Seo Services

ගඩුගුඩා ලෙලි මාළුව

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
ගඩුගුඩා ලෙලි ග්‍රෑම් 250
රතුලූනු අහුරක්
අමුමිරිස් කරල් 2ක්
ලුණු රසට අනුව
උම්බලකඩ කැබැලි
තේ හැඳි 2ක්
රම්පේ කැබැල්ලක්
උළුහාල් ඇට තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
අමු තුනපහ කුඩු
තේ හැඳි 1
තෙල් මේස හැඳි 2ක්
දියකිරි අඬු කෝප්ප 1
මිටිකිරි අඬු කෝප්ප 1

සාදන ආකාරය
ගඩුගුඩා ලෙලි ටික සෝදා බඳුනකට දමන්න. එයට ලුණු, කහ, තුනපහ කුඩු, උම්බලකඩ දමා අතගා ටික වේලාවක් තබන්න. දැන් සුදුසු භාජනයක් ළිප තබන්න. රත්වන විට තෙල් ටික දමන්න. රතු ලූනු සුද්දකර සෝදා ගෙඩි පිටින්ම දමන්න. උළුහාල්, රම්පේ දමන්න. දැන් ගඩුගුඩා ලෙලි ටික දමා තරමක් තෙම්පරාදු කරගන්න.
ඉන්පසු දියකිරි ටික දමා ඉතාම මදගින්දරේ තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බිගෙන එන විට මිටිකිරි දමා නටවා බිමට බාගන්න. මෙය ඉතාම රසවත් ව්‍යංජනයකි. තලනබටු ව්‍යංජනයට සමාන රසයකින් යුක්තය.

උපදෙස් ප්‍රවීණ සූපවේදි සුජිත් ආරියරත්න
සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න
ගඩුගුඩා ලෙලි මාළුව ගඩුගුඩා ලෙලි මාළුව Reviewed by CHAA MEDIA on March 21, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.