අවශ්‍ය ද්‍රව්‍ය
කජු කෝප්ප 2 1/2 යි
රට ඉඳි කෝප්ප 02 (ඇට ඉවත් කරගත්)
ක්ෂණික කෝපි තේ හැඳි 02යි
කොකෝවා පවුඩර් කෝප්ප 3/4යි
ලුණු රස පදමට
සාදන ක්‍රමය
මුලින් ම කජු කෝප්ප දෙක හොඳින් අඹරා ගන්න (බ්ලෙන්ඩරයක). එයට ම කොකෝවා පවුඩර්, ක්ෂණික කෝපි සහ ලුණු ද එක් කර නැවත අඹරාගෙන බඳුනකට දමාගන්න. පසුව රටඉඳි ද අඹරාගන්න (කුඩා කැබලි හිටින සේ). රටඉඳි මිශ්‍රණයට කජු මිශ්‍රණය එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් එයටම ඉතිරි කජු කෝප්ප 1/2 කුඩා කැබලිවලට කපාගෙන එකතු කරන්න. හොඳින් අනාගන්න. මෙම මිශ්‍රණය තෙල් කඩදාසියක් එලාගත් තැටියක දමා, අතින් තද කරමින් සකස් කරගන්න. පැයක් පමණ ශීතකරණයේ තබන්න. ඝන වූ පසු කැබැලි කපා පිළිගන්වන්න.
කාංචනා සිරිවර්ධන

උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති සෑදීම පිළිබඳ උපදේශිකා
සුජාතා ජයරත්න
නෝ බේක් කොෆි බ්‍රව්නීස්
Reviewed by CHAA MEDIA
on
February 24, 2019
Rating:

No comments: