Seo Services

නූඩ්ල්ස් රෝල්ස්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය:-
නූඩ්ල්ස් ග්‍රෑම් 100
කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 150
ලුණු රසට අනුව
කෑලි මිරිස් රසට අනුව
බිත්තරයක්
පාන් කුඩු අවශ්‍ය තරමට
බටර් මේස හැන්දක් පමණ
ස්ප්‍රිං රෝල් කීපයක්
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය:-
කුකුල් මස් ටික සෝදා කුඩා කොටු ලෙස කපාගන්න. නූඩ්ල්ස් ටික කුඩාවට කඩා තම්බා පෙරා ගන්න. දැන් බටර් ටික ලිප තබා රත්වන විට එයට කුකුල් මස් කැබැලි දමා රන්වන් පාටට බැදෙන ලෙස කූරුගාමින් පිසගන්න.
දැන් එයට ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් දමන්න. නූඩ්ල්ස් ටික එකතු කර මිශ්‍ර කර ගන්න. දැන් ස්ප්‍රිං රෝල් එක කැබැලි කපා ගන්න. එහි මැදට නූඩ්ල්ස් මිශ්‍රණය ටිකක් තබා එය හොඳට ඔතා ගන්න. මේවා බිත්තර සාරුවල දවටා පාන්කුඩු මත පෙරලා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න
නූඩ්ල්ස් රෝල්ස් නූඩ්ල්ස් රෝල්ස් Reviewed by CHAA MEDIA on April 30, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.