Seo Services

රාත්‍රියට දහදිය දමන්නේ ඇයි?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
දහදිය දැමීම අපද්‍රව්‍ය බැහැර කිරීමට ඇති හොඳම මඟකි. එහෙත් පොළොවේ පය ගැසීමට බොහෝ දෙනෙක් අකැමැති සේම දහදිය දැමීමද නොරිස්සුම් සහගත අත්දැකීමක් බවට පත්වී ඇත.
රෝගයක් නොවුණද දහදිය දැමීම වැඩි දෙනකු ගැටලුවක් කර ගෙන ඇත. විශේෂයෙන් කාන්තා පක්ෂයට මෙය ජාතික ගැටලුවකි. ආර්තවහරණයත් සමඟ රාත්‍රියට දහදිය දැමීමේ, සුව නින්ද අහිමිවීමේ ගැටලුවට වඩාත් මුහුණ දෙන්නේ කාන්තා පක්ෂයයි.
රාත්‍රියට දහදිය දැමීමට ප්‍රධානම සහ සුලබම හේතුව ආර්තවහරණයයි. සැත්කමකින් ඩිම්බකෝෂ ඉවත් කිරීම තවත් හේතුවකි.
ආර්තවරහණය නිසා ඇතිවන දහදිය දැමීම කාන්තාවන් දස දෙනෙකුගෙන් අට දෙනකු පමණ අත්දකින්නකි. සමහරුන්ට කෙටි කාලයක් දහදිය දමන අතර දශකයක් හෝ ඊට වැඩි කාලයක් දහදිය දමන අයද සිටියි. සාමාන්‍යයෙන් හත් වසරක් පමණ මේ අත්දැකීම ලබන්නියෝ සිටිති.
මෙය වළක්වාගත හැකි ක්‍රමයක් නැතත් ආතතිය, කැෆේන් අඩංගු කෝපි වැනි පාන ගැනීම, කුළු බඩු අධික ආහාර ගැනීම, සිරුරට කිටි කිටියේ සිරවෙන ඇඳුම් ඇඳීම වැනි අපහසුතාව වැඩි කරන කරුණුවලින් ඈත්විය යුතුය.
ජලය පිරවූ කොට්ටයක නිදා ගැනීම, උදරයෙන් හුස්ම ගැනීම (මිනිත්තුවකට හය අට වරක් පමණ), උදේට, හැන්දෑවට, දහදිය දැමීම පටන් ගත් පසු උදරයෙන් හුස්ම ගැනීම, ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම, නැටීම වැනි ක්‍රියාකාරකම්වල දිනපතා යෙදීම. මේ අයට සහනයක් ලද හැකි මාර්ගය. මොවුනට වෛද්‍ය උපදෙස් පරිදි හෝර්මෝන ප්‍රතිෂ්ඨාපන ප්‍රතිකාර ලබාගත හැකිය.
සමහරුන්ගේ වැඩිපුර දහදිය නිපදවෙයි. ඒ හඳුනාගත හැකි කිසිදු හේතුවක් නොමැතිවය. ස්නායුමය, හෝර්මෝනමය ගැටලු මෙන්ම ආසාදන ද ඇතැම්විට අධික ලෙස දහදිය දැමීමට බලපායි. බොහෝවිට අධික ලෙස දහදිය දමන්නේ නිරෝගී පුද්ගලයන්ටය. මීට වෛද්‍ය ප්‍රතිකාර ද තිබේ.
ආසාදන ද දහදිය දැමීමට බලපායි. ක්ෂය රෝගය රාත්‍රී කාලයේ දහදිය දැමීමට බලපාන ප්‍රබල හේතුවකි. ඊට අමතරව බැක්ටීරියා ආසාදන (උදා: හෘද කපාටවල ඇතිවන ප්‍රදාහයන් වැනි), අස්ථිවල ඇතිවන ප්‍රදාහයන්, සැරව ගෙඩි වැනි ප්‍රදාහයන් රාත්‍රියට දහදිය දැමීමට හේතු වෙයි.
පිළිකා ඇතිවිට පෙන්වන මූලික ලකුණක් වන්නේ දහදිය දැමීමයි. විශේෂයෙන් වසා ගැටිති ආශ්‍රිත පිළිකාවලදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. එහෙත් දහදිය දැමීමට අමතරව හේතුවක් නැතිව බර අඩුවීම, උණ වැනි වෙනත් ලකුණු ද පිළිකාවක් ඇතිවිට හටගනී.
2019/02/20 තරුණි බලන්න.
රාත්‍රියට දහදිය දමන්නේ ඇයි? රාත්‍රියට දහදිය දමන්නේ ඇයි? Reviewed by CHAA MEDIA on February 19, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.