Seo Services

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් සමුගනියි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
සුජීව තත්සර සහ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්‌ 
සම්මානනීය ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය ඊයේ (29 දා) අභාවප්‍රාප්ත වූවාය.

 කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහත්මිය 79 වැනි වියෙහි පසු වූවාය. ගායන ශිල්පිනියක ලෙස සුවහසක්‌ වූ රසික ජනතාවගේ සිත් සතන් පිනවූ ඇය ගීත විශාල ප්‍රමාණයක්‌ ගායන කළ මෙරට බිහි වූ දක්‌ෂ චිත්‍රපට පසුබිම් ගායිකාවක ද වූවාය.

 'ආදර අඹරේ' ගීතය ගයමින් ගායන දිවියට ප්‍රවිෂ්ට වූ ඇය 'සිනමා අඹරේ රීදි සීනුව' යන විරුදාවලියද ලැබුqවාය.

 1970 දී තිරගත වූ 'රන් මිණි මුතු' චිත්‍රපටයේදී නැසි ගිය ප්‍රවීණ ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන් සමඟ 'නා ලොවින් පෑවූ' නම් ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායිකාවක වූ ඇය අනතුරුව 'මියුරු පෙම් මදිරාවේ', 'අමර පෙම් ලතාවේ', 'මා එදා', 'පාට පොදක්‌ තිලකලා', 'පෙම්වතියන්ගේ', 'ඉර සඳ වැඳලා', 'උන්නා එක ගංගාවක', 'සෙනෙහස පෑවා', 'සිටු මැඳුරේ හෝ', 'සුදු පාට මිදුම්', 'රන් කෙන්දෙන්', 'තනියෙ ආවාරේ', 'බංගලි වළලු', 'නීල ගොයම්', හදවත මාගේ', 'කලක්‌ තිස්‌සේ, 'නුපුරුදු හැඟුමන්', 'එකමුතුකම', 'දුහුල් මිදුමේ, 'හඳ ගුවන් තලේ', 'කවදා හෝ මා' සහ 'කලියුග කාලේ' ඇතුළු ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගීත ඇතුළු ගීත රැසක්‌ ගායනා කරමින් මෙරට ගී රසකාමීන් අමන්දානන්දයට පත් කළාය.

 ගායන ශිල්පිනියක ලෙස අවස්‌ථා ගණනාවකදී සම්මානයට පාත්‍ර වූ ඇය 1998 දී ජීවිතයට එක්‌ වරක්‌ පමණක්‌ ලැබිය හැකි රණ තිසර සම්මානයෙන් ද පුද ලැබුවාය. 2010 දී අගරදගුරුතුමන්ගේ සුරතින් කිතුනු සංගමය පිරිනැමූ විශේෂ සම්මානයක්‌ ද හිමි කර ගත්තාය.

 චිත්‍රපට පසුබිම් ගායනයට අමතරව ටෙලිනාට්‍ය ගණනාවකදීÊතේමා ගීත ගැයූ ඇය ජාතික රූපවාහිනියේ ජනප්‍රිය ටෙලි නාටකයක්‌ වූ 'සුජාත දියණි' හී තේමා ගීතය ද ගායනා කළාය.

 ලෙස්‌ලි ගුණතිලක මහතා සමඟ යුග දිවි ගමන් ඇරඹූ ඇන්ජලින් ගුණතිලක මහත්මිය දියණියන් දෙදෙනකුගේ දයාබර මෑණියන් වූවාය.

 අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පාගොඩ පාර නුගේගොඩ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් සමුගනියි ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් සමුගනියි Reviewed by CHAA MEDIA on March 30, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.