Seo Services

ජපානයේ සුපිරි තරුව නයෝමි වාර්තා දෙකක් හඹා යයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩිකාවගේ වාර්තාවත්, වසර 4කට පසුව පිට පිට දෙවතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනූ පළමු ක්‍රීඩිකාවගේ වාර්තාවත් හඹා යාමේ අවස්ථාව සලසාගනිමින් ඊයේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ තරගයෙන් චෙක් රාජ්‍ය යේ කැරොලිනා ප්ලිස්කෝවා ලකුණු 6-2ක් සහ 6-4ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ජපානයේ සුපිරි ටෙනිස් තරුව නයෝමි ඔසාකා සමත්වූවාය.
21 හැවිරිදි මේ ක්‍රීඩිකාව මීට පෙර පසුගිය වසරේ පැවැති අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සෙරීනා විලියම්ස් පරදවා ශූරතාව දිනාගැනීමට සමත්වූ අතර මෙවර අවසන් පූර්ව තරගයට එක්වූයේ නැවත සෙරිනා ආපසු හරවා යවමිනි. මීට පෙර 2015දී අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවත් ඊළඟට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවත් දිනාගැනීමට සෙරීනා සමත්වීමෙන් පසුව පිට පිට ග්‍රෑන්ඩ් ස්ලැම් කුසලාන දෙකක් දිනාගැනීමට කිසිදු ක්‍රීඩිකාවක් සමත්වූයේ නැත.
හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේදී නයෝමිගේ ප්‍රතිවාදිනිය බවට පත්වී සිටින්නේ ද චෙක් රාජ්‍යයට අයත් ක්‍රීඩිකාවකි. මීට පෙර දෙවතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන දිනා ඇති චෙක් රාජ්‍යයේ 28 හැවිරිදි පෙට්රා ක්විටෝවා ඊයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අමෙරිකාවේ ඩැනියෙල් කොලින්ස් ලකුණු 7-6ක් සහ 6-0ක් ලෙස පරාජය කරමිනි.
ශ්‍රේණිගත කිරීම්වල අටවැනි තැන පසුවන ක්විටෝවා මීට පෙර 2012දී සහ 2014දී විම්බල්ඩන් ටෙනිස් කුසලාන දිනාගැනීමට සමත්වූ අතර වසර 2016දී සිය නිවසට කඩා වැදුණු මංකොල්ලකරුවකු සමග පොර බැදීමේදී පිහි ඇනුමකට ලක්ව කාලයක් ටෙනිස් පිටියෙන් ඉවත්ව සිටියාය. එම සිදුවීමේදී ඇය ටෙනිස් පිත්ත හසුරුවන වම් අතට පිහිපහර කිහිපයක් වැදී තිබූ අතර ඉදිරියේදී ඇයට ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදුවනු ඇතැයි එකළ විචාරකයෝ අනාවැකි පළ කළහ. මෙවර ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ අවසන් මහා තරගයේ ජයග්‍රාහිකාව ලොව අංක එකේ ක්‍රීඩිකාව බවට පත්වනු ඇත.

උපුටා ගැනීමhttp://www.dinamina.lk/sport

ජපානයේ සුපිරි තරුව නයෝමි වාර්තා දෙකක් හඹා යයි ජපානයේ සුපිරි තරුව නයෝමි වාර්තා දෙකක් හඹා යයි Reviewed by CHAA MEDIA on January 24, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.