කුමාරනායක.
විවාහයක් අවුල් කළ විශාදය
Reviewed by CHAA MEDIA
on
April 27, 2019
Rating:
No comments: