Seo Services

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ එච්.එම්.ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhz2SKUR6n-Qo67XC0DfKZgbZ63NMK-9CkS_CmOu0EQBnAWlRM9hajVF64qz2GVEmFyDwliN7XeVbhmMaGPhpGgOgqD2m3Jmq3MG9o6TRr2my6eZ-nUbi3fdxyO9A_c6m-s0w6jXDG2aBs/s1600/chaamedia-2019-04-08.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(10) සිදුකිරීමට නියමිතයි.
ප්‍රවීණ සංගිතඥ එච්.එම්. ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(08) උදෑසන අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත ගායන ශිල්පීනි මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමිපුරුෂයා මෙන්ම ගායන ශිල්පී කසුන් කල්හාර මහතාගේ පියාණන් වන එච්.එම්.ජයවර්ධන මහතා මිය යන විට 69 වන වියෙහි පසුවිය.
රජ මැදුරක ඉපදී සිටියානම්, තනිවෙන්න ඉඩදෙන්න, සිහිනයකි ඔබ, වාසනා වේවා, කිරුළ මුතු ලිහී , පුර පෝය හඳට , ඔබට මා ආදරය කළ බව සහ ප්‍රේමයේ විල්තෙරේ ඇතුළු ගීත රැසකට ඒ මහතා සංගීතයෙන් දායක වී තිබේ.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට සිදුකිරීමට නියමිතයි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ එච්.එම්.ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ එච්.එම්.ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට Reviewed by CHAA MEDIA on April 09, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.