Seo Services

ත්‍රියෝ ප්‍රොන්ස්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
ඉස්සන් 9 ක්
ලුණු මේස හැඳි 2 ක්
දෙහි යුෂ මේස හැඳි 1 ක්
ගම්මිරිස් මේස හැඳි 2 ක්
තල තෙල් මේස හැඳි 1 ක්
සෝයා සෝස් මේස හැඳි 2 ක්
අබ ක්‍රීම් මේස හැඳි 1 ක්
පාන් පිටි ග්‍රෑම් 50 ක්
කෝන්ෆ්ලා ග්‍රෑම් 25 ක්
සීතල වතුර අඬු කෝප්ප 1/4 ක්
බිත්තර 2 ක්
තක්කාලි සෝස් මේස හැඳි 3 ක්

සාදන ක්‍රමය
මෙම ඉස්සන් සහිත ආහාරය තුන් ආකාරයකින් සාදාගත හැකිය.
පළමු ක්‍රමය බැටර් කරගත් ඉස්සන්ට පාන් පිටි, කෝන්ෆ්ලා, බිත්තර, ලුණු, ගම්මිරිස් සහ සීතල වතුර දමා මිශ්‍රකර ගන්න. පසුව එය ගැඹුරු තෙලේ බැදගත යුතුය.

දෙවැනි ක්‍රමය
ඉස්සන් ග්‍රිල්කර ගන්න. එයට ලුණු, දෙහි, ගම්මිරිස්, අබ ක්‍රිම්, සෝස් දමා හොඳින් කලවම්කර ගන්න. තත්ත්පර 10 කට පසුව රත්වූ උඳුනකට දමා එය පුලුස්සා ගන්න.

තුන්වැනි ක්‍රමය
පළමුව ඉස්සන් සීසන්කර ගන්න. එය ගැඹුරු තෙලේ බැදගන්න. එයට සෝයා සෝස්, තක්කාලි සෝස්, ලුණු, ගම්මිරිස් සමඟ ඉස්සන් ටික කලවම්කර ගන්න. මෙලෙස තුන් ආකාරයකම සෑදූ ඉස්සන් පිඟානක තබා මේසයට යැවිය හැකියි.
ත්‍රියෝ ප්‍රොන්ස් ත්‍රියෝ ප්‍රොන්ස් Reviewed by CHAA MEDIA on February 26, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.