Seo Services

යාපා පටුනේ සිංහල ආරිය රජ පෙළපත හා ද්‍රවිඩ බෙදුම්වාදය බිඳ වැටීම 03 - මලබාර් ද්‍රවිඩයන්ට යාපනේ පාරම්පරික ඉඩම් නැත

jaffnaමාදම්පේ ටික්කම පරපුරේ තනියවැල්ල රජුගේ දියණියක් හා විවාහ වුණු වීදිය අරසන් ගේ දරුවන් වූයේ වීදිය බණ්ඩාර (උපත ක‍්‍රි.ව. 1505) නම් (ක‍්‍රි.ව. 1555-1556) යාපනේ කොටසක (තාරා කුලියේ) රජ වූ XI සේතුරාජසේකර රජු නම් විය. වීදිය බණ්ඩාරගේ සොහොයුරු වූ තම්විට සූරිය බණ්ඩාර (පිලැස්සේ) විය. මේ කුමාරවරුන් දෙදෙනාට තම පියා විසින් වෙන් කළ යාපනේ විශාල ඉඩම් කොටසක් ඇත. වීදිය බණ්ඩාර පැලඳිනුවර රජු/ යාපනේ රජු දෙවන වරට සීතාවක මායාදුන්නේ රජුගේ දියණිය වූ ටිකිරි බණ්ඩාර සමඟ විවාහයෙන් ලැබූ පුතු වූ සූරිය බණ්ඩාර කුමාරයා (උපත ක‍්‍රි.ව. 1550) ට තම ඇවැස්ස මාමා වන සීතාවක I රාජසිංහ රජු විසින් ලබාදුන් තුඩුගල සන්නසින් [දෙදිවල, පනාපිටිය(සන්නස්වත්ත), පාතකඩ, තුඩුගල, හේනගම] ගම් පරපුරට තුඩුගල සන්නසින් ලබාදුනි. සූරිය බණ්ඩාර කුමාරයා, කීරවැල්ල බිසවක් හා විවාහ වීමෙන් ලැබූ පුතු වූ ඉතාරා බණ්ඩාර (උපත ක‍්‍රි.ව. 1575) ද කීරවැල්ල කුමරියක් හා විවාහයෙන් ලැබූ පුතුන් වූ තුඩුගල තෙන්නකෝන් මන් දොන් අප්පුහාමි/ දොන් මැනුවෙල් (උපත ක‍්‍රි.ව. 1612) ද, තුඩුගල මද්දුම රාල/ දොමි පෙඞ්රෝ (උපත ක‍්‍රි.ව. 1614) ද, වීදාගම කුමාරිහාමි ද, පොඩි අප්පුහාමි ද විය. තුඩුගල මද්දුමරාල විවාහ වූයේ බ‍්‍රහ්මන වංශික ඇලපාත පරපුරෙනි. එම විවාහයෙන් ලත් පුතු වූ තුඩුගල තෙන්නකෝන් (උපත ක‍්‍රි.ව. 1632) විවාහ වූයේ අඹන්වෙල රාලගේ සොහොයුරිය වූ කෝරලගේ දෝන ඇනා බි‍්‍රටෝ සමඟය. එම විවාහයෙන් ලත් පුතුන් වූ තුඩුගල තෙන්නකෝන් නවරත්න අප්පුහාමි (උපත ක‍්‍රි.ව. 1655) විය. අනෙක් පුතු වූ තුඩුගලගේ ජෝන් ෂ අප්පුහාමි (උපත ක‍්‍රි.ව. 1658) වූ සෙපරමාදු/ කොමාන්ඩොර්/ දිශාලේකම් සෙනධි/ සේනාරත්න විවාහ වූයේ තලංගම කීරවැල්ලේ දිසානායක නත්ජිරිහාමි කුමරිය සමඟය. (ක‍්‍රි.ව. 1693) දීය. එම දෙපළගේ පුතු වූ තුඩුගලගේ ජෝන් II විවාහ වූයේ (ක‍්‍රි.ව. 1726 දී) හේවාගම දැඩිගමුවේ කීරවැල්ලේ දිසානායක මිගෙල් ගේ දියණියක් වූ දොන් ගිමාරා සමඟය. එම දෙපළගේ පුත් (උපත ක‍්‍රි.ව. 1738) 

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
තුඩුගලගේ දොන් ඒබ‍්‍රහ්ම් /අබරන් කංකානම්/සෙනධි/ සේනාරත්න සෙපරමාදු මෙරඤ්ඤ තනතුර (සේනාධිපති හා විමර්ශක/ පරීක්‍ෂක) සහ මතුගම ඉද්දගොඩ පත්තුවේ ප‍්‍රධානියා විය. ඔහු විවාහ වූයේ කෝරළගේ බි‍්‍රටෝ පරපුරේ දන්වත්ත ලියනගේ තනතුර දැරූ කෝරලගේ දොන් පිලිප්පු (උපත ක‍්‍රි.ව. 1725) යේ දියණියක් වූ සහ කෝරළගේ සින්නෝ අප්පෝගේ සොහොයුරිය වූ ඉසබෙලා කුමරිය සමඟය. උඩරට ක‍්‍රි.ව. 1761 දී සියම් කුමාරයකු රජ කරවීමේ කැරැල්ලෙන් පසුව ඉද්දගොඩ හා දෙල්ගොඩ අතහැර තම පරපුරට හිමි පනාපිටියේ සන්නස්වත්ත වලව්වේ සහ තුඩුගල වලව්වේ දේපළ භුක්ති විඳින ලදී. දෙවන වරට මහව සෙනේවල වලව්වෙන් ගෙන ආ සිංහල ටික්කම පරපුරේ රජකුමරකු මහනුවර රජකමට පත් කිරීමට හා ක‍්‍රි.ව. 1765 දී උඩරට ද්‍රවිඩ රජු නෙරපීමේ කැරැල්ල අසාර්ථක වීමෙන් පසුව තුඩුගල අතහැර පනාපිටිය සන්නස්වත්ත වලව්වේ වාසය කරන ලදී. ඔහුගේ පුත් වූ තුඩුගලගේ සෙපරමාදු මෙරඤ්ඤ දොන් අන්දිරිස් සෙනධි/ සේනාරත්න අප්පුහාමි/ (උපත ක‍්‍රි. ව. 1777) පනාපිටිය සන්නස්වත්තේ රජ්ජුරුවෝ විවාහ වූයේ පානම සමරවීර රජුගේ පරපුරින් ආ ඕවිටිගල වලව්වේ සමරවීර මුදලිගේ දෝන රෙජිනා ලමාතැනී සමඟය. ඒ දෙපළගේ පුත් වූ තුඩුගල එස්. එම්. ඞී. පීරිස් අප්පුහාමි සේනාරත්න හාමු (උපත ක‍්‍රි.ව. 1814-07-07) මහතා විවාහ වූයේ වීදාගම කුමාරිහාමිගේ හා ඒදඬුවාවගේ තෙන්නකෝන් පරපුරෙන් ක‍්‍රි. ව. 1681 දී පමණ පරදුව වලව්වට ආ තෙන්නකෝන් මුදියන්සේලාගේ දෝන ජුසන්තිකා තෙන්නකෝන් (උපත ක‍්‍රි.ව. 1829-05-02) හාමු මැතිනිය සමඟය (ක‍්‍රි.ව. 1847 දී ය). ඒ දෙපළගේ පුත් තුඩුගල එස්. එම්. ඞී. සීමන් / සයිමන් /පුලේන්ද්‍ර/ සේනාරත්න අප්පෝහාමි හාමු මහතා (උපත ක‍්‍රි.ව. 1848) පනාපිටියේ සන්තස්වත්ත වලව්වේ සිටි අතර ඔහු විවාහ වූයේ මතු කෝරළයේ අදෝ අප්පෝගේ සොහොයුරිය සමඟය. (ක‍්‍රි.ව. 1872) එම දෙපළගේ පුත් එස්. එම්. ඞී. පේමිස් අප්පුහාමි සේනාරත්න හාමු මහතා (උපත ක‍්‍රි.ව. 1883) පනාපිටියේ සන්නස්වත්ත වලව්වේ ඉඩමේ සටන් පුහුණු කළ
කරනංගොඩ වාසය කළ අතර ඔහු විවාහ වූයේ, වීදිය බණ්ඩාරගේ සොහොයුරු වූ තම්මිට සූරිය බණ්ඩාර අධිකාරම් අභයකෝන් සිරිවර්ධන තඹවිට රාලගේ දෝන එමිනෝනා ගුණසේකර යාලගල වලව්වේ වෙදහාමිනේ සමඟය. ඒ දෙපළගේ පළමු පුතු මාවනැල්ල රජ මහා විහාර කීපයකම විහාරාධිපති සහ තල්පිටිය දළදා වත්ත රජමහා විහාරයේ විහාරාධිපති සහ කලපුගම ශ‍්‍රී සුමංගලාරාමාධිපති වූ (පනාපිටියේ) චන්ද්‍රජෝති මහා නායක ස්වාමින් වහන්සේය. මා හිමිගේ බාල දියණිය වූ විශ‍්‍රාමලත් පාඨශාලාචාරිනී එස්. එම්. ඞී. ටී. සේනාරත්න කුමාරිහාමි හාමු මැතිනිය අවුරුදු 92 ආයුෂ 2018 දක්වා විඳ ඇත. රූපය (1) ඇය වීදිය බණ්ඩාරගේ පුත් සූර්ය බණ්ඩාර කුමාරයාගේ පරපුර (0) ලෙස සලකා බැලූව හොත් එම පරපුරේ 11 වන පරපුරේ උරුමක්කාරිය වේ. ඇය උඩරට කිරුළේ සහ යාපාපටුනේ කිරුළේ උරුමක්කාරිය ද වේ. ඇයගේ දෙවන පුතු උඩරට හා යාපනේ කිරුළේ වත්මන් උරුමකරු ලෙසට මහනුවර සිංහල ක්‍ෂත‍්‍රීය මණ්ඩල වර්ග සභාවෙන් ක‍්‍රි. ව. 1998 දී නාථ දේවාලයේ දී චාරිත‍්‍ර සිදුකර රාජාභිෂේක කර ඇති ටික්කම මහින්ද කුමරුයි. (රූපය 2)
jaffna1ටික්කම මහින්ද කුමරුන් විවාහ වූයේ, යාපනේ (ක‍්‍රි.ව. 1454-1471) VII සේතු රාජසේකර නමින් රජවූ ටිකාගෝත‍්‍ර (ටික්කම) සපුමල් කුමරුගේ මවගේ පරපුර වන වම් දළදා ලක්දිවට ගෙන ආ සූරිය වංශික ඔක්කාක දන්ත හේමමාලා කීරවැල්ල පරපුරේ ප‍්‍රදීපිකා කීරවැල්ල කුමරිය සමඟය.
යාපනේ අවසන් රජු වූ II සංගිලි රජු හා බිසව ඇතුළු ඇමැතිවරු 10 දෙනාම සිංහල බෞද්ධයන් බව කිවුරෝස් විසින්ද තහවුරු කර ඇත. II සංගිලි රජුගේ දියණිය (උපත ක‍්‍රි.ව. 1608) දෝන ඉසබෙලා ක‍්‍රි.ව. 1628 දී විවාහ වූයේ, උඩරට ඔටුන්න හිමි දෝන කැතිරිනා රැජිණගේ හා විමලධර්මසූරිය රජුගේ පුත් වූ ඌව කෝරළේ (උපත ක‍්‍රි.ව. 1601) කුමාරසිංහ රජු (විවාහය අවුරුදු 27 දී විය) සමගය. රාජ්‍ය ලේඛනාගාරයේ ඇති තුඩුගල පරපුර පොතේ මෙම පරපුරු පැවති ආකාරය පහත පරිදි විස්තර කර ඇත. එම විවාහයෙන් ලැබූ පුතු අඹන්වෙල රාල නම් කෝරලගේ දොන් වින්තුර බි‍්‍රටෝ විය. ඔහුගේ නැගණිය කෝරළගේ දෝන ඇනා බි‍්‍රටෝ ඉහත කී වීදිය බණ්ඩාර පරපුර සමග විවාහ විය. මේ ක‍්‍රමයට ඇවැස්ස නෑකම මත කෝරළගේ පරපුර හා වීදිය බණ්ඩාරගේ තුඩුගල සේනාරත්න පරපුර අද දක්වා යාපනයේ කිරුළේ උරුමය හා උඩරට කිරුළේ උරුමය පවත්වාගෙන යති. එසේ II සංගිලි රජුගෙන් (0) ලෙසට පටන්ගත් පරපුරේ 11 වන උරුමක්කාරිය වන එස්. එම්. ඞී. ටී. සේනාරත්න කුමාරිහාමි හාමු මහත්මිය (දැනට අවුරුදු 92 වයස ගෙවමින් සිටියි.) ඇයගේ ගේ සහ යාපනේ ටික්කම මානායි මන්ත‍්‍රී මාලිගය සෑදූ ටිකාගෝත‍්‍ර සපුමල් කුමරුගේ 19 මුණුබුරු වන ටික්කමගේ ආරියදාස සෝමපාල අප්පෝ ගේ දෙවන පුත‍්‍ර යාපනේ හා උඩරට කිරුළ හිමි ටික්කම මහින්ද කුමරු කියා සිටින්නේ තම පරපුරට සහ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් යාපනේ හා ත‍්‍රිකුණාමලයේ හා මඩකලපුවේ විශාල වශයෙන් ඇති බවත් ඒවා ද්‍රවිඩයන්ට නොව ඔවුන්ට නැවත ලබා දෙන ලෙසට රජයට කියා සිටියි. ක‍්‍රි.ව. 1695 පසුව ඕලන්දයන් හා බි‍්‍රතාන්‍යයන් විසින් යාපනයට ගෙන ආ මලබාර් ද්‍රවිඩ වහලූන්ගෙන් පැවතෙන්නන්ට යාපනේ පාරම්පරික ඉඩම් නොමැති බවත් කුමරු රජයට කියා සිටියි. තවද එසේ ද්‍රවිඩයන්ට පාරම්පරික දේපළ තිබෙනවාය කියා රටේ වත්මන් ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට උපදෙස් දෙන උපදේශකයන්ට කුමරුන් අභියෝග කර සිටිනවා එම දේපළවල ඉතිහාසය පෙන්නා දෙන්න. එවකට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට යාපනේ ඊළාම් රාජ්‍යයක් පැවති බවට උපදෙස් දුන් උපදේශකයන් නිසා ඉන්දු /ලංකා රජීව් ගාන්ධි ගිිවිසුම් ඇතිවිය. රාජ්‍ය නායකයාව මෙම උපදේශකයන් විසින් රැවැට්ටීම දැන්වත් නතරකළ යුතුය. රජයේ නිලධාරීන් හා ආණ්ඩුක‍්‍රම හා ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණ කමිටුව මේ ඉතිහාසය දෙස බලා බෙදුම්වාදය හා ෆෙඩරල් අදහස ඉවත් කරගැනීමට මලබාර් වහලූන්ගෙන් පැවත එන වෙල්ලාහල කුල දේශපාලඥයන් දැනුවත් කළ යුතුය. එමගින් වාර්ගික අර්බුදයට හේතුවන අසත්‍ය ඉතිහාසය පාසල් පොත්වලින් ද ඉවත් කළ යුතුය. සත්‍ය යාපනේ ඉතිහාසය පාසල් පොත්වලට ඇතුල් කළ යුතුය.
ක‍්‍රි.ව. 1618 දී පෘතුගීසි යුගයේ දී සිංහල විදානේවරුන් සහ කෝරලවල ජනයා විසින් පෘතුගීසීන් වෙත ගෙවන ලද හිලව් බදු Vol- 1 හා Vol- 2 Porthugees forals තෝම්බු ලේඛන ඇසුරෙන් විස්තර පැහැදිලි කර ඇත. එහි පහතරට පදිංචිව පැවති ද්‍රවිඩ ජනයාගේ කෝරළ ගැන හෝ ද්‍රවිඩ විදානවරු හෝ ද්‍රවිඩ මලබාර් නිලධාරීන්ගේ නම් කිසිවක් එහි නොවීය. ඇත්තේ සිංහල නිලධාරීන් සහ සිංහල ජනයා විසින් ගෙවන ලද ඉඩම් හා බදු තොරතුරු පමණි. ද්‍රවිඩ නිජ බිමක ඉතිහාසයක් එම ලිපිගොනුවේ ඇත්තේම නැත. ඊට පසුව පෘතුගීසීන් ගෙන්වූ ද්‍රවිඩ වහල් කුරුම්බි ජනයා සහ ඕලන්දයන් ගෙන්වූ වෙල්ලාලර් වහල් ද්‍රවිඩ ජනයා සහ ඕලන්දයන් සහ ඉංග‍්‍රීසීන් ගෙන ආ මලබාර් වහල් වෙල්ලාහල ද්‍රවිඩ ජනයා ගැන පසුකලෙක ලංකා ඉතිහාසයට එක්විය.
යාපනයේ සිංහල ජනයාට හිමි ඉඩම්
jaffna2ක‍්‍රි. ව. 1505 දී යාපා පටුනේ රාජ්‍යයේ 120,000 ජනගහනයක් වාසය කළ බව පෝල් ඊ පීරිස් දැරනියගල විසින් සාධක ඉදිරිපත් කෙරේ. 65% සිංහල ජනතාවද, 19% මුස්ලිම් ජනයා ද, 15% වඩුකර් ද්‍රවිඩ සෙබළුද වාසල කළා. යාපනයේ ඕලන්ද යුගයේ පවා සිංහල මුදලි වරුන්ට හිමිව පැවති මුදල් ආරවුලක තොරතුරු අනුව යාපනේ පදිංචිව සිටි එම ඉඩම් හිමි සිංහල ජනයා ගැන තොරතුරු රාජ්‍ය ලේඛනාගාරයේ ඕලන්ද තෝම්බු අංක 4404 හි මෙසේ සඳහන් වේ. දොන් ඇලෙක්සැන්ඩර් වනිගරත්න මනන්පේරි මුදලිආර් ට එදිරිව අර්සකුලසූරිය යාපනේ මුදලියාර් ගේ මුදල් සම්බන්ධව නඩුව ක‍්‍රි.ව. 1765 සිට 1773 දක්වා පැවති බවත් එම ලේඛනයේ යාපනයේ ඉඩම් සම්බන්ධව සඳහන් වන තැන්වල සෙනෙවිරත්න කහඳව මුදලියර්ගේ උරුමයත්, කණ්ඩාව මුදියන්සේලාගේ උරුමයත් සහ සීමන් ප‍්‍රනාන්දු සිවේසනාජො පුල්ලේ අයගේ මැදිහත්වීම් ගැන එම නඩුවේ දක්නට ඇත. තවද 4393 ඕලන්ද තෝම්බුවේ යාපනයේ අග‍්‍රාමාත්‍යව සිටි අමරකෝන් මුදලිආර් ගේ පරපුරේ සහ ඔහුගේ පුතුන්ගේ දේපළ හා මුදල් ආරවුල් පිළිබඳ විස්තර ක‍්‍රි.ව. 1782 සිට ක‍්‍රි.ව. 1787 දක්වා තෝම්බු ලේඛනවල සඳහන් වේ. අමරකෝන් පරපුරේ දේපළ ඔවුන් යාපනෙන් ඉවත්වීමත් සමඟම ඔහු හා ගැටුණු කදිරගාමින් තමෝදරන් හා නාගනාදර් විසින් පසුකලක බි‍්‍රතාන්‍යයන් හරහා අත්පත් කර ගත් බව පෙනේ. මේ ආකාරයට යාපනයේ ගිණුම් වාර්තාවල ක‍්‍රි.ව. 1787 සිට 1788 දක්වා ඕලන්ද තෝම්බු අංක 3533 සිට 3555 දක්වා සිංහල ජනයාගේ නම් සහිතව මුදල් හුවමාරුව පිළිබඳව විස්තර සඳහන් වේ. මේ ආකාරයට ම ක‍්‍රි.ව. 1792 - 1793 දක්වා ලේඛනවල ද සිංහල ජනයාගේ තොරතුරු ගැනද සඳහන් වේ. මෙකල යාපනයට ගෙන්වන ලද වහලූන් සමග ජීවත්වීමට අකැමැති වූ සිංහල ජනයා වන්නියට උඩරටට පැමිණියා.
ක‍්‍රි.ව. 1793 පසුව තවද ඕලන්ද හා ඉංග‍්‍රීසි යුග වලදී පවා දුම්කොළ වගාකිරීම සඳහා යාපනේ ඉඩම් ඔවුන් විසින් බද්දට ලබාගත්තේ සිංහල රත්නසිංහ නමැත්තාගෙන් බවත්, ඒ සඳහා රික්ස් ඩොලර් 2000 ක් අවුරුද්දකට ගෙවන ලද බවට ලිඛිත සාක්‍ෂි ඉදිරිපත්කර ඇත. ඊට පසුව සිංහලයන් පන්නාදමා ඕලන්දයන් එම ඉඩම් බලයෙන් අත්පත්කර ඒවා මලබාර් වහලූන්ට ලබාදුනි. අද ඔවුන් ද්‍රවිඩ රාජ්‍යයක් පතති. එම මලබාර් ද්‍රවිඩ වහලූන් ගෙන් පැවතෙන්නන් ක‍්‍රි.ව. 1948 සිට අද දක්වා ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ව අල්ලේ නැටවීම පිළිබඳව විස්තරයක් මීළග ලිපියෙන් දැක්වේ.
ටික්කම මහින්ද කුමාර
යාපා පටුනේ සිංහල ආරිය රජ පෙළපත හා ද්‍රවිඩ බෙදුම්වාදය බිඳ වැටීම 03 - මලබාර් ද්‍රවිඩයන්ට යාපනේ පාරම්පරික ඉඩම් නැත යාපා පටුනේ සිංහල ආරිය රජ පෙළපත හා ද්‍රවිඩ බෙදුම්වාදය බිඳ වැටීම 03 - මලබාර් ද්‍රවිඩයන්ට යාපනේ පාරම්පරික ඉඩම් නැත Reviewed by CHAA MEDIA on February 23, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.