ගර්භනී සමයේදී කාන්තාවක් දියවැඩියා රෝගයට ගොදුරු වුවහොත් එය ගර්භනීභාවය
හේතුවෙන් හට ගන්නා දෙයක් පමණක් නොව, දියවැඩියා රෝගය ඇති වීමට යම්
කාන්තාවකගේ ජීවන රටාවත්, ජානවල බලපෑමත් හේතු වන්නේය. ආසියාතිකයන් වන අප
දියවැඩියාව ඇති වීමේ ජානවලින් පොහොසත් වූවෝ වෙති. එසේම අපගේ ආහාර රටාව
විශේෂයෙන්ම කාබෝහයිඩේ්‍රට් ආහාර වැඩි වශයෙන් ගැනීම හා පැණි රස අධික ආහාර
ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීමත්, කය වෙහෙසා වැඩ නොකර සිටීමත් හේතුවෙන්
දියවැඩියා රෝගයට පහසුවෙන් ළඟාවීමේ හැකියාව පවතී.
ඇතැම් කාන්තාවන් රුධිරය පරීක්ෂා කිරීමේදී ඒ බව දැන ගැනීමට හැකි වුවද තවත් පිරිසකට ඒ බව දැන ගැනීමට අවස්ථාවක් නොලැබෙණුයේ එය ශරීරයේ සැඟ වී ඇති බැවිනි. මෙසේ රෝගය ශරීරයේ සැඟ වී තිබි ගර්භනී අවස්ථාවේදී සිරුරේ සිදුවන හෝර්මෝන වෙනස් වීම හා මානසික ආතතිය හේතුවෙන් දියවැඩියා රෝගය මතු වේ.
මෙසේ මතුවන දියවැඩියාව හෙවත් රුධිරගත සීනි මට්ටම ඉහළ ගොස් සිටින මවක් ඒ බව නොදැන ඇයගේ පෝෂණය වැඩි කළ යුතු යැයි සිතා ඇය අවට සිටින්නවුන් වැඩි වැඩියෙන් ඇයට ආහාරපාන ලබා දේ.
එසේ වැඩි වැඩියෙන් ආහාරපාන ලබා දෙනුයේ දෙන්නෙකුට කෑම අවශ්‍ය බව පවසමින්ය. එම ක්‍රියාව මවගේ ස්ථූලතාවය වැඩි කිරීමට හේතු වන්නේය. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මව දියවැඩියාවට ගොදුරු වීමය.
දරුවා බිහි කළ පසුවද දරුවාට කිරි දීමට අවශ්‍ය යැයි පවසමින් එම මවට වැඩි වැඩියෙන් ආහාර ලබා දේ. එහිදීද මවගේ ස්ථූලභාවය වැඩි වේ. කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කළ පසුව කාන්තාවක් මහත් විය යුතු යැයි සමාජයේ පවතින විශ්වාස මිථ්‍යාවකි. කාන්තාවක් සෑම විටම තමන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය එනම් උසට සරිලන බර හැමවිටම පවත්වාගෙන යා යුතුය.
කාන්තාවක් දියවැඩියාව රෝගයෙන් පෙළෙන්නේ නම් ඇය ගැබ් ගැනීමට පෙර දියවැඩියා රෝගය පාලනය කළ යුතු වේ. නැතහොත් කුස තුළ වැඩෙන කලලයට හානි වේ. එහෙත් අවාසනාවකට අපගේ ගර්භනී කාන්තාවන්ට වැඩි වැඩියෙන් පෝෂණය ලබා දී ඔවුන්ව දියවැඩියා රෝගීන් කිරීම නොදැනුවත්කම මත සිදුවන්නක් විය හැකිය.
දියවැඩියා රෝගය පාලනය කර නොගෙන යම් කාන්තාවක් ගැබ් ගන්නේ නම් එවිට ඇයගේ කුස තුළ වැඩෙන කලලය ගබ්සා වීමට හෝ, මළදරු උපතක් සිදුවීමට ඉඩ ඇත.
එසේම දියවැඩියාව පවතින මවකගේ ගර්භාෂයේ පැවැති තරළය වැඩි වේ. මේ හේතුවෙන් දරුවා විශාල වේ. මෙවන් දරුවෙකු බිහි කිරීමේදී මවකට විශාල වශයෙන් අපහසුතාවන් ඇති වේ. එසේම දරුවාටද හානිදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. මෙම දරුවන් අධික බරින් යුක්ත විය හැකිය.
එසේම දරුවා කහවීමට දියවැඩියාව හේතුවක් වන බව සොයා ගෙන තිබේ. වැදෑමහේ වෙනස් වීම හේතුවෙන් රුධිර සැපයීම අඩු වී දරුවාගේ වර්ධනය අඩු වීමටද පුළුවන. ඒ අනුව දුර්වල දරුවෙකුද බිහි විය හැකිය. දියවැඩියාව හේතුවෙන් ගර්භාෂයේ භ්‍රෑම තරල වැඩි වීම ගර්භය විශාල වීමට හේතුවක් වන්නේය.
මව දියවැඩියා රෝගියෙකු නම් කුස තුළ සිටින දරුවාද අනාගතයේදී දියවැඩියා රෝගියෙකු බවට පත්වන බව පර්යේෂණයන් මගින් අද වන විට තහවුරු කර තිබේ. දියවැඩියා වර්ගයන් දෙවර්ගයක් පවතී. එය පළමු හා දෙවන යනුවෙන් හදුන්වා දිය හැකිය.
පළමු වර්ගයේ දියවැඩියා යනු ඉන්සියුලින් අවශ්‍ය වන දියවැඩියාවයි. මෙය කුඩා දරුවන්ට බොහෝ විට වැළඳෙන්නකි.
අති බහුතරයකට ඇති වන්නේ දෙවන වර්ගයේ දියවැඩියාවයි. ස්ථූලතාවය වැඩි වීම හා ශරීරයේ ඉන්සියුුලින් ප්‍රතිරෝදය වැඩි වීම මත මෙම තත්ත්වය ඇති වේ.
මව්වරුන් බොහෝ දෙනෙකුට තමන් දැන හෝ නොදැන දියවැඩියා තිබිමට පුළුවන. ගර්භනී අවස්ථාවේදී සති 12 සිට ඇති වේ. ගර්භනීභාවය නිසා වැදෑමහෙන් නිපදවන නොයෙකුත් හෝර්මෝන වර්ගයන් හේතුවෙන් ඇතිවන ඉන්සියුලින් ප්‍රතිරෝදය වැඩි වීම දියවැඩියාව ඇති වීමට හේතු වේ.
මානසික ආතතියද දියවැඩියාවට හේතුවක් වන්නේය. එවැනි මව්වරුන් අනාගතයේදී දෙවන වර්ගයේ දියවැඩියාවට ගොදුරු වීමේ අවස්ථාව ඇති වේ.
කෙනෙකුට රෝගය සැඟවී තිබෙන අතර, යම් මානසික ආතතියක් පැන නැගුණහොත් රෝගය මතු වේ.
දරුවා උපදින විට කෙට්ටු නම් හෝ මහත නම් එම දරුවා රෝගියෙකු වන්නේ යැයි අපට අනුමාන කළ හැකිය. කලලයක් ලෙස කාන්තාවක් මවගේ කුස තුළ වැඩෙමින් බිහි වී, යෞවනයට පත් වී, විවාහ වී ඇයත් ගර්භනී කාන්තාවක් වන්නේය.
ඇය දරුගැබ තුළ සිටින විට මවට දියවැඩියාව ති පාලනය නොවුණහොත් එම දරුවා මහත හෝ කෙට්ටු බවට පත් වේ. දියවැඩියා හැදෙන්න තියෙන ජානවලට අහිතකර තත්ත්වයන් ඇති වී දියවැඩියා වැළඳේ. දරුවා කෙට්ටු වූයේ නම් දරුවාට බලෙන් කැවීම නිසා රෝගී වේ. යම් දරුවෙකුගේ අධික තරබාරුව රෝගවල ආරම්භයයි.
යෞවනයට එළැඹෙන විට ආර්තවය නිසි පරිදි සිදු නොවේ. පසු කලෙකදී දරුවෙකු පිළිසිඳ ගැනීමේ අවස්ථාව මඟහැරී යාමටද මෙය හේතුවක් වන්නේය. දියවැඩියාව පාලනය නොකළහොත් පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයකි.
කාන්තාවගේ ජීවන රටාව නිවැරදිව පාලනය කරන්නේ නම් දියවැඩියා පාලනය කර හෝ රෝගය නොසෑදී නම් නිරෝගී පරපුරක් බිහි වීම වන්නේය.
කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ ගාමිණි පෙරේරා
සටහන : ශියානි විජේසිංහ

ගර්භනී මවට දියවැඩියා වැළඳී ඇත්නම් දරුවාටද දියවැඩියා වැළඳීමේ අවදානමක්
Reviewed by CHAA MEDIA
on
March 21, 2019
Rating:
No comments: