Seo Services

විරාත් කෝලි ICC සම්මාන තුනම දිනා ගනියි .ICC වසරේ ටෙස්ට් කණ්ඩායමට දිමුත් නම් කෙරේ : වසරේ හොඳම විනිසුරු කුමාර් ධර්මසේන

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
වසරේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන ශ්‍රීමත් ගාර්ෆිල් සෝබර්ස් කුසලානය ඇතුළු ප්‍රධාන පෙළේ අයිසිසි කුසලාන තුනක් දිනා ගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා වීමට විරාත් කෝලි සමත් වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන උත්සවයේදී.
විරාත් කෝලි විසින් 2018 වසරේ අයිසිසි වසරේ ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සහ වසරේ එක්දින ක්‍රීඩකයා යන සම්මාන දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඊට අමතරව ඔහු වසරේ අයිසිසි ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ද නම් කර තිබෙනවා.
මේ අතර 2018 වසරේදී කෝලි ටෙස්ට් තරග 13කදී ශතක පහක් සමගින් ලකුණු 1,322ක් රැස් කර ගැනීමට සමත්ව ඇති අතර එක්දින තරග 14 කදී ශතක 06ක් සමගින් ලකුණු 1202ක් රැස් කර ගැනීමට සමත්ව තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද 2018 වසරේ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම් කර තිබෙනවා. අයිසිසි ය විසින් නම් කරන ලද මෙම කණ්ඩායමේ නායකත්වයට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි නම් කර ඇත.
අයිසිසි ය විසින් නම් කරන ලද වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් වී ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්න පමණක් වීමද විශේෂත්වයක්. එමෙන්ම එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඔහු නම් කර ඇති අතර ඔහු ගේ සහයක ආරම්භක පිතිකරු ලෙස නම් කර තිබෙන්නේ නවසීලන්ත පිලේ ටොම් ලතැම්ය.
අයිසිසි ය නම් කරන ලද වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා පිලේ කිසිදු ක්‍රීඩකයෙක් ඇතුලත් නොවීමද විශේෂත්වයක්.
මේ අතර අයිසිසිය විසින් පිරිනමන වසරේ හොදම විනිසුරුවරයාට හිමි ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සමත්ව තිබෙනවා. ඔහු හොඳම විනිසුරුවරයාට හිමි අයිසිසි සම්මානය දිනා ගනු ලැබූ දෙවන අවස්ථාව මෙය වනවා.


විරාත් කෝලි ICC සම්මාන තුනම දිනා ගනියි .ICC වසරේ ටෙස්ට් කණ්ඩායමට දිමුත් නම් කෙරේ : වසරේ හොඳම විනිසුරු කුමාර් ධර්මසේන විරාත් කෝලි ICC සම්මාන තුනම දිනා ගනියි .ICC වසරේ ටෙස්ට් කණ්ඩායමට දිමුත් නම් කෙරේ : වසරේ හොඳම විනිසුරු කුමාර් ධර්මසේන Reviewed by CHAA MEDIA on January 22, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.