Seo Services

හෙට සහ අනිද්දා දිවයිනේ සියලු පාසල් වසා දැමේ...බස් හා දුම්රිය ඔස්සේ පාර්සල් ප්‍රවාහනය නතර කරයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
2019 වසරේ දෙවන පාසල් වාරය හෙට (22) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද මේ වන විට රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භය කල් දමා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙන්නේ ඒ අනුව 22 වැනිදා සහ 23 වැනිදා සියලු පාසල් වසා තැබීමට තීරණය කර ඇති බවයි.

රට තුල ඇතිවී තිබෙන තත්ත්වය විමසිල්ලට ගනිමින් යලි දැනුම් දෙන තුරු බස් හා දුම්රිය ඔස්සේ පාර්සල් ප්‍රවාහනය කිරීම නතර කිරීමට අදාළ වගකිවයුතු අංශ තීරණය කර තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කරන්නේ පෞද්ගලික බස් රථ ඔස්සේ භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය නතර කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.

හෙට සහ අනිද්දා දිවයිනේ සියලු පාසල් වසා දැමේ...බස් හා දුම්රිය ඔස්සේ පාර්සල් ප්‍රවාහනය නතර කරයි හෙට සහ අනිද්දා දිවයිනේ සියලු පාසල් වසා දැමේ...බස් හා දුම්රිය ඔස්සේ පාර්සල් ප්‍රවාහනය නතර කරයි Reviewed by CHAA MEDIA on April 21, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.