Seo Services

රිබන් කේක්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය:-
පිටි ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 500
බටර් ග්‍රෑම් 500
බිත්තර 8යි
බේකිං පවුඩර් ග්‍රෑම් 10
කිරි අඬු කෝප්ප 1/4
වැනිලා බිංදු කීපයක්
රතුපාට සහ කොළපාට වර්ණක
සාදන ආකාරය:-
බිත්තර කහමද, සුදුමද වෙන් කර ගන්න. පිටි සහ බේකිං පවුඩර් මිශ්‍ර කර හලා ගන්න. සුදුමද බිට් කර ගන්න. සීනි සහ බටර් වෙනම බිට් කර ගන්න. ඉන්පසු බටර් සහ සීනි මිශ්‍රණයට බිට් කරගත් සුදුමද එකතු කරන්න. දැන් එයට බිත්තර කහමදය බැගින් දමමින් බිට් කර ගන්න. ඉන්පසු වැනිලා එකතු කරන්න. මීළඟට පිටි ටික ටික දමමින් කලවම් කරගන්න. කිරි  අඬුකෝප්ප 1/4 ක් එකතු කරන්න. දැන් මේ බැටර් එක සමාන කොටස් 2කට වෙන්කර ගන්න. ඒ කොටස් 2ට පාට දෙක වෙන වෙනම කලවම් කරගන්න. හොඳින් තෙල් කඩදාසි දමා සකසා ගත් තැටියකට මුලින් එක වර්ණයක පිටි මිශ්‍රණය දමා හොඳින් තුනී කර ගන්න. දැන් ඉතිරි වර්ණය සහිත කොටස දමා ප්‍රවේසමෙන් තුනී කරගන්න. ඉන්පසු  175ංජ විනාඩි 35ක්ද ඉන්පසු 150ංC උෂ්ණත්වයේ විනාඩි 10ක්ද බේක් කර ගන්න.
රිබන් කේක් රිබන් කේක් Reviewed by CHAA MEDIA on January 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.