ඌන අවධාන
හා අධික්‍රියාකාරීත්වය Attention – deficit/ hyperactive Disorder (ADHD)
නැමැති රෝගී තත්ත්වය වර්තමානයේදී වැඩි වශයෙන් දැකිය හැකි මානසික රෝගී
තත්ත්වයකි. මෙම මානසික රෝගී තත්ත්වය වැඩි වශයෙන් කුඩා දරුවන් තුළ දැකිය
හැකි සුලභ රෝගී තත්ත්වයකි. ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය (American
Psychiatric Association) පෙන්වා දෙන අයුරින් ළමුන්ගෙන් 8.4%කටත්
වැඩිහිටියන්ගෙන් 2.5% කටත් මෙම ADHD රෝග තත්ත්වය ඇත. මෙම රෝගී තත්ත්වය
පිරිමි දරුවන් තුළ බහුලව දැකිය හැකි අතර මුල්කාලීනව මෙම රෝගී තත්ත්වය
හඳුනාගැනීමට හැකි වනුයේ පාසල් ක්‍රියාකාරකම්වලදී ඇතිකරගන්නා ගැටලුකාරී
තත්ත්වයන් සමඟය. මොළයේ රසායනික ද්‍රව්‍යයන්හි ඇතිවන වෙනස්වීම් සමඟ ඇතිවන
මෙම තත්ත්වය හේතුවෙන් දරුවන්ට නිසි ආකාරයට තම හැසිරීම් හා සිතුවිලි පාලනය
කරගත නොහැක.
ADHD රෝගීන් තුන් ආකාරයකට වර්ග කර දැක්විය හැක.
Inattentive type (නොසැලකිලිමත් ආකාරය)
Hyperactive/ Impulsive type (අධික්‍රියාකාරී හෝ ආවේගශීලී)
Combined type (මිශ්‍ර)
ADHD රෝගීන්ගේ ලක්ෂණ
යම්කිසි ක්‍රියාකාරකමකට දැඩි අවධානයක් නොදීම හා අපරීක්ෂාකාරී ලෙස වැරදි සිදුකිරීම.
එක් අරමුණක් උදෙසා පමණක් අවධානය නොදීම.
උදාහරණ: දේශනයක් අතරතුරදී අවධානය තබාගැනීමට නොහැකි වීම.
උපදෙස් පිළිනොපැදීම හා පාසල් වැඩ කටයුතු නිසි ආකාරව නොකිරීම.
වැඩ කළමනාකරණයට ඇති නොහැකියාව.
උදාහරණ: කාල කළමනාකරණය කිරීමට නොහැකි වීම.
වැඩ හරියාකාරව සංවිධානය කර ගැනීමට නොහැකි වීම.
එක තැනක රැඳී සිටීමට නොහැකි වීම.
තමාට අත්‍යවශ්‍ය බඩු නැතිකර ගැනීම.
උදාහරණ: පැන්සල්, පෑන්, පොත්පත්
පන්තියේ අනිත් ළමයින්ට බාධා කිරීම.
කකුල් වේගයෙන් සෙලවීම.
වැඩිපුර කතා කිරීම.
තමන්ගේ අවස්ථාව එළඹෙන තුරු රැඳී සිටිය නොහැකි වීම.
නිතර ක්‍රියාකාරීව හැසිරීම හා උස් ස්ථානවලට නැගීමට උත්සාහ කිරීම.
ADHD රෝගය ඇතිවීමට හේතු
විද්‍යාඥයන් තවමත් ADHD රෝගය ඇතිවීමට බලපාන
සුවිශේෂී කාරණයක් සොයාගෙන නොමැත. නමුත් එක්රැස් කරගන්නා ලද දත්තයන්ට අනුව
ADHD රෝගය ඇතිවීමට මෙම කරුණු බලපාන බව ප්‍රකාශ කර ඇත. ඒවා නම්,
ජානමය බලපෑම මත
මොළයට සිදුවන හානි
මව ගර්භනී අවධියේදී දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය
මව ගර්භනී කාලය තුළදී අධික ලෙසින් ආතතියට ලක්වීම
ADHD රෝගය හා මිත්‍යා විශ්වාස
මෙම රෝගය මොළයේ පවතින රසායනිකයන්ගේ අසමතුලිතතාව මත පමණක් ඇතිවන්නක් මිස වෙනත් හේතු මත ඇති නොවේ.
පරිගණක ක්‍රීඩා කිරීම නිසා
රූපවාහිනිය නැරඹීම නිසා
විටමින් වැඩිවීම
ශරීරය තුළ සීනි වැඩිවීම
දෙමාපියන් තුළ පවතින ගැටලු හේතුවෙන්
ADHD රෝගය සඳහා ප්‍රතිකාර
ඖෂධ ප්‍රතිකාර හා විශේෂ ක්‍රියාකාරකම් සහිත චර්යාත්මක ප්‍රතිකාර තුළින් මෙවැනි රෝගියකු සාමාන්‍ය තත්ත්වයට පත්කරගත හැක. මීට අමතරව,
දරුවා කාලසටහනකට අනුව වැඩ කිරීමට හුරු කිරීම.
දරුවාට දෙන අවවාද පැහැදිලිව හා කෙටිව ලබාදීම.
දරුවා සමඟ ආදරයෙන් ඇස් දෙක බලාගෙන කතා කිරීම.
දරුවා හොඳ ඇගයීමකට ලක් කිරීම
දරුවා පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටීම.
පාසල් වැඩ කටයුතු නිදහස් පරිසරයකදී කිරීමට අවශ්‍ය ඉඩ සලසාදීම.
එම වැඩ කුඩා කොටස් ආකාරයට සරල ලෙස ඔහුට ලබාදීම.
දරුවාගේ ගුරුවරුන් හට දරුවා පිළිබඳව පැවසීම, දරුවා පිළිබඳ සාකච්ඡා කිරීම.
දරුවාගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය.
රෝගියාගේ හැසිරීම් රටාව පිළිබඳ වාර්තාවක් පවත්වාගෙන යාම.
මෙම ක්‍රියාකාරකම් තුළින් ADHD රෝගියකු සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇත.
වැඩියෙන් දඟලන ලෙඩේ
Reviewed by CHAA MEDIA
on
March 23, 2019
Rating:
No comments: