උඩුපිල ග්‍රාමීය රෝහලලේ ගිලන්රථයේ රියදුරු නොමැති වීමෙන් තරුණියකගේ
ජීවිතක් බිලි ගත් අවාසනාවන්ත සිදුවීමක් ගැන දෙල්ගොඩ, උඩුපිල, ඉසිකිලකන්ද
ප්‍රදේශයෙන් වාර්තා විය.
ඊයේ(28) උදෑසන නවනුවර පාරේ උඩුපිල මංසන්ධියේ බස්රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් තුවාල ලැබූ එකම පවුලේ පියා සහ දියණිය උඩුපිල ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබේ.
අදාළ තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරුකර යැවීමට අවශ්‍යව ඇති අතර ගිලන්රථයේ රියදුරු නොමැති වීම නිසා ගිලන්රථය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වීම නිසා දියණිය මිගොස් තිබේ.
ගිලන් රථය ප්‍රමාද වීමට හේතුව ලෙස ගම්වාසීන් පවසන්නේ ගිලන්රථයේ රියදුරු බීමත්ව සිටීමයි.
ප්‍රදේශවාසින් පවසන අකාරයට අදාළ ගිලන් රථ රියදුරුගේ බීමත්කම හේතුවෙන් තවත් මරණ කිහිපයක්ම සිදුවු බවයි.
අදාළ සිද්ධියෙන් කුපිත වූ ගම්වාසීන් ඊයේ උඩුපිල ග්‍රාමීය රෝහල වටලනු ලැබූ අතර පසුව පොලීසිය විසින් සිද්ධිය සමතයකට පත් කෙරුණි.
නවනුවර පාරේ උඩුපිල මංසන්ධියේ බස්රථයක් සහ යතුරුපැදියක් ගැටී අනතුර සිදුවන ආකාරයද වෙළඳ සැලක සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවකද සටහන්ව තිබුණි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙල්ගොඩ, උඩුපිල, ඉසිකිලකන්ද ප්‍රදේශයෙ පදිංචි විදුනි ඉරේෂිකා නැමති 24 හැවිරිදි පෙරපාසල් ගුරුවරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගිලන්රථය ප්‍රමාද වී ජීවිතයට සමුදුන් ඉරේෂිකා-වරද කාගේද?
Reviewed by CHAA MEDIA
on
March 01, 2019
Rating:
Reviewed by CHAA MEDIA
on
March 01, 2019
Rating:

No comments: