Seo Services

ටියුෂන් පන්ති යන බව කියා නිවසින් පිටවූ පාසල් සිසුවා පාසල් නිළ ඇඳුමෙන්ම ජීවිතයට සමුදෙයි..!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මන්නාරමේ මාන්තෙයි ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඔහුගේ නිල ඇදුම පිටින්ම ගසක එල්ලී සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙම සිසුවා මන්නාරමේ කරුක්කන්ඩල් මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන එස්. නිර්මලන් නැමැති සිසුවෙකු බවට හඳුනාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම සිසුවා පාසලට ගොස් නිවසට පැමිණ ඇති අතර නැවත  උපකාරක පන්තියකට යාමට අවශ්‍ය බව කියමින් පාසල් නිළ ඇඳුමින්ම නිවසින් පිටව ගොස් තිබෙනවා.
එලෙස නිවසින් පිටව ගිය පාසල් සිසුවා රෑ වනතුරුත්   නිවසට නොපැමිණීම නිසා ඔහු ගැන සොයා බැලූ අවස්ථාවේදී මනල්කාඩු නැමැති ප්‍රදේශයේදී ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ මළ සිරුර හමු  වී තිබෙනවා.
සිසුවා සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මන්නාරම පොලීසිය සිසුවාගේ මළ සිරුර මන්නාරම රෝහල වෙත පරීක්ෂණ කටයුතු සදහා බාර දී තිබෙනවා.


ටියුෂන් පන්ති යන බව කියා නිවසින් පිටවූ පාසල් සිසුවා පාසල් නිළ ඇඳුමෙන්ම ජීවිතයට සමුදෙයි..! ටියුෂන් පන්ති යන බව කියා නිවසින් පිටවූ පාසල් සිසුවා පාසල් නිළ ඇඳුමෙන්ම ජීවිතයට සමුදෙයි..! Reviewed by CHAA MEDIA on February 17, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.