Seo Services

චොක්ලට් ගැටෝ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif  


අවශ්‍ය ද්‍රව්‍ය:-
චොක්ලට් ස්‍පොන්ජ් එකක්
විප් ක්‍රීම් මිලි ලීටර් 500
කොකෝවා පවුඩර් මේස හැඳි 1
වැනිලා තේ හැඳි 1/2
සීනි අඬු කෝප්ප 1/4
ග්‍රේට් කරගත් කොකෝවා අවශ්‍ය තරමට
සීනි සිරප් අඬු කෝප්පයක් පමණ
සාදන ආකාරය:-
කේක් එක ඔබ කැමති ලෙස රවුමට හෝ හතරැස් ලෙස කපා සකසා ගන්න. දැන් එය හරස් අතට පලා කොටස් 2ක් ලෙස සකසා ගන්න. දැන් විප් ක්‍රීම් ටික බඳුනකට දමා හොඳින් බිට් කරන්න. බිට් කරන අතරේ සීනි සහ කොකෝවා පවුඩර් එකතු කර දිගටම බිට් කරන්න.  වැනිලා ද එකතු කරන්න. එය පසෙකින් තබන්න.
දැන් කේක් එක කැබැල්ලක් ගෙන එය තබා පින්සලකින් සීනි සිරප් ටික ආ‍ලේප කර තෙත් කරගන්න. මීළඟට විප් ක්‍රීම් තට්ටුවක් ලෙස ආ‍ලේප කර ගන්න. දැන් ඒ මත අනෙක් කේක් කැබැල්ල තබා අතින් තද කරන්න. දැන් ඒ මතද හොඳින් විප් ක්‍රීම් තට්ටුවක් ලෙස දමාගන්න. මිළඟට මුළු කේක් එකම වැසෙන ආකාරයට විප් ක්‍රීම් ගා ගන්න. දැන් එහි පිටත දාරය දිගේ ග්‍රේට් කරගත් කුකිං චොක්ලට් කැබැලි අලවා ගන්න. ස්ටාර් ටිප් එක සහිත නොසලයකින් එහි දාර වලට රටා ඇදගන්න. කුකිං චොක්ලට් උඩින් ඉස සරසා ගන්න.
චොක්ලට් ගැටෝ චොක්ලට් ගැටෝ Reviewed by CHAA MEDIA on January 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.